|
දුකයි ඒත් සතුටුයි...ටෙලි තිරයේ ජනපි‍්‍රය තරු යුවළක් වූ මේනක, නෙහාරා දෙපළ අපටත් හොරා හිටි ගමන්ම මෙරටින් පිටවී අමෙරිකාවට යාම ගැන අප කනගාටුවන අතරම, ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා මෙරටින් ගිය බව අසා අප සතුටු වන්නෙමු.
මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල තටාකය පාර, කෑගල්ල.
රංගන ගේ රංගනය ප්‍රසංශනීයයි‘කොපි චැටි හා පත්තරේ විස්තරේ, මේක පුදුම ලෝකයක්’ ඉදිරිපත් කරන රංගන ගේ ඉදිරිපත් කිරීම ප්‍රසංශනීයයි. ඔබට අපේ සුබ පැතුම්.
ශාන්ති බන්දුනාථ මහනුවර.
විනෝද සමය නැවතත්..එදා ගුවනින් ගෙන ආ විනෝද සමයේ ගුණ සුවඳ යළිත් වින්දනය කිරීමට සලස්වමින් ‘අන්දරේ ගෙන් පස්සේ’ නමින් සෙනසුරාදා රාත්‍රි 7. 30 ට ජාතික රූපවාහිනියෙන් නැවත විනෝද සමය වත්මන් තරුණ පරපුරටද නැරඹීමට අවස්ථාව ලබාදීම අගය කළ යුත්තකි. ජාතික රූපවාහිනියේ හිටපු සභාපති සෝමරත්න දිසානායක හා වත්මන් සභාපති රවි ජයවර්ධන මහත්වරුන්ටත් කාර්ය මණ්ඩලයටත් මෙහි ගෞරවය හිමි වන්නේය.
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු බටහිර අධිකාරිමුල්ල, දූනගහ
කථා විලාශයට ප්රණාමයශ්රී ලංකා වෙළෙඳ සේවයේ නිවේදක, නිවේදිකාවන්ගේ සංවරශීලී කථා විලාශයට අපගේ ප්‍රණාමය මෙයින් පුද කරමු.
එච්. එල්. තිලකසිරි ද සිල්වා මීටියාගොඩ, මරදානවත්ත
අට පාස්නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ දිනපතා ගුවන් ගතවන ‘අට පාස්’ විකට වැඩසටහන අගේ කොට සලකමු. මෙය විනෝද සමයෙන් පසු ගෙනෙන හොඳම විකට වැඩසටහනයි. මෙයට දායක වන ශිල්පීන්ට හා බලධාරීන්ට අපගේ ප්‍රණාමය.
සරත් රණසිංහ කපුගොඩ, මාළිඳ
ප්‍රදර්ශන මණ්ඩල අගයමි
මෙරට පැවැති චිත්‍රපට ප්‍රදර්ශන අර්බුදය නිසා නිර්මාණකරුවන් පත්ව තිබූ අපහසුතාවට
තිත තබා මෙතෙක් පැවති ප්‍රදර්ශන මණ්ඩල පහ වෙනුවට එක් එක් සමාගම් ඒකාබද්ධ කරමින්
ප්‍රදර්ශන මණ්ඩල ධාරා 3 ක් යටතේ චිත්‍රපට තිරගත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව ගත්
වැඩපිළිවෙළ අගයමි. පී. ඩී. හර්ෂ විරාජ් නාලවලාන, ගෝනාවිල
හැමදාම පරාද නෑ..මා නැරඹූ ටෙලි නාට්‍ය අතුරින් සාරංග දිසාසේකරට හැමදාම තිබුණේ ප්‍රේමය පරාජය වීම, දිවි නසා ගැනීම නැත්නම් විරහ වීමයි. නමුත් ‘වස්සානේ ප්‍රේමය’ ආදරය ජය ගෙන විවාහ දිවියට පත් වෙනවා. එහි ඉතාම දක්ෂ රඟපෑමක් මා දුටුවා. ඔබට සුබ පැතුම්.
කිෂා සුබසුධක මාවත, දළුවකොටුව.
රිදී නිම්නය මතකය අවදි කරවයිජාතික රූපවාහිනිය විකාශය කරනු ලබන චිත්‍රපට ගී රැගත් ‘රිදී නිම්නය’ වැඩසටහන ප්‍රේක්ෂක මතකය අවදි කරවන රසබර වැඩ සටහනකි. අදාළ ගීතය ඇතුළත් චිත්‍රපටය පිළිබඳ කරනු ලබන විස්තරය තුළින් ප්‍රේක්ෂකයාට චිත්‍රපටය පිළිබඳව තොරතුරු රැසක් දැන ගැනීමට අවස්ථාව ලැබෙයි.
අනුර කුලවර්ධන රදාවාන
කැපවීමට සනත්ට තුති‘බෞද්ධ චිත්‍රපට’ සිනමාහල්වලට ගෙන ඒමට කළ කැපවීමට සනත් අබේසේකරටයි මේ ප්‍රණාමය.
