|
රැජනගේ ඇඳුම හාස්‍යයට ලක්වෙලා
නපුරු රැජනක් වෙන්නේ කොහොමද? මේ ප්රශ්නය දැන් ඇති වෙලා තියෙන්නේ ඉන්දීය සිනමාවේ වික්‍රමාන්විත දෙමළ චිත්‍රපටයක් නිසා. චිම්බු දේවන් අධ්‍යක්ෂණය කරන Puli (පුලී) චිත්‍රපටයේ රැජනගේ ඇඳුම් මෝස්තර සමඟින් කොහොමද නපුරු රැජනකගේ පෙනුම ගන්නේ කියන එක ගැන දැන් කතා වෙන්න පටන් අරන්. ‘පුලී’ චිත්‍රපටය එක් තරුණයෙක් නපුරු රජෙකුගෙන් රැජනක් බේරා ගැනීමට අතීතයට යන ගමනක් ගැන කියවෙනවා. මේ චිත්‍රපටයේ රැජනගේ චරිතය නිරූපණය කරන්නේ ශ්‍රී දේවි. පුලී කියන්නේ ඓතිහාසික චිත්‍රපටයක් නොවෙයි කියලයි එහි නිර්මාණ කණ්ඩායම කියන්නේ. රැජනකගේ ඇඳුම් පැලදුම් සුවිශේෂ විය යුතුයි. නමුත් පුලී චිත්‍රපටයේ රැජනගේ ඇඳුම හාස්‍යයට ලක් වෙලා. නපුරු රැජනට නපුරු පෙනුමක් අත්‍යවශ්‍යයි කියලා ඒ දෙස බලන හැමෝම පවසනවා. හොලිවුඩ් චිත්‍රපටවල නපුරු රැජනගේ සහ මන්තරකාරියන්ගේ චරිත දෙස බැලුවොත් ඒවායෙත් විශේෂත්වයක් දකින්න පුළුවන්. ‘එන්චාන්ටඩ්’ චිත්‍රපටයේ සුසෑන් සැරන්ඩාන්ගේ චරිතය වගේම ‘මැලෆිෂන්’ චිත්‍රපටයේ ඇන්ජලීනා ජොලීගේ චරිතයත් ඒ වගේ චරිත. චාලිස් තෙරෝන් ‘ස්නෝවයිට්’ චිත්‍රපටයේ නපුරු රැජන වුණා. මේ චිත්රපටයවල මෝස්තර සමඟ බලනවිට පුලී චිත්‍රපටයේ ශ්‍රීදේවිගේ ඇඳුම අසාමාන්‍ය එකක් නොවෙයි. නමුත් බොලිවුඩයට එය තරමක් ආගන්තුක වෙලා. ඒ වුනත් හින්දි සිනමාවේ ජනප්‍රිය තරු ඒ වගේ අමුතු ඇඳුම් ඇඳ සිටි අවස්ථා තිබෙනවා. ‘සූර්යන්වංශි’ චිත්‍රපටයේ අම්රිතා සිං බලබාර් රත්රන් පිරි ඇඳුමකින් තමයි සැරසුණේ. ඒවගේම එහි සල්මන් ඛාන්ගේ පෙනුමත් රසික රසිකාවන්ට අමතක නැතුව ඇති. මෑතකදී තිරගත වුණු ‘ද්‍රෝනා’ චිත්‍රපටයේ කේ කේ මෙනොන් නපුරු මන්තරකාරයෙන් වුණත් ඔහු දුටු විට හසිනහ ගැන්වෙන ස්වරූපයක් තමයි තිබුණේ. අනූව දශකයේදී රේඛා ෆිල්ම් ෆෙයාර් සඟරාවක කවරය සරසා තිබුණේ, හරියට වොල්වරීන් චරිතය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයකට වගේ. ඒ නිසා අවබෝධයක් නැති අය පුලී චිත්‍රපටයේ රැජනගේ පෙනුමට සිනහ වුණත් ඒ වෙනුවෙන් ගැළපෙන ඇඳුම් මෝස්තර තෝරාගත් බවයි පුලී නිර්මාණ කණ්ඩායම පවසන්නේ. අද (ඔක්තෝබර් 01) සිට මෙම චිත්‍රපටය තිරගත කෙරෙන්න නියමිතයි. |