වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කුමාර් අබේසිංහ සමුගනී

කුමාර් අබේසිංහ සමුගනී

ලේක්හවුස් ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික ගුවන් විදුලි සංස්ථාව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරයකු වූ කුමාර් අබේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට වයස අවුරුදු හැත්තෑවක් වූ හෙතෙම දෙදරු පියෙකි. ලාබාලතම අවධියේදී පරිපාලන ක්ෂේත්‍රයට එක්වූ ඔහු ගුවන් විදුලි සංස්ථාව එෆ්. එම්. තරංග කිරීමේදී පුරෝගාමී මෙහෙයක් කළේය. එමෙන්ම සභාපතිත්වය දරන අවස්ථාවන්වලදි තම ඥාණය උපයෝගි කරගනිමින් නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට හෙතෙම ක්‍රියා කළේය. ජනසන්නිවේදන, තැපැල් සහ විදුලි සන්දේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකුද වන ඔහු නුවරඑළියේ හිටපු දිසාපති වරයකුද වේ.

කුමාර් අබේසිංහ මහතාගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා තලවතුගොඩ වැලිපාර සුසානභූමියේදී සිදුකෙරිණි.


විලී බ්ලේක් මියයයි

දේශීය සිනමාව ආරම්භයේ බිහිවූ විශිෂ්ටතම සිනමා කැමරා ශිල්පියකු ලෙස සැලකෙන විලී බ්ලේක් පසුගියදා අභාවප්‍රාප්ත විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය නිර්මාණයෙහිලා රජයේ චිත්‍රපට අංශයේ කැමරා ශිල්පියකුව සිට සිය රැකියාවද පසෙකලා එයින් එළියට පිවිස ත්‍රිමුර්තියේ එක් අයකු වනුයේ විලී බ්ලේක්ය. (විලියම් ඇලෙක්සැන්ඩර් බ්ලෙක්) රජයේ චිත්‍රපට අංශයට එක්ව රැල්ෆ් කීන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආදීන් සමඟ වාර්තා සිනමාකරණයෙහි නියැලිණ. පසුව රේඛාව චිත්‍රපටය සඳහා ආචාර්ය ලෙස්ටර් එයින් ඉවත්වෙද්දී සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත සහ විලී බ්ලේක් ද එයින් ඉවත්ව අවදානම් අනාගතයකට මුහුණ දුන්හ. ඩේවිඩ්ලින්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ කැමරාකරණයට දායක වූ විලී බ්ලේක් සන්දේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, අම්මාවරුනේ, ලොකුදුව, බැද්දේගම ඇතුළු චිත්‍රපට රාශියක් මෙන්ම වනසරණී වැනි ටෙලි වෘතාන්තයන්ගේද කැමරාව මෙහෙයවිය. වනරාජා චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කරන ලද එකම චිත්‍රපටය වේ. දීර්ඝ කාලයක් විලී බ්ලේක් ජීවත්වූයේ කැනඩාවේය. ඔහුගේ අවසන් කටයුතු සිදුවූයේ එහිදීමය. බ්ලේක් තිදරු පියකු වන අතර මියයනවිට ඔහුගේ වයස අවුරුදු අනූ තුනකි. විලී බ්ලේක් ගැන ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂඑම්.ඩී.මහින්දපාල ලියන ලද විශේෂ ලිපියක් ඇතුළු පිටුවක