|
|
ඇසිඩ් සැර වැඩියිද?චාමර ජනරාජ් පීරිස් ගෙන් දැන ගනිමු
මගේ මීළඟ නිර්මාණය මන්ත්‍රී කෙනෙක්ගේ ආදර කතාවක්
අම්ල ගැන නොවුනත් සංගීතයේ නම් සම්බන්ධයක් මේ ඇසිඩ් සමඟ තියෙනවා. මේකට සම්බන්ධ චාමර ජනරාජ පීරිස්. ඔහු ගැන නම් අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. පියවි, යාය 4, අයාල් වගේ ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයේ වෙනසක් කළ සම්මානනීය වූ අපූරු නිර්මාණකරුවෙක්. චාමර අලුත්ම ටෙලි නාට්‍ය නම් කළේ ඇසිඩ් නමින්. ඇසිඩ් දැන් සෑම සතියේ දිනකම දෙරණ රූපවාහිනියෙන් විකාශය වෙනවා. අපි ඇසිඩ් ගැන චාමර එක්ක කතා කරමු. ඇසිඩ් කියන්නේ අලුත්ම තාලයේ කතාවක්? දෙරණ රූපවාහිනියේ විකාශය කෙරෙන ඇසිඩ් ටෙලි නාට්‍ය සාමාන්‍ය කතාවලින් වෙනස් අලුත් මාතෘකාවත් තේමා කරගත් ටෙලි නාට්‍යයක්. අපේ රටේ එක එක විදියේ මාෆියා තියෙනවා. මත් ද්‍රව්‍ය, එතනෝල්, හොර බඩු වගේ විවිධ මාෆියා ඕනෑ තරම් සිදු වෙනවා. ඉන්දියාව, තායිලන්තය, චීනය ආදි රටවල මිනිස් අවයව සොරකම් කිරීම වෙනුවෙන් මාෆියාව ප්‍රබල ලෙසින් සිදු වෙනවා. ඔබ නොදන්නවා වුනත් මෙය අපේ රටේත් ක්‍රියාත්මක වෙනවා. ඇසිඩ් නමින් මගේ අලුත්ම ටෙලි නිර්මාණයට පාදක වෙන්නේ එයයි. මේ වගේ වෙනස් කතාවක් නම් එතැන තියෙන්නේ ඔබේ නම? ඒ මගේ හැටි. කරන්න දෙයක් නැහැ මම කරන්නේ වෙනස් දේවල්. ඇසිඩ් කතාව මොකක්ද?
ඉහළ මධ්‍යම පාන්තික පවුල් ජීවත් වෙන නව නිවාස සංකීර්ණයක් ආශ්‍රිතව මේ කතාව
ගොඩනැඟෙනවා. හැම ගෙදරකම වගේ මේ නිවාස සංකීර්ණයේ වෙසෙන අම්මලාගේ බලාපොරොත්තුවත් තම
දරුවන් ඉංජිනේරුවන්, දොස්තරවරු, නීතිඥවරු කරන්නයි. නමුත් මේ දරුවන්ගේ එකම
බලාපොරොත්තුව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බිහිකර සාර්ථක වීමයි. ඔවුන්ගේ සංගීත
කණ්ඩායමේ නමත් ACID. ඒ වුණත් මෙහි ඊට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තිබෙන බව ආරංචියි? මේ සමඟ අපි ගීත නිර්මාණය කරනවා. මේ සංගීත කණ්ඩායමේ කොල්ලන්ගේ වැඩ තමයි ඒ. සතියකට වරක් අපි අලුත් ගීතයක් නිර්මාණය කරලා එළි දක්වනවා. ඒක ටෙලි නාට්‍යයට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒවා පසුව වෙනත් නාලිකා හරහාත් ඔබට අසන්නට ලැබේවි.
