සමුගන්නට අවසරයි
සමුගන්නට අවසරයි
පසුගිය සෙනසුරාදා බොලිවුඩ් නළු සන්ජේ දත් පවුලේ ආදරණීයයන්ට සමු දුන්නා. ඒ නැවතත්
පූනේ සිරගෙදර බලා පිටත්වන්නට පෙරදීයි. මුම්බායි බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් චෝදනා ලැබූ
සන්ජේහට පස්වසරක සිරදඬුවමක් නියම වුණා. ඒ අතර පසුගියදා ඔහුට පවුලේ සාමාජිකයන් අතරට
එන්න ලැබුණේ දියණිය ඉක්රාගේ නාසයේ සැත්කම සිදු කරන්න නියමිතව තිබූ නිසා. ඒ වෙනුවෙන්
ඔහුට මාසයක කාලයක් තම පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන්න අවස්ථාව ලැබුණා.
සන්ජේ දත්හට මෙම සිර දඬුවම ලැබීමට හේතු වුණේ මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු
ත්‍රස්තවාදීන්ගෙන් මිලදී ගත් නීති විරෝධි ගිනිඅවි ළඟ තබා ගැනීමයි. මීට පෙරත් ඔහු තම
අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ සිය බිරිඳගේ රෝගී තත්ත්වය නිසා නිවාඩු වෙනුවෙන් කෙටි
කාලින නිවාඩු ලබා ගත්තා.
යතේජා ඥානරත්ත
|