|
පුංචි තිරයෙන් ඔබට හමුවන පි‍්‍රයතම චරිත
බල්හා නිවසේ පුංචි සුරතලිය රූහිට ආදරණීය මව වූ දන්ත වෛද්‍ය ඉෂිතා බල්හා දිව්‍යංකා ත්‍රිපති ඉන්දීය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවකි. නිළියක ලෙසින් සම්මානීය වූ ඇය කඳු නැගීමෙහි මෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේද දස්කම් දක්වන්නීය. රයිෆල් අංශයෙන් ඉලක්කයට වෙඩි තැබීමේ රන් පදක්කමක්ද ඇයට හිමිය. 2005 වසරේ භෝපාල්හි රූ රැජන වූයේ ද දිව්‍යංකාය. කාගේත් ආදරණීය සුරතල් දියණිය බවට පත්ව සිටින පුංචි රූහිගේ සැබෑ නම රුහනිකා ධවාන්. 2012 වසරේදී සී ටිවී ඔස්සේ විකාශය වූ Mrs Kaushik Ki Paanch Bahuein ටෙලි නාට්‍ය මාලාව රුහනිකාගේ ප්‍රථම රංගනය වුවද ඇය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත්තේ Ye Hai Mohabbatei හෙවත් මේ ආදරයයි හි රූහි ලෙසින්. 2013 වසරේ ඉන්දීය ටෙලි සම්මාන උලෙළේ හොඳම ළමා නිළිය සම්මානයද ඇයට හිමි වූයේ රූහිගේ චරිතයෙනි. සත් හැවිරිදි වියේ පසුවන රුහනිකා මුම්බායිහි ජෙසිබියෙල් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හදාරන්නීය. දීපිකා සිං සහ අනාස් රෂිඩ් ලාංකේය රසික හදවත් දිනා ගත්තේ ස්වප්නා සහ සුරජ් ලෙසින්. සුරජ් සහ ස්වප්නා භාරතීය පුංචි තිරයේ හොඳම යුවළ ලෙසින් ද ජනප්‍රියව සිටිනවා. ඔවුන් ඔබ හමුවට එන්නේ සෑම සතියේ දිනකම ‘ස්වප්නා’ ටෙලි නාට්‍යයෙන්. එය අපට ස්වප්නා වුණත් ඉන්දියාවේ ජනප්‍රිය Diya Aur Baati Hum ලෙසින්. එහිදී දීපිකාගේ චරිතය සන්ධ්‍යා. ‘ස්වප්නා’ ටෙලි නාට්‍යයේ ස්වප්නා ලෙසින් කළ රංගනය දීපිකාගේ ප්‍රථම රංගනය වුණත් ඒ තුළින් සම්මානනීය වී ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගන්න ඇය සමත්ව තිබෙනවා. පසුගියදා ඇය විවාහ දිවියට පිවිසියේ එම ටෙලි නාට්‍ය මාලාවේ අධ්‍යක්ෂ රෝහිත් රාජ් ගෝයල් සමඟින්. වෘත්තියෙන් රංගන ශිල්පිනියක වුවද දීපිකා කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. රස කැවිලි වෙළඳාමේ නිරතව සිටින සුරජ් අරූන් රාතිගේ චරිතය නිරූපණය කරන්නේ අනාස් රෂීඩ් විසිනි. ඔහු රංගනට පිවිසියේ Kahiin to Hoga ටෙලි නාට්‍ය මාලාවෙනි. මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන අනාස් උර්දු, පර්සියන් සහ පන්ජාබ් භාෂා හැසිරවීමේ ප්‍රවීණයෙක්. තවමත් තනිකඩ ජීවිතයක් ගෙවන ඔහු සහ ඉන්දීය ටෙලි නිළියක වන රාති පාන්ඩේ අතර ප්‍රේම සබඳතාවයක් ඇති බවට ප්‍රසිද්ධයි. නමුත් අනාස් පවසන්නේ තමන් කිසිදිනෙක නිළියක සමඟින් විවාහ නොවන බවයි.
|