වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අනුෂ්කාගේ පැතුම ඉටුවේ

අනුෂ්කාගේ පැතුම ඉටුවේ

මෙතෙක් කාලයක් සිනමාවේ එකට රඟපාපු නැති දෙන්නෙක් එකට රඟපාන්න සූදානමින් සිටින බව ආරංචියි. නුදුරේදීම ප්‍රථම වතාවට රිදී තිරයෙන් එකට දකින්න ලැබෙන්නේ ඓෂ්වර්යා රායි බච්චන් සහ අනුෂ්කා ෂර්මා. ඒ කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරන්න නියමිත Ae Dil Mushkil  (ඒ දිල් මුෂ්ඛිල්) චිත්‍රපටයෙන්. එහි ඓෂ් සහ අනුෂ්කා සමඟින් ප්‍රධාන නළු චරිතය රඟපාන්න සූදානම් වන්නේ රන්බීර් කපූර්.

මේ චිත්‍රපටයේ ඓෂ් සහ අනුෂ්කා සහෝදරියන් වෙන්න නියමිතයි. ප්‍රධාන නිළි චරිතය හිමි වෙලා තියෙන්නේ අනුෂ්කාට. ඒ වුණත් මෙය තුන් කොන් ප්‍රේම කතාවක් නොවෙයිලු. එහි ඓෂ්ට තියෙන්නෙත් බොහොම ආකර්ෂනීය චරිතයක්ලු. අනුෂ්කා ඓෂ්වර්යා සමඟින් රඟපාන්න වගේම ඓෂ් රඟපාන හැටි බලන්නත් හරිම ආසාවෙන් සිටින බව තමයි ආරංචි.