මහන්සි වෙලාගෙදර ආවාම රිලැක්ස් වෙලා ප්‍රශ්න නැතුව ටෙලි නාට්‍ය රසවිඳින්න ප්‍රේක්ෂකයා කැමැතියි. මම මෙතෙක් කාලයක් කළ නිර්මාණ වලදී අවසාන වන තෙක්ම ප්‍රේක්ෂකයා දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. නමුත් මේ නිර්මාණයේදී පිටරට නිර්මාණවල තියෙන දෙයක් මම පාවිච්චි කළා. එහිදී කතාවේ වෙන දේ ප්‍රේක්ෂකයා දන්නවා. ඒ වුණත් අධ්‍යක්ෂවරයාවත් නළුවාවත් වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ප්‍රේක්ෂකයා දන්නවා දැන් හොරේ අහු වෙයි දැන් හොරේ අහු වෙයි කියලා. ඒ වුණත් නළුවාවත් අධ්‍යක්ෂවරයාවත් ඒක දන්නේ නැහැ. පිටරට නාට්‍යවල බහුලව සිදුවන මේ දේ මම ඇසිඩ් නාට්‍යයට යොදා ගන්න තීරණය කළා. ඇත්තටම මං ඒ ගොන් වැඩේ කළා. ඇසිඩ් සමඟ ඔබ අලුත් මුහුණු කිහිපයක්ම ක්ෂේත්‍රයට එකතු කරලා තිබෙනවා? මේ අලුත් වැඩේට අලුත් මුහුණු එකතු කරගන්න හිතුවා. ඒ මහඟින් අලුත් කොල්ලො කෙල්ලෝ ටිකක් ඇසිඩ් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. ප්‍රධාන නළු නිළියන්ට අමතරව නවකයන් මම එකතු කර ගත්තේ මගේ ෆේස් බුක් එකවුන්ට් එකෙන්. එහි යෙදු දැන්වීමක් අනුව පැමිණි එකසිය හැත්තෑවකගෙන් මම විසි දෙනෙක් තෝරා ගත්තා. රංගනයට නවකයන් පිරිසක් අභියෝගයක් වුණේ නැතිද? රංගනයට අලුත් වුණත් මේ හැමෝම දක්ෂයන්. ඉඹ්ධ්ඊ එකේ එහෙම ඉගෙන ගත්තු අය. ඒවගේම සංගීතයට දස්කම් දක්වන අය. ඔවුන් ඉතාම දක්ෂ ලෙසින් සංගීත භාණ්ඩ වාදනයේ යෙදෙනවා. සමහරු නියැළෙන්නේ පරිගණක අංශ ආශ්‍රිත රැකියාවල. ඒවගේම විදේශයන්ට සම්බන්ධ ආයතනවල සේවය කරන අයත් ඉන්නවා. රාත්‍රියේදී අමෙරිකාව වගේ රටවල වේලාවෙන් සේවය කර උදේ රූගත කිරීම්වලට එන අයත් ඉන්නවා. එකම නළු නිළියන් කණ්ඩායමක් හැම ටෙලි නාට්‍යකම සිටීම ඒකාකාරියි. කලින් කතාවේ තේ එක බීපු විදියට මේ කතාවේ තේ එක බොනවට මම කැමති නැහැ. හැමෝම උනන්දුවෙන් මේ කටයුත්තට දායක වෙනවා. මුල් කාලයේදී නම් මොන්ටිසෝරියක් වගේ වුණා. දැන් නම් අට වසර නවය වසර වගේ හොඳයි. මං හිතන්නේ ටෙලි නාට්‍ය ඉවර වෙනකොට උපාධිය අවසන් කළා වගේ ඉඳිවි. ප්‍රවීණයන්ගේ ප්‍රතිචාරය? දුලීකා මාරපන, චමිලා පීරිස් ජනක කුඹුකගේ වැනි පිරිසක් මේ සඳහා දායක වෙනවා. ටෙලි නාට්‍ය බර ගණනකට දායක වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන් පමණක් ගන්න මට ඕනි වුණේ නැහැ. ඇත්තටම චරිතයක් වටින්නේ මුල, මැද, අග හරියට වටහා