වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

සිනමාවේ හෙට දවස

අද තාක්ෂණය දියුණු වී තිබෙනවා. අපි කාටත් කියන්නේ අපේ රට තුන්වන ලෝකයේ දියුණු වන රටක් කියලා. නමුත් අපේ චිත්‍රපට පෙන්වන්නේ මීට අවුරුදු ගණනකට කලින් තිබුණු තාක්ෂණයෙන්මයි. අපිට දක්ෂ සිනමාකරුවන් ඉන්නවා. ඒත් සිනමාවේ සංවර්ධනය ගැන නොහිතන දේශපාලන බලධාරීන් වගේම ඔවුන් පසුපස යන කලා හෙංචයියන් ගැනත් අපට තියෙන්නේ මහා දුකක්. ඔවුන් පසෙකින් තබා දේශපාලනික ඇඟිලි ගැසීමකින් තොරව අපි අපේ ගමන යමු. අපට අවශ්‍ය ශ්‍රී ලාංකීක සිනමාව ලෝකයේම ඇස් ඇරවන සිනමාවක් කරන්න.
 

මලිඳු කුමාරසිංහ - වතුවත්ත

දුම්මලසූරිය

දුලීක හා කෞශල්‍ය

'නීල පලිඟුදිය' ටෙලි නාට්‍යයේ දුලීකා මාරපන සහ ගිරිරාජ් කෞශල්‍ය අඹු සැමියන් ලෙස කරන රඟපෑම අපව විමෝද වන අයුරින් රඟපා තිබීම ගැන අප ඉමහත් සේ සතුටු වන්නෙමු. ඊට අපගේ ස්තූතිය.
 

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ල

ආලකමන්දාව හොඳයි

ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.10 ට විකාශනය වන සම්මානලාභී නිෂ්පාදකවරියක් ලෙස ජාතික රූපවාහිනියේ නමක් දිනා ඇති විනීතා කරුණාරත්න මහත්මිය අධ්‍යක්ෂණය කරන ආලකමන්දාව ඉතා අගනා විශිෂ්ටතම ගණයේ වැඩසටහනකි.

කලාව වෙනුවෙන් අනූපමය සේවයක් කළ රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් වටා ගෙතුණු මෙම වැඩසටහන මඟින් පැරැණි කලාකරුවන් කලාකාරියන් කලාව වෙනුවෙන් කළ අනුපමේය සේවාව මෙම වැඩසටහන මඟින් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය බව කිව යුතුයි. කවදත් රසික අප වෙනුවෙන් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන ජාතික රූපවාහිනියට සුබපතමි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

විරිදු ගායනා නැවත ඕනෑ

ජාතික ගුවන් විදුලියෙන් නවතා ඇති ජනප්‍රිය විරුදු ගායක සේන ෆොන්සේකා, ගායිකා දයා නෙල්ලම්පිටිය වැනි විරිදු ගායක ගායිකාවන්ගේ විරිදු නැවත ප්‍රචාරය කරන ලෙස සභාපතිතුමා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.
 

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා

ඥානා කුමාරි පෙරේරා

මදු සුරන්ගි පෙරේරා

කළුබෝවිල

චලනි සිරිවර්ධනට

නිම් තෙර වැඩ සටහනින් අපේ ආලින්දෙට ආවා
සිත් ගත් අයුරින් ඔබ වැඩසටහන කෙරුවා
දකින රසික කාටත් මදහස පෑවා
සුබ උපන් දිනයක් ඔබට අපි පැතුවා
 

දයාරත්න පවුලේ සැම

හොරගස්මුල්ල, දිවුලපිටිය

අනූෂා අප දුටුවා

අනූෂා දිගු කලකට පසුව ඔබේ සැබෑ රඟපෑමක් කුලැත්තියෝ තුළින් අප දුටුවා. ඔබ රඟපෑ නාගරික දඟකාර චරිතවලින් ඔබ්බට ගිහින් රංගනයේ විවිධ ඉසව් ඔබට ග්‍රහණය කළ හැකි බව මනාව ඔප්පු කළා. විවිධ චරිත සඳහා නිළියන් සොයන අධ්‍යක්ෂවරුන්ට ඔබ හොඳ සොයා ගැනීමක් වේවි ඉදිරියේදී.
 

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

පූජාට ආසයි

මම පූජා උමාශංකර් අක්කිගේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි.
 

පී යූ. ඩී. නිලූකා

අවිස්සාවේල්ල

දීර්ඝායුෂ

රසාලිප්ත මධුර ස්වරයෙන් අපගේ දෙසවන් සනසාලූ ටී. එම්. ජයරත්න මා හද බැඳි ගායකයාණෙනි, ඔබට දීර්ඝායුෂ.
 

