|
නිහාල් ප්‍රනාන්දු වෙනුවෙන් ට්‍රැෆික් සාජන්ට්
ප්‍රවීණ අධ්යක්ෂ, රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු කලාකරුවාට ආධාර පිණිස 'ට්‍රැෆික් සාජන්ට්' වේදිකා නාට්‍යය පස්වරු 6.30 ට ටවර් රඟහලේදී පැවැත් වෙයි. ඔහුට ආදරය කරන කලාකරුවන්ගේ හා හිත මිතුරන්ගේ එකමුතුවෙන් සංවිධානය කරනු ලබන මෙම කටයුත්තට ඔහුට ආදරය කරන සියල්ලන්ටම පැමිණෙන්නැයි ආරාධනා කර සිටියි.
‘රංග කලාව හා තිරරචනය’ නොමිලයේ දේශනයක්
සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේ රංග ක්රමෝපායන් හා එම මාධ්‍යන්හි පිටපත් රචනය පිළිබඳ අධ්‍යාපනික දේශනයක් ලබන 04 වැනිදා මධ්‍යහ්න 12.00 සිට 1.00 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සිංහල සංස්කෘති ආයතනයේදී නොමිලයේ පැවැත්වෙයි. ප්‍රවීණ කලා ශිල්පී වේදිකා නාට්‍ය හා සිනමාවේදී සුගත් සමරකෝන් විසින් මේ අධ්‍යාපනික දේශනය පැවැත්වීමට නියමිත අතර වැඩි විස්තර 0715518053 සහ 0773482406 දුරකථන අංකවලින් ලබාගත හැකිය. පිස්සු පූසෝ බොරැල්ලේ දී
ජිනදාස පෙරේරාගේ 'පිස්සු පූසෝ' වේදිකා නාට්‍යය නව නිර්මාණයක් ලෙස මේ මස 3 වැනිදා බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදීි වේදිකා ගත වෙයි. දීපාල් සිල්වා මෙහි ප්‍රධාන චරිතය රඟපාන අතර මානෙල් වානගුරු, ප්‍රසන්න ෆොන්සේකා, ශ්‍යාමා ඔකඳපොල, චතුර පෙරේරා, සූරියබණ්ඩාර, කේ. ඒ. පියකරු මෙහි චරිත මවන අතර නිෂ්පාදන කළමනාකරු ආනන්ද අල්විස්ය. වේදිකා පරිපාලනය යමුනා දිල්හානි, කළා අධ්යක්ෂ ලෙස ශාන්ත ගමගේ කටයුතු කරයි.
‘පලංචිය’ යළිත් වේදිකාවට...
හෙක්ටර් විජයකෝන්ගේ ‘පලංචිය’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ පුහුණුවීම් මේ දිනවල පිළියන්දල දී සිදු කෙරේ. නොවැම්බර් මාසයේ වේදිකා ගතවීමට නියමිත එහි රින්ස්ලි වීරරත්න, ගුණදාස කටුවාවල, චන්දු ඉඹුලාන, සිරිමෙවන් ගුණතිලක, මහේන්ද්‍ර විජේරත්න, මානෙල් වීරසිංහ, රොහාන් හඳුන්නෙත්ති, හිරුණි මදාරා දේශපි‍්‍රය සහ තුෂානි ජයංකා පෙරේරා මෙහි රංගනයෙන් දායක වෙති. විජේසිරි ගෝවින්ද හා සඳුන් දිල්රුක්ෂ සංගීතයෙන් හැඩකරන ‘පලංචිය’ කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය හෙක්ටර් විජයකෝන් ගෙනි. හෙක්ටර් විජයකෝන් ඇතුළු නළු නිළි පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.
වේයෝ පියාඹති පානදුර පුරහලේ
ගාමිණී නානායක්කාර නිෂ්පාදනය කර ඇති 'වේයෝ පියාඹති' වේදිකා නාට්‍යය මේ මස 4 වැනිදා පස්වරු 6.30 ට පානදුර පුරහලේදී 52 වැනි වරටත් වේදිකා ගත වෙයි. ‘කොක් සන්නිය’ හොරණදී
හොරණ අධ්‍යාපන කලාපයේ හිටපු නාට්‍ය හා රංග කලා ගුරු උපදේශක ප්‍රේමකුමාර් කරුණාරත්න රචනා කර නිෂ්පාදනය කළ සම්මාන දිනූ 'කොක් සන්නිය' වේදිකා නාට්‍යය හෙට (02 වැනිදා) පස්වරු 2.30 ට සහ 6.30 ට හොරණ නගර ශාලාවේදී වේදිකා ගත වෙයි. මේ නාට්‍යයේ වින්ධ්‍යා මෙත්මාලි, තිලිණ මධුශාන්, රෝහිත ජයකොඩි, සිරි තලගහවත්ත, නවෝද විජේසිංහ, සුසීම ජයතිලක, හරේන්ද්‍ර දසනායක, ධනුක නවීන් යන රංගන ශිල්පීහු රංගනයෙන් සහභාගි වෙති. අංග රචනයෙන් ආරියපාල ගමගේ, රංගාලෝකයෙන් ජිනදාස හේන්ගොඩ, වේදිකා පරිපාලනයෙන් දර්ශන තෙවරප්පෙරුම හා සුනිල් හඳපාන්ගොඩ, සංගීතයෙන් සුසිත මධුර සම්පත්, වරුණ විශ්වජිත්, ඉන්ද්‍රජිත් චාමිකර ද සහාය වෙති. |