|
|
චමිලා තුළින් දැක්කේ මගේ අම්මා
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් රාජ් මඩවල
ගිරිගෝරිස් ධර්මදාස (සීයා) මගේ සීයා ජිවත් වුණේ දකුණු පළාතේ අම්බලන්ගොඩ පරගහතොට කියන සුන්දර ගමේ. අම්මාගේ තාත්තා වූ සීයා මට මුණගැහෙන්නේ පාසල් නිවාඩු කාලයට තමයි. පාසල් නිවාඩුව ලැබුණම මම අම්බලන්ගොඩ සීයාගේ ගෙදරට යනවා. මගේ සීයා තමයි ගමේ වෙද මහත්තයා. සුදු වෙද මහත්තයා කියලයි හැමෝම සියාට කිව්වේ. මට මතකයි සීයාගේ බෙහෙත් බඩු අසුරලා තිබුණු කාමරය. විවිධාකාර බෙහෙත් ඇසිරූ රාක්ක. ඖෂධ තෙල් දැමූ බූලි. සීයාගේ වෙදකම ගැන නම් මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ.
සීයා හරිම ආඩම්බර චරිතයක්. කුල භේදය එයා ළඟ තිබුණා බව මට තේරුණේ ගොඩක් ලොකු වුණාම.
ඉස්සර මහගෙදරට මිනිස්සු ආවට වාඩි වෙන්න වෙනම පුටු, බංකු තියලා තිබුණා. කුලයෙන් අඩු
සෝමලතා මියුලින් (අම්මා) මගේ අම්මා මගේ ජීවිතයේ සුවිශේෂම චරිතයක්. අම්මාගේ මතකය මගේ ජීවිතයේ විශේෂයි. අම්මා තරම් ඉවසීම ප්‍රගුණ කළ කිසිම කෙනෙක් මම දැකලා නැහැ. ඇයට මිනිසුන් තේරුම් ගන්න තිබුණේ පුදුමාකර හැකියාවක්. මගේ තාත්තා හරිම සැර පුද්ගලයෙක්. ඒ නිසා මමත් තාත්තාට දාන්න බැරි පාට් දැම්මේ අම්මට. මගේ චණ්ඩිකම් හැමදේම ඉවසුවේ අම්මා. එක දවසක් නම් අම්මා මගේ දඟකාරකමක් තාත්තාට කියලා වරුවක් මාව අඹ ගහක ගැටගහලා තිබ්බා. ඒක මට මගේ ජීවිතේට අමතක නොවන පාඩමක්. අපේ ගෙදර කෑමට කොළ මැල්ලුමක් වරදින්නේ නැහැ. ඒ වුණත් අම්මා මොන තරම් කිව්වත් මම කොළ මැල්ලුම් කෑවේ නැහැ. එක දවසක් අම්ම කෑම උයලා එළියට ගිය වෙලාවක මම හොරෙන් කොළ මැල්ලුම් ටිකක් කාලා බැලුවා. ඇත්තටම පුදුම රහයි. කොහොමත් අපේ අම්මා උයන කෑමත් හරිම රසයි. මම කොළ මැල්ලුම් කන්න ආසයි කියලා අම්මා දැනගෙන හිටියේ නැහැ. මම කුඩා කාලයේදීම ඇය මේ ලෝකයෙන් සමුගත්තා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණා. මගේ ජීවිතයත් ගොඩක් පහළට වැටුණා. ඒත් ජීවිතය ජය ගන්න ශක්තිය ඇය මට ලබාදීලා ගියේ.
