|
පීකේ පීක් එකේ
PK චිත්‍රපටය විදෙස් රටවල පමණක් නොවෙයි ඉන්දියාවේත් ඉහළ සාර්ථකත්වයක් ලබා ගත් චිත්‍රපටයක්. චීනයේ තිරගත කිරීමත් සමඟින් එය ඉන්දිය රුපියල් කෝටි 300 ඉක්ම වූ අතර මේ වනවිට එය හොංකොංහි ප්‍රදර්ශනය අවසන් කර තිබෙනවා. PK ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 348ක් ඉපැයූ අතර විදෙස් රටවලින් ලද ආදායම ඉන්දීය රුපියල් කෝටි 303ක්. වීනය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ගල්ෆ් කලාපීය රටවල් සහ ඔස්ට්‍රේලියාව පමණක් නොවෙයි හොංකොං, තායිවානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය සහ ජර්මනියයේත් PK අති සාර්ථකව තිරගත වුණා. චීනයේ සිනමා ශාලා 4600ක එය තිරගත කෙරුණේ චීන භාෂාවට හඬ කැවීමෙන්. PK චිත්‍රපටයේ අමීර් ඛාන් නිරූපණය කරන්නේ අතරමං වූ පිටසක්වල පුද්ගලයෙකුගේ චරිතයක්. මෙහි ඔහු ආගම සහ දෙවියන් පිළිබඳ වූ සම්ප්‍රදායික යෙදුම්වලට අභියෝග එල්ල කරන අතර එය හින්දු විරෝධී යැයි ඇතැමුන් චෝදනා එල්ල කරනවා. අමීර් සමඟින් අනුෂ්කා ෂර්මා, සුෂාන්ත් සිං රාජ්පුත් සහ සන්ජේ දත් මෙහි චරිත නිරූපණය කරනවා.
|