|
මිනිස්සුන්ට හිනා ගියත් ලැන්ටිං සිංඤෝ ළඟ මෝඩ ජෝක් නෑ
අරුණ මහේන්ද්‍ර ජයවර්ධන
ලැන්ටිං සිංඤෝ චිත්‍රපටය සමඟින් අලුත් අධ්යක්ෂවරයකු සිංහල සිනමාවට එක් විය. ඔහු අරුණ මහේන්ද්‍ර ජයවර්ධනයි. වෘත්තියෙන් පරිඝණක ක්ෂේත්රයේ රැකියාවක නියැලෙන අරුණ සිනමාවට යොමු වන්නේ නැසීගිය සම්මානනීය තිරකතා රචක කේ. ඩි. නිකලස්ගේ මඟ පෙන්වීම යටතේයි. ලැන්ටිං සිංඤෝ සිනමාපටයේ තිර රචනය ද නිකලස් විසින් සිදු කොට ඇති අතර එය ඔහුගේ අවසාන සිනමා පිටපත වේ. ලැන්ටිං සිංඤෝ පිළිබඳ එහි අධ්යක්ෂවරයා සමඟ කළ කතාබහකි මේ.
අරුණ, ඔබ හා සිනමාව අතර ඇති සබැඳියාව ගැන පළමු කොට මා දැනගන්නට කැමැතියි? සිනමාවට මා එකතු වන්නේ අහම්බෙන්. අනූව දශකයේ මුල භාගයේදී සරසවි චිත්‍රාගාරයේදී මට කේ. ඩී. නිකලස් මහතාව හමුවෙනවා. එදා ඉඳන් මං ඔහුට බෙහෙවින් සමීප වුණා. නිකලස් මහතාගෙන් මං සිනමාව පිළිබඳ සෑහෙන දේවල් ඉගෙන ගත්තා. කෙටියෙන්ම කිව්වොත් ඔහු තමයි මගේ ගුරුවරයා. පසුව ඔහුත් එක්ක චිත්‍රපට කිහිපයකම සහාය ශිල්පියකු විදිහට වැඩ කළා. අවුරුදු විස්සක් විතර අධ්‍යයනයකින් පසුවයි චිත්‍රපටයකට අත ගැහැව්වේ. ඔබේ පළමු චිත්‍රපටය කමඩි එකක් වුණේ ඇයි? මගේ වෘත්තියට අනුව මං සමහර දිනවල පැය විසි හතරක් එක දිගට වැඩ කරනවා. මාත් එක්ක කිහිප දෙනෙක් එහෙම වැඩ කරනවා. ඔවුන් කියන්නේ අපි වැඩ වැඩ . . . ඉවරයක් නැහැ කියලයි. ඉතින් මේ වගේ කී දෙනෙක් ඇත්ද ස්ට්‍රේස් එකේ ඉන්න. මට හිතුණා හදාරපු සිනමා මාධ්‍ය ඔස්සේ මං කරන පළමු නිර්මාණය සරල වින්දනයකින් යුතු සිනමාපටයක් කරන්න. මොකද එතකොට ස්ට්‍රෙස් එකෙන් ඉන්න අය ඒක බලලා සැහැල්ලුවෙන් ගෙදර යාවිනෙ. ඔබේ ඒ අරමුණ සාර්ථකද? ඔව්. කොහොමද එහෙම කියන්නේ? ලැන්ටිං සිංඤෝ චිත්‍රපටය පෙන්වන ශාලාවලට මං යනවා. ගිහින් සාමාන්‍ය කෙනෙක් වගේ කොරිඩෝවේ වැඩිවෙලා චිත්‍රපටය බලලා මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නවා. බොහෝ දෙනෙක් කිය කිය යන්නේ මේ චිත්‍රපටය බලලා අපි පුදුම සැහැල්ලුවක්නෙ ලැබුවේ කියන අදහස ඇති දේවල්. කවුරුවත් චිත්‍රපටයට බැන්නෙම නැද්ද? නැහැ. මට එහෙම නම් කිසි කෙනෙකු කියනවා ඇහුණේ නැහැ. සාමාන්‍යයෙන් වර්තමානයේ හැදෙන කමඩි චිත්‍රපට ගැන සාමාන්‍ය සමාජයේ දුර්මතයක් තියෙනවා. ඒවායේ මෝඩ ජෝක් තියෙනවා කියලා? ඔව්. ඔය කතාව හරි. හැබැයි ලැන්ටිං සිංඤෝ එකේ මෝඩ ජෝක් නැහැ. ඒ වගේ ජෝක් දාලා මිනිස්සුන්ව හිනස්සන්න මට කිසිදු වුවමනාවක් නැහැ. මේකේ තියෙන සිද්ධීන් කමඩිම නෙවෙයි. හැබැයි ඒ වෙන දේවල්වලට මිනිස්සුන්ට ඉබේ හිනා යනවා. ඔබ ඉල්ලුමට සැපයුම සපයන අධ්යක්ෂවරයෙක්? අනිවාර්යයෙන්ම. මිනිස්සු ඉල්ලන දේ දුන්නොත් නිර්මාණකරුවකු විදිහට මං සාර්ථකයි. හැටේ හැත්තෑව දශකයේ චිත්‍රපට ජනප්‍රිය වුණේ ඇයි . . . ඒවායේ තිබුණා හොඳ වින්දනයක්. මිනිස්සුන්ට ඕනෑ කරලා තිබුණු අන්දමේ නිර්මාණ තමයි ඒවා. අපේ අය හඳුනා නොගන්නෙත් ඒ සෙන්ස් එක. ලැන්ටිං සිංඤෝ හදද්දි ඔබට මුහුණ පාන්නට සිදු වූ අමතක නොවන අත්දැකීම් මොනවාද? රසවත් සිදුවීම් ගණනාවක්ම වුණා. ඒ අතරින් එක් සිදුවීමක් මට අමතකම කරන්නට බැහැ. ඒක තමයි වතුර විතරක් බිබී