ගෙන රංගනයේ නිරතවීමයි. ජනක් මේ වැඩේ පටන් ගන්නකොටම ඇහුවේ මේ කට්ටිය එක්ක අපිට වැඩේ කරන්න පුළුවන් වේවිද කියලයි. දැන් ඇසිඩ් රූගත කරලා විකාශයත් ආරම්භ කරලා ටිකක් කල්. පසුගිය දවසක ජනක මට කිව්වේ “කොල්ලො ටික මරුනේ” කියලා. ඒ වගේම මගේ පෙර නිර්මාණයක් වූ පියවි ටෙලි නාට්‍යයෙන් හොයා ගත්තු එරංග ජීවන්තත් නියම බුලට් එකක්. මේ වෙනසට ප්‍රේක්ෂකයාගේ පිළිගැනීම? මේ ටෙලි නාට්‍ය ටෙලි නාට්‍ය බලන්නේ නැති පිරිසක් බලනවා. මොකද මේක අන්තර්ජාලය සමඟ ගොඩක් සම්බන්ධයි. ෆේස් බුක් හරහා විශාල රසික රසිකාවන් පිරිසක් මේවටා රොක් වෙලා ඉන්නවා. රධභබභඡඥ හරහා විශාල ප්‍රමාණයක් ඇසිඩ් නරඹනවා. අපි මේ වෙනුවෙන් ආරම්භ කළ ෆේස් බුක් ගිණුමට හාරදහසකට ආසන්න පිරිසක් සම්බන්ධවෙලා ඉන්නවා. වර්තමානය වන විට ටෙලිවිෂනය සමඟ සම්බන්ධ වෙලා සිටින්නේ වයස අවුරුදු පනහ වගේ මට්ටම්වල සිටින පුද්ගලයන්. අද තාරුණ්‍ය අන්තර්ජාලය වටා රොක් වෙලා ඉන්නේ. ඒත් ඉතිං ටෙලිවිෂනයේ සුපුරුදු ප්‍රේක්ෂක පිරිසේ ප්‍රශ්නය වුණේ ඇයි උඹ මෙගා එකක් පටන් ගත්තේ කියන එකයි. ඒකට මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබ දන්නවා ඇති මහගමසේකර කියන්නේ අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨතම කවියෙක්. ගීපද රචකයෙක්. ඒවගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ‘ගැඹුරු සත් සමුදුර පතුල’ වගේම ‘පත්තරෙන් ඇවිත් ඇත්ද යම් කෙනෙක්’ ගීත රචනා කළෙත් එතුමා. මෙගා නිර්මාණයක් ලෙසින් ඇසිඩ් කොටස් ගණන? මෙගා වුණත් ඇසිඩ් කොටස් සියයට වඩා වැඩි නෑ කියලා කියන්න පුළුවන්. ඉන්දීය මෙගා ටෙලි වගේම කොරියානු නිර්මාණත් අපේ රූප පෙට්ටිය ආක්‍රමණය කරලා නේද? ඉන්දියාවේ ටෙලි නිර්මාණවලට මාර මාකට් එකක් තියෙන්නේ. එහේ සාරි බජට් එකට විතරක් යන මුදලටත් වඩා අඩුයි අපේ සම්පූර්ණ නිර්මාණයක් කරන්නත් යන්නේ. ඒ වුණත් අපේ ටෙලිවලින් ඉන්දිය නිර්මාණවලට වගේ රේටින් බලාපොරොත්තු වෙනවා. ඒකට මාකට් එකත් බලපානවා. ඉන්දියාවේ ජනගහණය අතින් බැලුවොත් ඉතා ඉහළයි. අපේ රටේ කෝටි දෙකක ජනගහණයෙන් ලක්ෂහතළිහක් වැනි ප්‍රමාණයක් තමයි ටෙලිවිෂනය වටා රොක් වන්නේ. අපට ඉන්දියාවේ සාරි බජට් එක තරම් නැතත් අපි අපට පුළුවන් විදියට නිර්මාණ කරනවා. තවත් කාරණයක් තියෙනවා ඉන්දියාවේ ග්‍රාම්‍ය ජනතාව අතිශයනේම ග්‍රාම්‍යයි. ඔවුන්ට අකුරු ලියන්න තියා අත්සනවත් ලියා ගන්න බැහැ. ඒ ග්‍රාම්‍ය ජනතාව වෙනුවෙන් හදන නිර්මාණ අපට ගැලපෙන්නේ නැහැ.