|
|
පහළොස් වසරක් ට්‍රෝජන් කාන්තාවක් වී...
අනෝජා වීරසිංහ යළිත් වේදිකාවට
ප්‍රවීණ නාට්‍යවේදි ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ට්‍රෝජන්
කාන්තාවෝ වේදිකා නාට්‍ය මීට වසර පහළොවකට පමණ පෙර වේදිකාවට ගෙන ආ සුවිශේෂ නාට්‍ය
නිර්මාණයක්. නිතර නිතර දකින්නට නොතිබුණත් නුදුරේදීම මේ ටේරීජන් කාන්තාවෝ
වේදිකාවට සැපත්වන්නට නියමිතයි. එනම් ජුනි 07 වැනිදා සහ 18 වැනිදා කොළඹ ලයනල්
වෙන්ඩ්ට්හිදී ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය ෙවිදිකාගත කරන්න කටයුතු සූදානම්. ප්‍රවීණ
සිනමා රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ මෙහිදී විශේෂිත චරිතයක් වෙනවා. මෙවර වේදිකාගත
වීමේ නිමිත්ත වගේම වසර පහළොවක් පුරාවට ට්‍රෝජන් කාන්තාවෝ ස මෙවර ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය වේදිගත වන්නේ සුවිශේෂ අරමුණක් ඇතිවයි? අභින රංග කලා පාසල වෙනුවෙන් මෙවර අපි ට්‍රෝජන් කාන්තාවෝ වේදිකාවට ගෙන එන්න කටයුතු කරනවා. අභින ඇකඩමි ඔෆ් ෆෆෝමින් ආර්ට්ස් යටතේ අපි 1991 වසරේ සිට ලංකාව පුරා වැඩමුළු කරගෙන යනවා. රංගනය පිළිබඳව, ගායනය, කටහඬ පුහුණුව නර්තනය අංගන චලනය මානසික සෞඛ්‍ය සඳහා මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගන්නන් සමාජගත කිරීම වෙනුවන් වැඩපිළිවෙල් අපි කරනවා. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමඟන් අපි වැඩ කළා. ඒ වගේම එල්. ටී. ටී. ඊ සාමාජිකයන් හමුදාව විසින් පුනරුත්ථාපනය කිරීමේදී අපේ දායකත්වයත් ලබා දුන්නා. අදටත් ආබාධිත රණවිරුවන් සමඟින් වගේම පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ සාමාජිකයන් සමඟ වැඩ කරනවා. ඒ ළමයි දැන් ඉතා උසස් මට්ටමේ ජීවිත ගත කරනවා. නර්තන ශිල්පීන්, ගායක ගායිකාවන්, නළු නිළියන්, ගුරුවරුන් වශයෙන් වැඩසටහන් රැසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කරනවා. සමහරුන් මම ඉන්දියාවට යවලා යෝග පුහුණුව ලබාදී මෙරටට ගෙන්වා ගත්තා. අද ජනතාව වෙනුවෙන් ඔවුන් සිය සේවය සළසමින් සිටිනවා. සාමාන්‍ය ජනතාවට තරම්වත් කේන්ති යන්නේ නැතිව බොහොම සාමකාමී ජීවිත ඔවුන් ගත කරනවා. මේ වගේ විශාල වැඩ කොටසක් අභින මගින් සිදු කරනවා. ඒ වුණත් අද වෙනකල් අභින රංග කලා පාසලට රංගන විද්‍යාලයකට අවශ්‍ය මට්ටමේ ගොඩනැඟිල්ලක් නැහැ. මොන අඩුපාඩු තිබුණත් රංග කලා ආයතනය වගේම යෝග පුහුණුවීම ඉතාම සාර්ථක අයුරින් අපි කරගෙන යනවා. අපි තේරුම් අරගෙන ඉන්න දෙයක් තමයි මොන දේ කරන්නත් කලින් මිනිසුන්ගේ මනස හදන්න ඕනි කියන