|
|
|
සේපාලිකා නිසා රංබණ්ඩා වස බොයි
ජයසේකර අපොන්සුගේ නවතම චිත්‍රපටය
නිසල බවේ ගිලුණු වැව් දිය සිය පෙම්වතිය දෙසම බලා සිටින්නේ දැහැනකට සම වැදුණු කලෙක මෙනි. ශාන්තව ගලන වැව් දියේ වූ මේ නිසල බවත්, අවට පරිසරයේ නිහැඬියාවත් මදකට හෝ පලවා හරින්නේ මත්ස්‍යයෙකුගේ දැඟලීමයි. එවිට වැව් දිය මත නිසලව දිදුලන සඳවතියගේ ඡායාව විසිර යෑම නිසා රැගෙන එන්නේ අපූරු රටාවකි. වැව් දියත්, සඳ දියත් එක්තැන් වූ කල නැගෙන අපූරු චමත්කාරය දෙසම බලා සිටියේ යුවතියකි. උරපත්ත මත මුදාහළ ඇගේ කෙටි කොණ්ඩයත්, සඳවන් මුහුණත් මත වැතිර ගත් සඳ එළිය ඇගේ සුන්දරත්වය කියා පෑවාය. දිගු කල්පනාවක නිරතව සිටි ඕ වරෙක වැව් දියමතත්, වරෙක ඈත දිලෙන සඳ දෙසත් බැලුම් හෙලුයේ මේ ස්ථානය හුරුපුරුදු යැයි හඟවන්නාක් මෙනි. “ මිස්ටර් ගජේන්ද්‍රසිංහ මෙතැනට ඒවිද ? ” ඇය තමන්ටම මිමිණුවාය. තමාට ඔහුව මුණ ගැසුණේ කෙසේ දැයි සිහිපත් කළ ඕ එක්වරම වසර කිහිපයක් ඈතට සිත යොමු කළාය.
“ වර්ණ ගන්ධෝ ගුණෝ පේතං ඒතං කුසුම සංතොසින්........ ” කිහිපදෙනෙකුගේම මුණුමුණුවෙන් ඇසුණේ එවැනි ගාථා පාඨයකි. ඇය අසලම උන්නේ අවුරුදු හැටපහක් පමණ වයසැති පුරුෂයෙකි. ඔහු මේ යුවතියගේ පියාණන් බව නම් නොරහසකි. එමෙන්න ඇය අසලම තවත් කුඩා ළමුන් දෙදෙනෙක් සිටගෙන සිටියේ සිය දෙඅත් දොහොත් මුදුන් දි බැඳගෙන ය. ජාතික ඇඳුමෙන් සැරැසී සිටි මේ දෙදෙනාගේ දෙනෙත රැඳී තිබුණේ බෝධිය දෙසටම ය. ඔවුන් දෙස බලා සිටියේ සුන්දර තරුණයෙකි. ඒ අසලම සිටියේ තවත් කිහිපදෙනෙකි. ඔවුන් යන ගමන්මඟ වෙනස් කරමින් මේ සුන්දර තරුණයාගේ නෙත නතර වී තිබුණේ අනෙක් තැනකය. බෝධිය අසලට වී වඳීන යුවතියව මේ වනවිටත් ඔහුගේ දර්ශන පථයට හසුව තිබුණි. “ අන්න මම හොයන කෙල්ල...” ඔහු පැවසුවේ අන් අයගේ නෙතද ඒ දෙසට යොමු කරමිනි.