චිත්‍රපටයේ සිංදුවක්ම ෂූට් කරපු එක. ඒකේ රඟපෑවේ අනුර බණ්ඩාර රාජගුරු සහ ගයාත්‍රි. එදා හොඳටම වැස්ස. එක සීන් එකක් ගත්ත ගමන් වහිනවා. ආයෙ පායනවා. ආයෙ වහිනවා. ඔහොම යද්දී දවල්ට කෑම කන වෙලාවට පෑව්වා. මං ඇහැව්වා ආර්ටිස්ලගෙන් කමුද කියලා. ඔවුන් එකහෙලාම කියා සිටියේ ෂූට් එක ඉවර කරලා කමු කියලා. ඉතින් අපි එදා වතුර බිබී තමයි ෂූටිං කළේ. චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගනිද්දී මොන වගේ දේවල්වලට ද මූලිකත්වය දුන්නේ? ප්‍රධානම දේ මං නව පරපුරේ ටෙලි නළුවෝ නොගත්ත එක. ඔවුන් සමඟ වැඩ කරන්නට අපහසුයි කියලා නොයෙක් දෙනා කියනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මං වැඩ කරලා නැහැ. මං දන්නේ නැහැ ඒ මතය ඇත්ත ද බොරු ද කියලා. සිනමාවේ පමණක් රඟපාන්න උත්සාහ කරන ශනුද්රිව මං මේකට ගත්තේ ඒකයි. ඒ අතරවාරයේ තරුණ නළුවකුගේ හිඟකම මට තදින් දැනුණා. ඒ හින්දා මං ඉන්දික දේශප්‍රිය කියන කෙනාව සිනමාවට හඳුන්වා දුන්නා. සිනමා නළු නිළියෝ කියන කණ්ඩායම අද හිඟයි. මං මේකට වැඩිපුරම ගත්තේ චිත්‍රපට නළු නිළියෝ. ඔබ ඔබේ නිර්මාණවලට නව පරපුරේ ජනප්‍රිය ටෙලි නළු නිළියෝ නොගන්න මතයකද ඉන්නේ? නැහැ, එහෙම නැහැ. වගකීමකින් වැඩ කරන්න පුළුවන් නළු නිළියෝ හිටියොත් ගන්නවා. මේ චිත්‍රපටය කරන්න ගිහින් ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද? මේක මගේ පළමු චිත්‍රපටයනෙ. කොයි දෙයත් මුලින්ම කරද්දී නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා වෙද්දී ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ නොයෙක් දේ කියමින් දොස් කිව්වා. වැඩියෙන්ම පෙන්නුවේ අඩුපාඩු. ඒවත් අහගෙන හිටියයි කියමුකො. චිත්‍රපටය පෙන්න ගන්න මං සෑහෙන කාලයක් දුක් වින්දා. මට කවුරුවත් උදව් කළේ නැහැ. ඒ සඳහා වර්තමාන චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න සහ එල් එෆ් ඩී ආයතනය සහායක් ලබා දුන්නා. මං දන්න ශිල්ප ක්‍රම දාලා චිත්‍රපටය පෙන්න ගත්තා. මං චිත්‍රපට ක්ෂේත්රය තුළ කාලයක් හිටිය හින්දා හොඳයි. අලුත්ම අලුත් අධ්යක්ෂවරයකු මේ දේවලවලට මුහුණ දෙන්නේ කොහොමද? ඔබේ ගුරුවරයා කේ. ඩී. නිකලස් පසුගිය වසරේ අප අතරින් සදහටම සමු ගත්තා. ඔහු නොමැති අඩුව ඔබට කොහොමද දැනෙන්නේ? නිකලස් මහත්මයා නැති අඩුව පුරවන්නට කවුරුවත් බිහි වන්නේ නැහැ. ඔහු මට කියා දුන් දේවල් අපමණයි. ඔහු ඉතාමත් දක්ෂ පිටපත් රචකයෙක්. කවදාවත් මුදල් බලාගෙන කලා කටයුතුවල නියැලුණේ නැහැ. සිනමාවට කරන්නට පුළුවන් උපරිම මෙහෙය කරලයි ඔහු සමු ගත්තේ. නිකලස් මහත්මා ගාව හිටපු නිසා ඔහුගේ ගතිගුණ මටත් තියෙනවා කියලා මිත්‍රයෝ කියනවා. ඔහු නැති අඩුව අදටයි මට තදින් දැනෙන්නේ. ඔබේ ඉදිරි නිර්මාණ මොන වගේ වේවිද? මේ වගේම චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට ඔබ අතින් කලාත්මක සිනමාපටයක් බිහි නොවේවිද? නැහැ. කලාත්මක චිත්‍රපටයක පිටපතක් පවා මා ළඟ තියෙනවා. නිකලස් මහතාගේ පුතු විදර්ශනත් එක්ක මේ දිනවල ඒ ගැන කතා කරමිනුයි ඉන්නේ. ඒ වගේ චිත්‍රපටයක් කරන්නේ ලැන්ටිං සිංඤෝ වගේ චිත්‍රපට කරන අතරතුර.
|