වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




කාටත් හොරෙන් කසාද බඳින්න ඉගෙන ගන්න රශීගෙන්

කාටත් හොරෙන් කසාද බඳින්න ඉගෙන ගන්න රශීගෙන්

උතුම් පැතුම් ටෙලි සිතුවමේ හංසිකාව දන්නවා නේද . . . කෙටියෙන්ම කිව්වොත් අර පිස්සු කේස් එක . . . දැන් මතකයි නේද . . . නාට්‍යයේදී විතරක් නෙවෙයි මෙයා සැබෑ ජීවිතයෙත් ටිකක් පිස්සු කෙළිනවා. (එහෙම කිව්වෙ විහිළුවට හොඳේ) හරි මේ අහන්නකො . . . මෙන්න මේ හංසිකාගෙ ඇත්ත නම රශී ද සිල්වා. හංසිකා නිසා මෙයාට අද වන විට පාරෙ බැහැලා යන්නවත් බැහැලු. එච්චරට ජනප්‍රියයි මේ හංසිකාව. මෙන්න මේ රශී හදිසියෙන්ම කසාද බැඳලා. කොච්චර හදිසියෙන් බැන්ද ද කිව්වොත් අඩුම ගානෙ උතුම් පැතුම් නාට්‍යයේ අයවත් දන්නේ නැහැලු මෙයා බැඳලා එනකම්. සතියක් විතර නිවාඩු අරගෙන කසාදයකුත් කරගෙන ඊගාව දවසෙ ඇවිත් මුකුත්ම මුකුත් දන්නෙ නෑ වගේ රඟපෑවලු. ඇත්තටම ඇයි දන්නෙ නැහැ මෙයා මෙච්චර හොරෙන් බැන්දෙ. ඒකෙන් කමක් නැහැ. කාට හොරෙන් බැන්දත් අපිට හොරෙන් නම් කිසි දෙයක් කරන්න බැහැ රශී. ඒ හින්දා ඔන්න අපි ඔයාගේ වෙඩින් ෆොටෝ එකක් නොකියම දැම්මා. රාශි බැන්දෙ ශෙහාන් ප්‍රනාන්දු කියලා කෙනෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්ලු. පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලවෙදියි රශී ශෙහාන් යුග දිවි පිවිසුම සිදු වුණේ. බැන්දත් රඟපෑමේ පිස්සුව නම් අඩු කර ගන්නේ නැහැ කියලා රශී කියනවා. ඒ වගේම හොඳ ගෘහණියක් වෙන්නත් රශී අපේක්ෂා කරනවාලු.

 http://www.sarasaviya.lk/news/?fn=sa1509212

හැමෝටම සැලොන් රශ්මිටත් ඒ ලෙඩේම

අපේ නව පරපුරේ නිළියෝ බොහොමයකට තමන්ගේම කියා ව්‍යාපාරයක් තියෙනවා. ඒවා බොහෝ විට සැලොන්. එහෙම සැලොන් තියෙන නිළියො දැක්කම හිනා යනවා. ඒ මොකද දන්නවද, අනුන් ලස්සන කළාට තමන්ට ලස්සනට ඉන්න බැරි හින්දා. ඒ කතාව කිව්වේ මේ කතාව ලියවෙන රශ්මිට නම් නෙවෙයි. මොකද ඒක කියන්නම ඕනෑ. මොකද අහක යන තොප්පි පටස් ගාලා අල්ලලා ඔළුවෙ දාගන්න රශ්මි තරම් හපනියක් නැති නිසා. ඒකත් කියන ගමන් මේ කතාව කියන්නම්කෝ. මං අර කිව්වනෙ නිළියො ව්‍යාපාර කරනවා කියලා. ඒ අතරට එක්වුණු අලුත්ම කෙනා තමයි මං කලින් සඳහන් කළ අපේ රශ්මි පුෂ්පිකා සුමනසේකර. රඟපාලා හම්බු වෙන සල්ලි මදි හින්ද ද මන්දා එයත් පුංචි ව්‍යාපාරයක් පටන් අරන්. ඒකේ නම බුවනා ෆැෂන් ඇන්ඩ් සැලොන්. නම නම් ටිකක් අමුතුයි නේද. මේකෙ තියෙන්නෙත් අලුත්ම අලුත් ඇඳුම්. ඊට යාබදව සැලොන් එක තියෙනවා. බුවනා තියෙන්නේ පන්නිපිටිය හන්දියේ. ඉතින් මේ දවස්වල ෂොප් එකට වෙලා රශ්මි කාලය ගෙනවාලු. තමන්ගේ ව්‍යාපාරය ලංකාවේ ඉහළම තැනකට ගේන්නයි රශ්මිගේ වෑයම. ඒ වගේම නිළියක් විදිහට හොඳ චරිතයක් සමඟින් ප්‍රේක්ෂකයන් හමුවීමට ද රශ්මි කැමැත්තෙන් ඉන්නවලු.

http://www.sarasaviya.lk/news/?fn=sa15092440