යුවතියත්, පවුලේ අන් අයත් වැඳ අවසන් වූයෙන් බෝධිය අසලින් ඉවතට පැමිණියහ. ඔවුන් අසලට පැමිණියේ නන්නාඳුනන පිරිසකි. වැඩිහිටි මිනිසා මේ පිරිස දෙස ද තම දියණිය දෙස ද බැලුවේ කුතුහලය රැඳුණු විමසිලිමත් දෙනෙතිනි. “ මේ ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක්. ගජේන්ද්‍ර සිංහ කියන්නේ මෙයාට තමයි.” ඒ පිරිසේ උන් එක් අයෙක් සුන්දර තරුණයාව හඳුන්වා දුන්නේ ය. “ ආ....... මම දන්නවා. මම ඔබතුමාගේ පික්චර් පිස්සෙක්. පසුගිය දවස්වල ආව ඔබතුමන්ගේ පික්චර් එක බලන්න ගියාට අපට බලන්න ලැබුණේ නැහැ නේ. ටිකටි ඉවර වෙලා තිබුණා. නේද සේපාලිකා. ” වැඩිමහල් යුවතියව ඇමතූ මිනිසාගේ සිතේ ප්‍රීතිය උතුරා ගියේ ය. “ මම මෙහේ ආවේ ෆිල්ම් එකක් කරන්න. මගේ අලුත්ම චිත්‍රපටයේ සෙකන්ඩ් රෝල් එකට ළමයෙක් සොයනවා. මෙයා නම් ඒ චරිතයට අපූරුවට ගැළපෙනවා. ” ගජේන්ද්‍ර සිංහ පැවසුවේ සේපාලිකා දෙසට ඇඟිල්ල දිගු කරමිනි. “ මොකක් ද කියන්නේ කැමැතිද රඟපාන්න. ” ඔහු තවත් යෝජනාවක් කළේ වැඩිහිටියා දෙස බලමිනි. “ඒ සේපාලිකා. මගේ ලොකුදුව. මොනතරම් එකක්ද රඟපාන්න ලැබෙනවා නම්. අපි කැමැතියි. ” සේපාලිකාගේ අප්පච්චි පවසන්නේ දිනෙක සිය දියණියව නිළියක කිරීමට සිතාගෙන සිටියා මෙනි. අනතුරුව ඔහු සිය දියණිය දෙස බැලුවේ ඈ කුමක් කියන්නේදැයි දැනගනු පිණිසය. සේපාලිකා සිය අප්පච්චිගේ දෙනෙත දෙසම බලාගෙන සිටියේ කෝලබවක් දෙනෙතෙන් පළ කරමිනි. “ මොකද කියන්නේ ලොකුදුවේ. උඹ කැමැතියි නේද ? ”
“ දූ කැමැතියි මහත්තයෝ. ” අප්පච්චී ඒ වනවිටත් අවසන් වචනය ලබා දී අවසන් ය. ඇය ඔවුන් දෙස බැලුවාය. “ එහෙම නම් ෂූටින් කරන තැනට එන්න. මෙන්න මගේ දුරකථන අංකය ” ගජේන්ද්‍ර සිංහ පැවසුවේ දිනුමක් ලද්දකු සේ ය. සේපාලිකාට සිහිපත් වූයේ රන් බණ්ඩාය. ඔහු කුමක් පවසනු ඇත්ද ? අප්පච්චිගේ වචනයට ද අකීකරු විය නොහැකි ය. ඕ සිත හදා ගත්තා ය. රූ ගත කිරීම් කෙරෙන පරිසරය බොහෝ වෙනස්ය. විවිධ වර්ගයේ මිනිසුන් අතර ගෙවෙන දවස් කිහිපය කල්පයක් සේ ය. අධ්‍යක්ෂවරයාගේ නෙත නිතරම රැඳී ඇත්තේ තමා අසල වග සේපාලිකාට පසක් වීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ඇය නිතරම ඕනෑකමින්ම ඔහුගේ නෙත් මඟ හැරියා ය. “ ඔය දෙබස හරියට කියන්න සේපාලිකා. ඒක කියන කොට ටිකක් එයාට ළං වෙන්න. මෙන්න මේ විදියට. ”
“ මේ මොකක්ද මෙතැන නටන නාඩගම. මම ළඟදිම සේපාලිකාව කැන්දන් යන්නයි ඉන්නේ. එහාට යනවා මෙතැනින්. ” සේපාලිකාත්, නළුවාත් අතරට පැන්නේ තරුණයෙකි. සරමක් හා අත්කොට කමිසයක් ඇඳ සිටි ඔහුගේ පෙනුම ගමක වෙසෙන්නෙකුගේ සිරි ඉසිලීය. ඔහුට අනෙක් අයගෙන් ලැබුණේ ඒ තරමටම හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු එතැනින් ඉවතට ගියේ තරහෙනි. “ රන් බණ්ඩා අයියේ පොඩ්ඩක් ඉන්න. ” සේපාලිකා ඔහු පසුපස වැටුණේ යමක් තේරුම් කර දෙන්නට ය.
