|
|
31 වසරකට පසු Terminator නැවතත්
අතිශය බිහිසුණු තීරණාත්මක සිදුවීමක සේයාව දැන් පෙනේ. කුමකින් කුමක් සිදු වේදැයි සියල්ලන්ටම කුතුහලයකි. සමළ ඝාතකයා නැවත තිරයට පැමීණීම අත ළඟටම පැමිණ තිබේ. එනම් ටර්මිනේටර්ගේ ආගමනයයි. මෙවර ඔහුගේ පැමිණිමේ අරුත කුමක්ද? Terminator (ටර්මිනේටර්) බටහිර චිත්‍රපට රසික රසිකාවන්ට කිසිසේත්ම නුහුරු නුපුරුදු නමක් නොවන්නේය. හොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපටයන්හි සංඛේතයක් ලෙසින් හැඳින්වෙන ආර්නෝල්ඩ් ස්වාසෙනගර්ගේ ජනප්‍රියතම චිත්‍රපට මාලාව Terminator (ටර්මිනේටර්) බව කීමද අතිශ්‍යෝක්තියක් නොවේ. නුදුරු අනාගතයේ මිනිසුන් අභිබවන යන්ත්‍ර ස්කයිනෙට් නම් වූ කෘත්‍රිම බුද්ධිය විසින් අත්පත් කරගනු ලබයි. ස්කයිනෙට්හි ප්‍රමුඛතම අභිප්‍රාය වන්නේ මිනිස් සංහතිය සමූළ ඝාතනය කිරීමයි. මේ වෙනුවෙන් ඔවුන් විසින් ටර්මිනේටර් හෙවත් සමූළ ඝාතන රොබෝ මිනිස් යන්ත්‍ර යොදා ගැනේ. ජෝන් කෝනර් නම් මිනිසා යන්ත්‍රවලට අභියෝගයක් වෙමින් මිනිසුන්ගේ ජයග්‍රහණය ඉදිරියට ගෙන යයි. යන්ත්‍ර විසින් ජෝන් කෝනර් නැවැත්වීමට හැකි එකම ක්‍රමය ලෙස සමූළ ඝාතකයෙක් අතීතයට යවා ජෝන් කෝනර් ඉපදීමටත් පෙර ඔහුගේ මව මරා දැමීමට තැත් දරයි. අනාගත ජෝන් කෝනර් විසින් ස්වකීය ඉපදීම ආරක්ෂා කිරීම උදෙසා තම හිතවත් සොල්දාදුවෙකු අතීතයට පිටත් කර යවනු ලබයි. ටර්මිනේටර් පළමු චිත්‍රපටය සැකෙවින් මෙසේය. පළමු ප්‍රයත්නයෙන් අසාර්ථක යන්ත්‍ර සිය උත්සාහය අත් නොහරී.ජෝන් කෝනර් පිළිවෙලින් ළමා කාලයේදී සහ තරුණ වියේදී මරා දැමීම මේ දරුණු යන්ත්‍රයන්ගේ එකම අභිප්‍රායයි. ටර්මිනේටර් දෙවැනි සහ ටර්මිනේටර් තුන්වැනි චිත්‍රපටවල මෙම අවස්ථාවන් නිරූපණය වන අතර ඒ අවස්ථා දෙකේදීම ජෝන් කෝනර්ගේ ජිවිතාරක්ෂාව සඳහා අනාගත ජෝන් කෝනර් විසින් එවනු ලබන්නේ ද සමූළඝාතකයන්ය. මනුෂ්‍ය සංහතිය විශාල වශයෙන් විනාශ වුණු යුගයක් Terminator Salvation (ටර්මිනේටර් සැල්වේෂන්) චිත්‍රපටයේ නිරූපිත අතර ජෝන් කෝනර් අනාගතයේ මුහුණ දෙන ගැටළු එහිදී සාකච්ඡා කෙරේ. ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ පස් වැන්න වන Terminator Genisys (ටර්මිනේටර් ජිනියස්) ලබන ජූලි පළමු වැනිදා සිට තිරගත වීම ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ජෝන් කෝනර්ගේ අතීතයත් අනාගතයත් අවිනිශ්චිත අයුරින් වෙනස් වී ඇති අයුරු එහිදී දැකගත හැකිවනු ඇත. ටර්මිනේටර් ජිනියස්හි ප්‍රධාන චරිත ආර්නොල්ඩ් ස්වාසෙනගර් ටර්මිනේටර් ලෙසත්, ජේසන් ක්ලාක් ජෝන් කොනර් ලෙසත්, එමිලියා ක්ලාක් සාරා කෝනර් ලෙසත්, ජේ කොට්නි කයිලි රීස් නම් අනාගතයෙන් එවන සොල්දාදුවා ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඇලන් ටේලර්ගේ අධ්‍යක්ෂණයක් වන අතර ටර්මිනේටර් ඩේවිඩ් එලිසන් සහ ඩානා ගේල්ඩ්බර්ග්ගේ නිෂ්පාදනයකි. සමූල ඝාතකයා යළි ගෙන්වන ටර්මිනේටර් ජිනියස් මෙහෙයුම නිර්මාණයට අමෙරිකානු ඩොලර් මිලියන 170ක පිරිවැයක් වැය කර තිබේ.
|