ප්‍රියංවදා (පළමු පෙම්වතිය) මම කොළඹට එන්නේ පහ වසර ශිෂ්‍යත්වයෙන්. ඇවිත් ඉගෙන ගන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ආනන්දේ හොස්ටල් එකේ, බෝඩිංවල අත්දැකීම් සමඟ කාලය ගෙවුණා ප්‍රියංවදා මට මුළින්ම මුණ ගැහෙන්නේ උසස් පෙළ පංතියේදී. අපි දෙන්නම පුද්ගලික පංතිවලට ගියේ නුගේගොඩ. ඒ කාලයේ මම නැවතිලා හිටියේ පන්නිපිටියේ. ඇය දෙල්කඳ. 138 බස් එකේ තමයි අපේ ප්‍රේමයට හොඳම තැන වුණේ. පළමු ප්‍රේමය පුදුමාකාර එකක්. ඒක ඇති වෙලත් නැති වෙලත් දැන් අවුරුදු විස්සකටත් වැඩියි. සති අන්තයේ පංති තියෙන දවස එනකල් අපි ඇඟිලි ගනිමින් ඉන්නේ. අපට කතා කරන්න ලැබෙන්නේ නැති නිසා පංති ඉවරවෙලා 138 මහරගම – පිටකොටුව බස් එකේ පිටකොටුවට ඇවිත් ආපහු යනවා. ඊට පස්සේ මම ඇය නිවසට ඇරලවන මම බෝඩිමට යනවා. මේ විදියට කාලය ගත වුණත් හේතුවක් නැතුවම ඇය මගෙන් දුරස් වුණා. මට හිතා ගන්න බැරි වුණා. කවි ලියන්නත් පුරුදු වුණෙත් මේ කාලයේදීමයි.
විරහ වේදනාවෙන් සිටි මගේ ජීවිතයට අස්වැසිල්ලක් වුණේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මියුරු ගීත. අසේල කියලා මගේ යහළුවෙක් තමයි ‘මචං ඔය දුක නැති වෙන්න මෙන්න මේක අහපං කියල වික්ටර් රත්නායකගේ කැසට් එකක් ගෙනත් දුන්නේ. ඔහුගේ ළයාන්විත ආදර ගීත මගේ බිඳුනු හිත සුවපත් කළා කීවොත් නිවැරදියි. ප්‍රථම ප්‍රේමය සුනුවිසුණු වෙලා ගියාට පස්සේ මම හිටියේ පිස්සුවෙන් වගේ. ඊට පස්සේ මම පිස්සෙක් වගේ වික්ටර් රත්නායකයන්ගේ සිංදු එකතු කරන්න පටන් ගත්තා. මට මතකයි ඒ දවස්වල පිටකොටුවේ කැසට් පට විකුණන කඩවල මම වරු ගණන් ගත කරලා සිංදු හොයා ගෙන එනවා. ව්ක්ටර් රත්නායකයන්ගේ ගීතවල තියෙන්නේ අමුතුම මිහිරක්. ඊට බොහෝ කලකට පසුව මට එතුමා හමු වුණ අවස්ථාවක මේ සිදුවීම ඔහුට කිව්වා. ඔහුගේ මියුරු ගීත එකතු කිහිපයක් නිකුත් කරන්නත් මම කටයුතු යෙදුවේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අහිමිව ප්‍රථම ප්‍රේමයත් බිඳි ගිය විටදී අල්ලා ගත හැකි වූ එකම පිඳුරු ගහ වුයේ වික්ටර් රත්නායකයන්ගේ ගීතයන් නිසයි.
ලතින් අමෙරිකානු නවකතාකරුවෙකු, කෙටිකතා රචකයෙකු, තිරරචකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වූ ගේබ්‍රියෙල් ගාෂියා මාර්කේස් මගේ ජීවිතයට සුවිශේෂ වූ චරිතයක්. මම කවි ලියන්න පටන් ගත්තු කාලයේදී තමයි ඔහුගේ පොත් ඇසුරු කරන්නත් පටන් ගත්තේ. ඇත්තටම ඔහුගේ පොත් කියවන විට විචිත්‍ර සිතුවිලි ඇති වෙනවා. කළකිරීම්, විඩාව, දුක නැති කරන්න ඔහුගේ පොත්වල තියෙන්නේ විශාල බලයක්. මම ඔහුගේ පොතක් එක සැරයක් කියවලා අයෙමත් වෙලාවක ඒකම බලනවා. ඇත්තටම ඔහු පිස්සෙක්. පිස්සා කියන කෙනා ලෝකය වෙනස් කරනවා. පිස්සෙක් කියන අර්ථ කථනය බැඳී තියෙන්නේ ඔහු අනිත් අයට වඩා වෙනස් විදියට හිතන නිසයි. ස්පාඤ්ඤයේ ප්‍රකට පිකාසෝටත් සමහරු පිස්සා කිව්වා. ඒත් ඔහුගේ සිතුවමක් තමයි ඉහළම මිළට අලෙවි වුණේ. මයිකල් ජැක්සන්ටත් කියන්නේ පිස්සෙක් කියලා. ඒ වුණත් මයිකල් ජැක්සන් තමයි සංගීත ලෝකයේ ලොකු වෙනසක් කළේ. ඒ වගේ තමයි මාර්කේස්. ඔහු සාහිත්‍ය ලොකයේ ලොකු වෙනසක් කළ පුද්ගලයෙක්. මම ගේබ්‍රියෙල් ගාෂියා මාර්කේස් නම් සාහිත්‍යධරයා දකින්නේ මට ලෝකය වෙනස් විදියට දකින්න පුරුදු කළ මිනිසෙක් ලෙසින්.
