|
|
තාබුගේ ශක්තිය
චාන්ද්නී බාර් චිත්‍රපටය වෙනුවෙන් ඇය ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මානයටත් පාත්‍ර වුණා. පසුගිය වසරේ Heider (හේඩර් චිත්‍රපටයේ) අම්මා කෙනෙකුගේ චරිතයෙන් පසු ඇය එඩ්තර පොලිස් නිළධාරිනියකගේ චරිතයෙන් ඔබ හමුවට එන්න සූදානම් වෙන බව ආරංචියි. තාබුගේ චරිත ගැන කතා කරනකොට ඒ චරිත වල සුවිශේෂත්වයක් තියෙනවා. බොහොම ශක්තිමත් ප්‍රබල කාන්තා චරිත තමයි තිරයේදී අපට තාබුගෙන් දකින්න ලැබෙන්නේ. දැන් ආයමත් තාබු රිදී තිරයට එන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මීරා දේශ්මුක් ලෙසින්. ඒ නිෂිකාන්ත් අධ්‍යක්ෂණය කරන Drishyam (දෘෂ්‍යාම්) චිත්‍රපටයෙන්. මීරා දේශ්මුක් සත්‍ය හෙළි කර ගැනීමට ඕනිම දුරක් යන කාන්තාවක්. මේ චරිතය තාබු පණ පෙවූ චරිත අතරින් දැඩිම චරිතය කියලයි ඇතැමුන් හඳුන්වන්නේ. දෘෂ්‍යාම් චිත්‍රපටයේ තාබු සමඟින් අජේ දේව්ගන්ද රංගනයෙන් දායක වෙනවා. ඔහු පණ පොවන්නේ මධ්‍යම පාන්තික පවුලක පුද්ගලයෙකුගේ චරිතයකට ඉදිරියේදි අපට මේ දෙදෙනාගේම රඟපෑම් දෘෂ්‍යාම් චිත්‍රපටයෙන් බලන්න පුළුවන්. |



බොලිවුඩ් නිළි තාබු හින්දි තිරයේ කා අතරත් ජනපි‍්‍රය වූ නිළියක්. ඕනෑම චරිතයකට පණ
පොවන්න ඔට්ටු නිළියක් විදියට තමයි ඇයව හඳුන්වන්නේ. 2007 වසරේදී
Cheeni Kum
(චීනිකුම්) සහ 2001 වසරේ Chandni
Bar (චාන්ද්නී බාර්) චිත්‍රපටවලින් ඇය කතාබහට ලක්
වූ චරිත නිරූපණය කළා.