කිසිවක් නොපවසා යන ඔහු දෙසම බලා සිටි සේපාලිකාගේ මුවඟින් පිටවූයේ සැනසුම් සුසුමකි. එදා රාත්‍රියේත් අද මෙන් සඳ පායා තිබුණි. මේ අයුරෙන්ම මුළු පරිසරයම සුන්දරත්වයේ ගිලී ගියේ ඔවුන් නිසා නොවේදැයි තෙවානිගේ සිත මොර ගෑවාය. හරියටම තමා සිටින මේ ස්ථානයේ ඔවුන් දෙදෙනා මුණ ගැසුණු අයුරුත්, සමුගෙන යන සේපාලිකාට හදිසියේම ඇසෙන රන් බණ්ඩාගේ කෙඳීරිගෑමත් නිසා ඕ ආපසු දුවගෙන ආවේ විගසිනි. “ දෙයියනේ රන් බණ්ඩා මොකක්ද මේ කර ගත්තේ.” සේපාලිකා පැවසුවේ එපමණ ය. එවිගසින්ම පෙණුණේ සීතල වැව් දියේ ගැඹුරු කැලඹීමක් සමඟ ඇසුණු ‘ජබොග් ’ ස්වරයයි. රන් බණ්ඩා වස බිව්වා ද? නැත්නම් වස පෙව්වාද? ඒ නිසා සේපාලිකා කුමක් කර ගත්තේ ද? මේ තෙවානි කවුරුන්ද? ඇගේත් ගජේන්ද්‍ර සිංහගේත් සම්බන්ධය කුමක්ද? මේ ගැන දැන ගැනීමට නම් ඔබට ඉදිරියේ දී පැමිණීමට නියමිත ජයසේකර අපොන්සු අධ්‍යක්ෂණය කළ ‘ තරු සොබා ’ චිත්‍රපටය නැරැඹීමට සිදුවෙයි.
|
|



අවට පරිසරය ගිලගත් දැඩි අඳුර පලවා හරින්නට මෙන් අහස් ගැබේ සරා සඳ දිලෙයි. සෙමෙන්
සෙමෙන් මෝදුවන සඳ පිරිවරා සිටින තාරකාවෝ අහස් ගැබේ විසිර සිටින්නේ සඳවතියට සිය
ප්‍රේමවන්තයා එවන ලද සුන්දර ආදර හසුනක් සිහිපත් කරන්නාක් මෙනි. වරින්වර හමන මදනලේ
ගීතයේ අද ඇත්තේ වෙනමම ස්වරයකි. වැව්දියට තනි රකින ඒ අවට තුරුලතා ඉඳහිට අත වනනු
පෙනෙන්නේ සිය මිතුරු බව සිහිපත් කරන්නට පමණක් නොවේ. තමා ද ඒ අසල සිටින වග සිය
මිතුරියට හඟවන්නට මෙනි.
කරල් දෙකට ගොතන ලද දිගු කොණ්ඩය උවන දෙපසින් පැමිණ දණ දෙපස දක්වා විහිද තිබිණි. ඇගේ
ශරීරයේ පැහැයටම ඔබින පැහැයකින් හැඳ සිටි ඔසරිය යුවතියගේ සුන්දරත්වය තව තවත් තීව්‍ර
කළා ය.
ඔහු නැවත වරක් ඇසුවේ ඇයගෙන් පිළිතුරක් ලබා ගැන්මට ය. චිත්‍රපටවලට ප්‍රිය කරන
අප්පච්චිගේ සිහින ඇය දැන උන්නාය. කුමක් පවසන්න දැයි ඇයට සිතාගත නොහැකිය. ඈ එක්වරම
යමක් පැවසීමට සිතුවා පමණි.
රඟපාන අයුරු කියාදුන් ලෙසින්ම කළ යුතු බැවින් සේපාලිකා තමා අසලම උන් නළුවා ළඟට
ළංවූවා පමණි.
“ රන් බණ්ඩා අයියේ මේ හැමදේම සිද්ධ වෙන්නේ මගේ කැමැත්තෙන් නෙවෙයි. අප්පච්චිගේ
කැමැත්ත නිසා. අනෙක් එක රූගත කිරීම් ඉවර වෙනකම් මේ හෝටලේ තමයි අපිව තියාගෙන ඉන්නේ.
මෙතැනින් එළියට එන්න විදියක් නැහැ. ඒ නිසා ඔයා අද රෑට වැව ළඟට එන්න. අපි එතැනදි කතා
කරමු. ”