එක. ඒ වෙනුවෙන් තමයි අපි යෝග වැඩසටහන් මාලාව ආරම්භ කළේ. මේ දේ දේශපාලඥයන් තේරුම් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඔවුන් ජනතාවට දෙන්නේ භෞතික දේවල්. ගෙවල්, දොරවල්, පාරවල්, පාසල් මිනිසුන්ට අත්‍යාවශ්‍යයි. ඒ සමඟම ජනතාවට මානසික සෞඛ්‍ය වෙනුවෙන් යමක් කරනවා නම් ඒක බොහෝ වටිනා දෙයක්. අපේ රටේ අපරාධ වැඩි වෙන්න හේතුවත් මේකම තමයි. මේක හරියට උඩු ගං බලා පිහිනීමක් වගේ. යෝග වගේම නාට්‍ය හා රංග කලාව හරහාත් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කිරීම අභින මගින් කෙරෙන මූලිකම කාර්යයි. මගේ වයස දැන් අවුරුදු හැටක්. හැට කියන එක මට අවුරුදු ගණනින් විතරයි දැනෙන්නේ. මට තාමත් බොහොම ක්‍රියාකාරීව වැඩ කරන්න පුළුවන්. මෙහෙම ක්‍රියාකාරීව වැඩ කරන්න පුළුවන් කාලයේ මේක කරන්න ඕනි කියලා මට හිතෙනවා. ඒ නිසා මගේ අරමුණ මේ වසරේ අවසානයට පෙර අභින රංගන පාසල වෙනුවෙන් අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමයි. පූර්ණ කාලීනව රංගන පාසල පවත්වා ගෙන යාමයි. මේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට ජුනි 07 වැනිදා සහ 18 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය ෙවිදිකාගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ටේරීජන් කාන්තාවෝ පිරිවරත් සුවිශේෂයි? නාට්‍ය ගැන විශේෂ යමක් කියනවා නම් මම, යශෝධා විමලධර්ම, මීනා කුමාරි, නිල්මිණි බුවනෙක සමඟින් නීල් අලස් ඇතුළුව අපි මුල් නිර්මාණයේ කණ්ඩායම මෙහි රංගනයෙන් දායක වෙනවා. ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයේ විශේෂත්වය රංගනය පැත්තෙන් සියලුම දෙනා ඉතාම උසස් මට්ටමෙන් රංඟනයේ යෙදෙනවා. සංගීතයෙන් රූකාන්ත ගුණතිලක, රංග වින්‍යාසය බැලුවොත් ජොරොම් ද සිල්වා වගේම ආලෝකයද, වේදිකාවද ආදි මේ සියලුම අංශ ඉතා විශිෂ්ට මට්ටමෙන් යුක්තයි. හොඳ නාට්‍යක් බලන්න කැමැත්තෙන් සිටින අයට බලන්න හොඳ නාට්‍යක්. මෙම වැඩපිළිවෙලේ අරමුණත් දැවැන්තයි? ටිකට් එකක මිලදී ගැනීමෙන් කාරණා දෙකක් ඉටු වෙනවා. එහිදි ඉදිරියට එන්න බලාපොරොත්තුවන ශිල්පීන්ට පාසලක් හැදීම වෙනුවෙන් දායක වෙන අතරම රටේම මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය නංවන්නත් දායක වෙනවා. ඒ නිසා ඔවුන්ගේ දැනුම වැඩි කරගන්න රසවින්දනයට හොඳ අවස්ථාවක් ලැබෙනවා. අභින රංගන පාසලෙන් අධ්‍යාපනය ලද සම්මානනීය කලා ශිල්පීන් රැසක් සිටිනවා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නාට්‍ය නරඹා අභින රංගන පාසල ගොඩනැංවීමට දායක වන ලෙසයි.