ඇය මට මුණ හැසෙන්නෙ කොළඹ විශ්විද්‍යාලයේදී. ආර්ථික අතින් බිංදුවටම වැටිලා හිටිය කාලයේ. ඇය මගේ ජීවිතයට පැමිණීම වගේම රැඳ සිටිමත් ඒ නිසා විශේෂ වුණා. තරුණියන් බොහොමයක් බලන්නේ යමක්කමත් තියෙන තරුණයෙක් හොයා ගන්නනේ. ඒ අතරේ ඇය වෙනස්ම කෙනෙක් වුණා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය වගේම තාත්තා බලාගෙන පවුලේ වගකීම ගන්න වුණෙත් මට. ඉගෙන ගන්න අතරේ මේ දෙවල් කරන්න බැරි නිසාම මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවකුත් කළා. මේ කාලයේදී චමිලා මගේ ජීවිතයට එනවා. අපේ ආදරේට වසරක් පමණ ගත වෙද්දී අපි විවාහ වෙන්න තීරණය කළත් වෙඩින් එකක් ගන්න තියා ඇත්තටම මට එයාට මඟුල් මුද්ද හදලා දෙන්නවත් සල්ලි තිබුණේ නැහැ. එයා මගේ ආර්ථික තත්ත්වය හොඳටම තේරුම් අරගෙන තිබුණා. ඒ වුණත් ඇය ඒ බව ඇගේ ගෙදරටවත් කිව්වේ නැහැ. මටත් මුද්දක් හදලා එයාගේ මුද්දත් එයාම හදා ගත්තා. අපට මධු සමයට යන්න සල්ලි තිබුණෙත් නැහැ. ඒ වෙනකොට මම වැඩ කළේ ලක් හඩ ගුවන්විදුලියේ මිතුරු මිතුරියන් සල්ලි එකතු කරලා නොදෙන්නට අපට මධු සමයකුත් නැහැ. ආර්ථික අගහිඟකම් මැද බොහොමයක් දෙනා අතහැර යන යුගයක මං ළඟින්ම ඇය හිටපු එක මටවත් හිතාගන්න බැරි වුණා. අපි එකිනෙකාගේ අනෝනය අවබෝධය තමයි ප්‍රබල වුණේ. ඇත්තටම මට ඇය තුළින් මගේ අම්මා දකින්න පුළුවන් වුණා. අම්මාගේ චරිත ලක්ෂණ ඇය ගාව තියෙනවා. ඒ වුණත් අම්මාට වැඩිය ඇයට ටිකක් කේනිති යනවා. මගේ ජීවිතේ අමාරුම කාලේ මාව තේරුම් අරගෙන චමිලා මා ළඟින් සිටි නිසා අද මම මේ විදියට සාර්ථක ජීවිතයක් ගත කරනවා. එහෙම නොවුනා නම් ඒක ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුණා.
