වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




View finder by Malan

 

‘රසෝඝා’ එළිදුටු දා

සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලය ඉදිරිපත් කළ ‘රසෝඝා’ සංගීත සංධ්වනිය පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එහි දී පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි හට හෙළ සංගීතය උදෙසා කළ සේවය වෙනුවෙන් විශේෂ උපහාර පිදීමක් විද්‍යාලයේ විදුහල්පතිනි පි‍්‍රයන්ති සමරවීර මහත්මිය ප්‍රමුඛ ගුරු භවතුන් හා සිසුදැරියන් අතින් සිදු කෙරිණි.

ගායන ශිල්පී දයාන් විතාරණ සහ සනත් විමලසිරි මෙම ප්‍රසංගයේ ආරාධිත ගායන ශිල්පීන් වශයෙන් සහභාගි වූහ. මේ එහි අවස්ථා කිහිපයක් තෙවැනි ඇසේ සටහන් වූ අයුරු.

පණ්ඩිත් අමරදේවයන්, සංගීත ආචාර්ය ප්‍රසාද් කුමාරතුංග, විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර

මහාචාර්ය පැට්ට්‍රික් රත්නායකට විශේෂ සම්මානයක්

මල්කාන්ති නන්දසිරි, මහාචාර්ය සනත් නන්දසිරි සමඟ විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර පසෙකින් සංගීත ආචාරිනි තුෂාරි මුණසිංහ

විශාඛාවෙන් කලා ලොවට ආ තාරුකා වන්නිආරච්චි සමඟ විදුහල්පතිතුමිය

සනත් විමලසිරි සම්මාන ලබමින්

දයාන් විතාරණ සම්මාන ලබමින්

කවීශාගේ උපන් දිනය දා

නව පරපුරේ රංගන ශිල්පිනී කවීශා අයේෂානිගේ උපන්දින සැමරුම පසුගියදා තලවතුගොඩ සනෝරා හෝටල් පරිශ්‍රයේදී සිදු විණ. මේ එහි අවස්ථා කිහිපයකි.

ගායක ගායිකාවන්ට සාමවිනිසුරු පදවි

සමස්ත ලංකා සාම විනිසුරු පදවි ලබාදීම සඳහා ගායක ගායිකාවන් හා නළු නිළියන් සිය දෙනෙකුගේ තෝරා ගැනීමක් පසුගියදා කල්දෙමුල්ල මතායස් දෙව් මැදුරේදී සිදුවිණ. ගරු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේත්, 'හමිංබර්ඩ්ස්' කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පි තිලක් ද මෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත සිදු වූ අතර, මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි. ඉදිරි කාලයේදී ජනාධිපති මන්දිරයේදී ඔවුන්ට තනතුරු ලබාදීමට නියමිතය.