ඊ. දයානන්ද ද සිල්වා සීනිගම, හික්කඩුව
කොතරම් සුන්දරදඒ හඬධර්මදාස වල්පොලයන්ගේ කටහඬ එදා වගේම අදටත් අමතක වී නැත. ඔහු ගැයූ සෑම ගීතයක්ම අහන්න අහන්න ආසයි. එම හඬටම සරිලන ලතා ගීත කෝකිලාවගේ හඬ ද එකට මුසු වූ විට එම ගීත මොන තරම් සුන්දරද කියන්න වචන නැත.
සෝමා එච්. පතිරණ පන්සල පාර, කහවත්ත
යහපත් මිනිසකු වූවා2004 සැප්තැම්බර් 19 වැනි දා වියෝ වූ ධර්මසිරි ගමගේ කලාකරුවාණන්ගේ 11 වන ගුණානුස්මරණය නිමිත්තෙනි,
එකල යොවුන් ජනතා වේ කතු පදවිය දැරුවා
සය ඉසුරු ද පූජා හි ද අදියුරු වූවා
ඩඩ්ලි ගෝමස් කටුබැද්ද, මොරටුව
S.M.S.
සප්නා ටෙලි නාට්‍යයේ සුරාජ්ගෙයි ස්වප්නාගෙයි ආදර කතාව දැක්කම ලංකාවේ හදන ආදර කතා
මොනවද කියා හිතෙනවා. නිලූකා - අවිස්සාවේල්ල
මේ ආදරයයි ටෙලි නාට්‍යයේ රමන්තගෙ අම්මයි ඉසිනගෙ අම්මයි මරේ මරු. ජේ. ඒ. ශානුක රුක්ෂාන් – ගිරිඋල්ල
ප්‍රවේගය සුපිරි. හේමාල් සහ උදාරි මරු. ප්‍රවේගය -2 හදනවා නම් හොඳයි. මුතු – කළුතර
පැන්ටම් චිත්‍රපටය සුපිරි හරියට ප්‍රවේගය වගේ. හිරුන්දි නිමේෂා - හොරණ.
දුෂ්යන්ත් අයියා, ඇයි ඔයාගේ දුරකථන අංකය දෙන්නෙ නැත්තෙ? ජයනි චතුරිකා රන්ගෙගම
70 දශකයේ සිංහල සිනමාවේ දක්ෂ සටන් නළුවන් වූ ඇලෙක්ස්, බන්දු, රොබින්, විල්සන් කරු
වැනි නළුවන්ගෙ ලොකු ඡායාරූප සරසවිය මුල් පිටුවේ පළ කරන්න. ඔවුන් සිංහල සිනමාවට මහඟු
සේවයක් ඉටුකර ඇති බව අමතක කරන්න හොඳ නෑ. එස්. වීරසිංහ අනුරාධපුරය
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අප ගෙන් වෙන් වී වසර 11 ක් ගෙවී ඇත. නමුත් ඔහු
අබිබවා යන්නට මෙතෙක් කිසිදු නළුවකුට හැකියාවක් ලැබී නැත. විමලසේන හපුතන්ත්‍රි අත්තනගල්ල
ආදර වැස්ස ටෙලි නාට්‍යයේ අමන්දිගේ චරිතයට පබෝධා අක්කි උපරිම සාධාරණයක් කරලා
තියෙනවා. පී. ඩී. හර්ෂ විරාජ් මාකඳුර
සිංහල සිනමා සන්දේශයේ සදා නොමියෙන පරසතු මලේ, ඔබේ රංගන පෞරුෂයේ ඇති වූ අඩුව
පුරවන්නට කෙනෙකු නැත. ඔබ අමරණීයයි. ගාමිණී මහබාලගේ පිළියන්දල
හෙළ සිනමා අඹරේ දිදුලන සුපිරි තාරකාවකි සබීතා පෙරේරා. ආත්මා, සිසිල ගිනි ගනී,
දෙවැනි ගමන වැනි චිත්‍රපට තුළින්ද මහරජ අජාසත් චිත්‍රපටයේ ඛේමා බිසව ලෙසද රඟන අයුරු
අපූරුයි. චාමර මනෝජ් හලාවත
ටෙනිසන් කුරේ ගේ අද්විතීය රංගනයෙන් යුතු ‘ජොලි බුවා’ චිත්‍රපටය අවසාන වන්නේ දෙවැනි
කොටස ළඟදීම යනුවෙනි. නමුත් දැනට අවුරුදු 3 කටත් වඩා ගතවී ඇත. තවමත් එය නැත්තේ ඇයි?
ලක්මාල් ගම්පහ
කුටු කුටු මාමා ටෙලි නාට්‍යයේ දමිතා අබේරත්න ඉතා හොඳින් රඟපානවා. රූපවාහිනියේ
කොරියානු නාට්‍යයෙත් හඬ කවනවා හිතා ගන්නවත් බැරි විදිහට. ශි‍්‍රයාණි වීරසූරිය දංකොටුව
|