ට්‍රෝජන් කාන්තාවෝ කියන්නේ කවුරුද? වසර තුන්දහස් ගණනකටත් වඩා ග්‍රීක නාට්‍යකරු විසින් රචිත ගී‍්‍රක ශෝකාන්තයක්. මෙහි කියන්නේ යුද්ධය නිසා ට්‍රෝයි දේශය සම්පූර්ණයෙන් දුවිලි කරලා සියලුම පිරිමින් මරා දමා ඉතිරිව සිටි පිරිමි දරුවාත් මරා දමා ගැහැනුන් නැවක පටවා ග්‍රීසියට වහලුන් ලෙස ගෙන යන කතාවයි. එය කොටස් රැසකින් යුක්තයි. අපි කරන්නේ ට්‍රෝජන් කාන්තාවෝ කියන කොටස. එහි හෙකබ් රැජනගේ චරිතය මම විසින් රඟදක්වනවා. ට්‍රෝජන් කාන්තාවෝ ගැළපෙන්නේ කුමන කාලයටද? ට්‍රෝජන් කාන්තාවෝ සර්වකාලීනයි. වසර පහළොවකට වඩා වැඩි කාලයක් ට්‍රෝජන් කාන්තාවෝ සමඟින් අත්දැකීම් රැසකට මුහුණ දෙන්නත් ඇති? ට්‍රෝජන් කාන්තාවෝ ආරම්භය සනිටුහන් වෙන්නේ 1999 දෙසැම්බර් මාසයේ. එදා සිට අද දක්වා වසර පහළොවක් පුරා මම ට්‍රෝජන් කාන්තාවන් සමඟ රැඳි සිටිනවා. ඒක පටන් ගන්නකොට මට වයස අවුරුදු 45යි. දැන් මට හැටයි. දැන් මට මහළු හෙකබ් රැජනගේ ළඟට එන්න හැකි වෙලා තියෙනවා. හතළිස්පහේදී මම හිතලා ඒ චරිතයට පණ දෙන්න වුණේ. දැන් එහෙම නැහැ. ඒ ලක්ෂණ නිරායාසයෙන් ඇඟට එනවා. දැන් වඩාත් ස්වාභාවික ලෙසින් දැනෙනවා. ඒක වඩාත් දැණුනේ පසුගිය වසරේ නවදිල්ලි නාට්‍ය උළෙලට ගිය අවස්ථාවේදියි. නාට්‍ය පැවැත්වෙලා පසුගිය දවසේ මාධ්‍ය හමුවට යනවිට නාට්‍ය නරඹන්න පැමිණි ජනතාව කකුල් අල්ලලා වඳින්න පටන් ගත්තා. ඒක මට නුහුරු නුපුරුදු හිතාගන්න බැරි දෙයක් වුණා. වේදිකා නාට්‍යට කැමැති අය වෙන්න ඇති කියලා මම හිතුවා. පුවත්පත් සාකච්ඡාවට ගියාමයි ඒ මොකද කියලා මට වැටහුණේ. එහි සිටි නාට්‍ය රංගකලා මහාචාර්යවරයා සඳහන් කළේ, ඔබේ රංගනය රංගනයක් නොව රංගනය අතික්‍රමණය කිරීමක් බවයි. ඒක නොවැටහුණු මම කළ විමසීමකට එතුමා සඳහන් කළේ ඔබේ සිරුරේ සෑම සෛලයක්ම රංගනයට දායක වූ බවයි. එවිට තමයි මට තේරුණේ අර මිනිසුන් මට වැන්ඳේ ඇයි කියලා. අපට පුදුමාකාර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ අවස්ථාව ගැන තවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී වේදිකා සැරසිළි ආදිය සියල්ල කළේ එහි නවදිල්ලි සරසවියේ නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සිසුවියන්. ධර්මසිරි අයියා ඔවුන්ට ඡායාරූප යවා තිබුණා. ඒ දරුවෝ ඉතාම විශිෂ්ට අකාරයෙන් ඒ වේදිකාව නිර්මාණය කර තිබුණා. ඒක විශේෂයෙන් පැසසිය යුතු කරුණක්. නවදිල්ලි සරසවියේ වැඩමුළු කරන්නත් මට ආරාධනා කළා. කාල වේලාව මඳ වීමෙන් තවමත් මට ඒ කටයුත්තට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මෙම නාට්‍ය සඳහා විශාල පිරිසකගේ දායකත්වය ලැබෙනවා? වසර පහළොවක් පුරාවටම අපි මේ නාට්‍ය සමඟ බැඳි සිටිනවා. ඇත්තටම අපි වෘත්තීය වශයෙන් අය කරන මුදල අරගෙන මේ නාට්‍ය පෙන්වන්න අමාරුයි. අපි මේ සඳහා දායක වෙන්නේ බොහොම පොඩි පොකට් මනි එකක් අරගෙන. ඒක ගන්නෙත් වාහනයට තෙල් ගහන්න. එවැනි කැපවීමකින් අපි මේ නාට්‍ය ගෙන