අපේ ග්‍රාම්‍ය ජනතාව ඒ මට්ටමට වඩා ගොඩන් ඉහළින් ඉන්නේ. ඔවුන් පට්ට බුද්ධිමත්. අර වගේ දේවල් මෙහ පෙන්නුවාම අපේ අයත් නොදැනුවත්ම ග්‍රාම්‍ය වෙනවා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ගොඩක් ඉන්දිය නිර්මාණවල හැමදේම කරන්නේ සාලයේ. රෙදි මදින්නෙත්, එළවළු සුද්ධ කරන්නෙත්, ටීවි බලන්නෙත් මේ හැමදේම කරන්නේ සැලයේ. ඔවුන්ට ආලෝකකරණය පිළිබඳ ගැටළු වුණාම හැමදේම එකම තැනට ගන්නවා. ඉතිං අපේ අය මොකද හිතන්නේ. ෂා... මේක නියමයිනේ කියලා ඔවුනුත් හැම දේටම සාලය භාවිත කරනවා. කොරියාව කියන්නේ සියදිවි නසා ගැනීමෙන් ඉදිරියෙන්ම සිටින රටක්. ඇයි ඒ වගේ රටකින් ටෙලි නාට්‍ය ගෙන්වන්නේ කියලා මට හිතාගන්න බැහැ. පිටරට දේවල් අපේ රටට ගේන්න පුළුවන්. ඉන්දියාවෙන්, කොරියාවෙන් නෙවෙයි ඕනි නම් මෙක්සිකෝවෙන් ටෙලි නාට්‍ය ගෙනාවත් අපට කමක් නැහැ. එක දවසින් පිටපත ලියලා රූගත කරන ටෙලි කලාවකුත් අපේ රටේ තියෙනවා නේද? මම ඒ කලාව අනුමත කරන්නේ නැහැ. මගේ නිර්මාන හැම එකකටම පිටපත් තියෙනවා. මුල, මැද, අග සම්බන්ධ පිටපතක් මගේ නිර්මාණවලට තියෙනවා. ඒවගේම ටෙලි නාට්‍යයේ මොකද වෙන්නේ කියලත් මම දන්නවා. ඇසිඩ් ටෙලි නාට්‍යයෙන් පසු නිර්මාණය මොන වගේ එකක්ද? මන්ත්‍රීවරයෙකුගේ ආදර කතාවක් ගෙන එන ටෙලි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු ආදරය කරන්නේ කොළඹ, විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සරුවපිත්තල ලෝකයක් මවාගෙන සිටින තරුණියකට. මේ අතරම ගමේ තරුණියක මන්ත්‍රී බිරිඳක් වීමේ ආසාවෙන් ඔහු බලාපොරොත්තුවෙන කතාවක් එහි රූපයට නැගෙනවා. ළඟදීම එහි වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
|



ඇසිඩ් කිව්වම අපි ටිකක් බය වෙනවා. අපි ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ ඇසිඩ් කියන්නේ අම්ල
කියලයි. ඇසිඩ්වලට පිච්චෙනවා. අපේ මිනිස් සිරුරට ඇසිඩ් අවශ්‍යයි කියලත් අපි හොඳින්ම
දන්න දෙයක්. ඒ වගේම ඇසිඩ් සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒ සංගීතය ගැනයි. ඇසිඩ් රොක්
නමින් සංගීත ශෛලියකුත් තියෙනවා. එක්දහස් නවසිය හැට හැත්තෑව දශකවල ජනප්‍රිය වූ මේ
ඇසිඩ් රොක් ක්ෂණික සංගීත රිද්ම නිර්මාණකරණය පදනම් කර නිර්මාණය වූවක්. අද අපිත්
ඇසිඩ් ගැන කතා කරනවා.
මේක ඔබ කළ අනෙකුත් නිර්මාණවලින් වෙනස්?