කමල් ප්‍රියන්ත ජයසිංහ

ගොඩගම ජනපදය, නක්කාවත්ත

අභාග්‍යයකි

අපේ නළු නිළියන් එක් එක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කළත් කලාවටවත් පොදුවේ කලාකරුවන්ටවත් සෙතක් නොවීම අභාග්‍යයකි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

ගීත ඉල්ලීම් දෙන්න

ලක්ෂ සංඛ්‍යාත හද බැඳ ගත් වෙළෙඳ සේවය ඔස්සේ නැවතත් අසන්නන්ගේ ඉල්ලීම් තීරය ආරම්භ කරන මෙන් ගුවන් විදුලි සේවයේ නව සභාපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
 

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ

මාතලන් ඕනෑ

ජාතික රූපවාහිනිය ඔස්සේ පනහ දශකයේ ප්‍රේක්ෂකයන් වැලඳ ගත් මාතලන් චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කළා නම් යොවුන් තරුණ පරපුරට දැක බලා ගන්න කොච්චර හොඳද.
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

ලාල් සේනාධීරට

දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස නමක් දිනා සිටි අප කවුරුත් දන්නා කෝපි කඩේ රත්නෙ අයියා සිහි කර ඔහු වෙනුවෙන් යම් කිසි උපහාර පිදීමක් කරන්නේ නම් කෙතරම් අගනේද?
 

නිමල් කුලසේකර

අඟුලාන

ජෝති රාත්‍රිය

ජෝති රාත්‍රිය වැඩ සටහන කුමන ගුවන් විදුලි නාළිකාවක් මඟින් හෝ ආරම්භ කරන්න. එයට හොඳම නිවේදිකාව මේඛලා වසුන්දරා මහත්මිය වේ.
 

සුනිල් ජයකොඩි

නිකවැරටිය, බෝගල්ලාගම

කනගාටුවට කරුණකි

ආරියසිරි විතානගේ කී සැනින් ශ්‍රවණ සිත් තුළ ජනිත වන්නේ මධු රසාංග සංගීත වැඩසටහනයි. අද මධු රසාංගයක් නැත. ආරියසිරි විතානගේත් නැත. ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් විවිධ පෙළහර පෑ ආරියසිරි මේ දක්වා ඇගයීමකට ලක් නොවීම කනගාටුවට කරුණකි.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන
 

ධෛර්යය ලැබේවා

මෙරට බිහි වූ විශිෂ්ට සංගීතඥයකු හා ගායකයෙකු වන සුනිල් සාන්තයන් සංගීතයේ හෙළ ලකුණ සොයා මහත් දුක් ගැහැට විඳිමින් අපමණ වෙහෙසක් ගත් නමුදු ජීවිතයෙන් සමුගත් බැවින් ඔහුට එය කළ නොහැකි විය.

නූතන පරම්පරාවේ සංගීතයේ දේශීය මුල් සොයා යන නදීක ගුරුගේ සංගීතවේදියාණෙනි, ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
 

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

S.M.S.

පිය පදවිය ලබන්න බලන් ඉන්න විශ්ව අයියට සුබ පතනවා. විශ්ව කොඩිකාරට ලස්සන පුතෙක් ලැබෙන්න ඕනෑ.
 

සම්පත්

උඩුදුම්බර

සිංහල සිනමාවේ සිටිය උසම උස වනරාජා බැසිල් ද සේරම් ඔබ යළි අප අතරම ඉපදේවා.
 

සුදත් නිශාන්ත

මීගමුව

70, 80 දශකයේ සිංහල සිනමාවේ අපේ දක්ෂ සටන් නළුවන් වූ ඇලෙක්සැන්ඩර්, රොබින්, බන්දු වගේ සටන් නළුවන් අපට කවදාවත් දකින්න වෙන්නේ නැහැ.
 

එස්. වීරසිංහ

අනුරාධපුරය

අයේෂා වීරකෝන් ඔබ මාධ්‍යයෙන් සැඟව ඉන්නේ ඇයි. ඔබේ සිනමා අත්දැකීම් අප හා බෙදා ගන්න අකැමැතිද?
 

ආර්. එම්. එච්. රත්නායක

කිරිඳිවැල

ශිහාන් අයියේ ඔයාගේ 'මගේ වෙලා' සිංදුවට මං ගොඩක් ආසයි.
 

සමන්මලී

මහරගම

මේ ආදරයයි ටෙලි නාට්‍යයේ හඬ කැවීම් අති සාර්ථකයි. හැම දෙබසක්ම හදවතටම දැනෙනවා.
 

පී. ඩී. හර්ෂ විරාජ්

මාකඳුර

දසුන් මධුෂාන් මල්ලි ඔයා මොකද මේ දවස්වල කරන්නේ. අලුත් සිංදුවක් එහෙම කළේ නැද්ද අපිට අහන්න.
 

නිලූකා ප්‍රියදර්ශනී

නාත්තන්ඩිය

ලක්ෂ්මන් ප්‍රනාන්දු අයියේ ඔයාගේ අලුත් මල් වසන්තයේ රොන් සොයා සෙනෙහසින් මත් වෙලා ගීතය හා සංගීතය ද ඉතාමත් හොඳයි. අපි ගීතයට ගොඩක් කැමැතියි. අයියට සුබපැතුම්.
 

රම්‍යා, ලලිතා, ලක්ෂ්මී, රමණී

නුවරඑළිය