යන්නේ. හරවත් දෙයක් ජනතාවට දෙන්න ඕනි නිසා. යශෝධා විමලධර්ම, මීනා කුමාරි, නිල්මිණි බුවනෙක සහ නීල් අලස් වැනි ප්‍රවීණයන් ඇතුළුව තවත් හතළිස්පහක් විතර පිරිවර මේ නාට්‍යයේ ඉන්නවා. ලැබෙන පොඩි ගාන හැමෝටම බෙදල ධර්මසිරි අයියා අත්දෙක පිහිදා ගන්නවා. අයියාට කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තටම මේක විශාල පිරිසක් සිටින නාට්‍යයක්. අපට විදෙස් ආරාධනාවලට යාමට අපහසු මේ විශාල පිරිවර නිසා. ඒ වගේම අපි හරි ආදරයෙන් මේක කරන්නේ. ආවට ගියාට කරන්නේ නැහැ. වේදිකාගත කරන්න දින කිහිපයකට පෙර හැමෝම පුහුණුවීම්වල යෙදෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැනත් සඳහන් කළොත්? ජනතාව මොන තරම් ආදරේද කියලා දැනෙන්නේ මේ වගේ දෙයක් සිදුවෙන විටයි. නාලක හේවාමද්දුම මේ වෙනුවෙන් ටිකට් ගන්න ඇවිත් මට අපූරු කතාවක් කිව්වා. අක්කේ කිකිළි එක බිත්තරයක් දාන්න හයියෙන් කෑගහනවා. ඒත් පැස්බරා බිත්තර ගණනක් දානවා. ඒ වුණත් කෑගහන්නේ නෑ. ඔයක් හරියට පැස්බරා වගේ කියලා නාලක මල්ලි මට කිව්වා. ඔහු මට කිව්වේ ඔයා ඉඳලා හිටලාවත් කරන දෙයක් ගැන සද්ද දාන්න, නැත්නම් ඔය මොන තරම් වැඩ කොටස් කරනවද මිනිස්සු දන්නේ නැහැනෙ කියලයි. මේ වන විටත් ජනතාව මොන තරම් මේ වෙනුවෙන් උනන්දුද කියලා තේරෙන්නේ හත් වැනිදා දර්ශනය වෙනුවෙන් වූ ප්‍රවේශපත් සියයට අසූවක් පමණ අවසන් වීමෙන්. මේ නාට්‍ය වැඩිය පෙන්නුවේ නැති වුණාට ජනතා ආකර්ශනය නම් ඉතාම ඉහළයි. වේදිකාගත කරන සෑම අවස්ථාවකදීම හවුස් ෆුල්. හැමෝම අහන්නේ ඇයි වැඩිය වේදිකාගත කරන්නේ නැත්තේ කියලයි. මේ සඳහා දායක වන අපි හැමෝම ඉතා කාර්යබහුලයි. සංවිධානය කරන්න අපහසුතාවය තමයි තියෙන්නේ. මේ වගේ හොඳ නාට්‍යයක් නිතර ජනතාව අතරට ගෙන යන්න ඕනි. ඒ වෙනුවෙන් දර්ශන ටිකක් ජනතාව අතරට ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ග්‍රීක ශෝකාන්ත නාට්‍ය පාසල් විෂය මාලාවට අයත් වෙනවා. ඒ නිසා ළමුන්ට හොඳ ග්‍රික නාට්‍යක් නැරඹීමේ අවස්ථාව මේ නිසා උදා වෙනවා.
ල මෙවර ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය නරඹන්න කැමැත්තෙන් සිටින ඔබට ළෙංගතු ප්‍රේක්ෂකයන්ට කියන්න පණිවුඩයක් තියෙනවාද? ලබන 07 වැනිදා සහ 18 වැනිදා වේදිකාගත වන ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය රසවිඳින්න එන්න. ඒ පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් 0772292662 මගේ දුරකථන අංකය අමතන්න පුළුවන්. තවත් විස්තර [email protected] සහ Shivanandaabinayogagurukula ෆේස්බුක් පිටුවෙන් දැනගන්න පුළුවන්.
|



මඟ වූ අත්දැකීම් ගැනත්
අපි ඇය සමඟින් කතා කරමු.
මේ තැන සාර්ථකව නිම වූ පසු තවත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා ඉෂ්ටකර ගන්න. අපේ නාට්‍ය
ශිල්පීන්ට පුහුණුවීම් කරන්න ස්ථානයක් වගේම සහනදායි මුදලට නාට්‍ය වේදිකාගත කරන්න
ස්ථානයක් ඇති කරන්නත් ඒ අතරේ වෙනවා.