ඇත්තටම මට රහ්මාන් ගැන හිතාගන්න බැහැ. සංගීතය ගැන වෙනස්ම හැඟිමක් ඔහුගේ නිර්මාණ තුළින් මට දැනෙනවා කිව්වොත් නිවැරදියි. හදවතට කතා කරන අපූරු සංවේදි රිද්මයක් ඔහුගේ නිර්මාණ තුළ සුවිශේෂයි. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ මනිරත්නම් සහ ඒ ආර් රහ්මාන් සුසංයෝගයත් මා දකින්නේ පුදුමාකාර එකතුවක් විදියට. හදවතට ආදරයෙන් කතා කරන්න පුළුවන් සංගීතයක් තමයි මම රහ්මාන්ගේ නිර්මාණ තුළින් දකින්නේ. අපට භාෂාව නොතේරුනත් ඒවාට ඇහුම්කන් දෙන්නේ භාෂාවට එහා ගිය බැඳිමක් ඒ තුළ තිබෙන නිසයි. රහ්මාන් සංගීතයෙන් රසික හදවත් කම්පනය කරනවා. ඒ වගේ දෙයක් හැම නිර්මාණකරුවෙකුටම කරන්න අපහසුයි. ජාතිවාදය අවුස්සන්නේ නැතුව ජාතියට ආගමට භාෂාවට එහා ගිය දෙයක් තියෙනවා කියල හිතන්න ඊට එහා ගිය මිනිස් සිතුවිල්ලක් රෝපණය කරන්න රහ්මාන්ගේ සංගීතය සමත් වෙලා තියෙනවා. ඔහුගේ මියුරු සංගීතය රසවින්දනය නොකරන කෙනෙක් අද නොමැති තරම්. ජාති කුල ආගම් භේද නොමැතිව ලෝකය පුරා රසික රසිකාවන් රැසක් ඔහු වටා රොක්වෙලා ඉන්නේ ඒ නිසයි. රහ්මාන් කියන්නේ හෘද සංවේදී අපූරු නිර්මාණකරුවෙක්.
|



අද පුදුම හතෙන් සුවිශේෂ චරිත හතක් ගැන කතා කරන්න වෙන් වුණා. මේ විදියට තමන්ගේ
ජීවිතයට බලපෑමක් වූ චරිත හතක් පිළිබඳ අපිත් එක්ක කතා කළේ කා අතරත් කතාබහට ලක් වූ
දක්ෂ නිර්මාණකරුවෙක්. ශ්‍රව්‍ය මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහාද ඔබට සමීප වූ ඔහු
නවකතාකරණයෙන්ද ඔබට සමීප වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයේ කාටත් මිතුරු වූ මොහාන් රාජ් මඩවල
අද පුදුම පැවසූයේ ඔහුගේ ජීවිතයට විශේෂ අන්දමින් බලපෑමක් වූ පුද්ගලයන් හත් දෙනෙකු
ගැනයි.
කෙනෙක් උස පුටුවක වාඩි වුණොත් සීයාට හොඳටම කේන්ති යනවා. මට ඒක ඒ කාලයේ ලොකු
ප්‍රශ්නයක් වුණා. සීයා ළඟ කුල ගෞරවය වගේම ලොකු අභිමානයක් තිබුණු බව මම තේරුම් ගත්තේ
මගේ තරුණ වියේදීයි. ඒවගේම ඒ වත්තේ ඉඩෝරයට හිඳෙන්නේ නැති ලිඳක් තිබුණා. ගමේ මිනිස්සු
වතුර අරන් යන්න ආවම සීයා ඉන්නේ සීරුවෙන්. වතුර නාස්ති කරනවට සීයා කැමැති නැහැ.
කොහොම වුණත් සීයා හවසට සුදු ඇඳුගෙන පන්සල් යනවා. මටත් ඉතින් නිකන් ඉන්න බැරිකමට
“මිනිස්සුන්ට බැනල දැන් පන්සල් ගිහින් වැඩක් තියෙනවාද” කියලා අහනවා. ඇත්තටම මට
ඒකාලයේ සීයා හරියට තේරුනේ නැහැ. ඒවගේම තවමත් තේරුම් ගන්න බැරි වූ දෙවල් තියෙනවා.
කොහොම වුණත් මගේ සීයා මගේ ජීවිතයට ලොකු බලපෑමක් වූ චරිතයක් වුණා.
ආචාර්ය වික්ටර් රත්නායක
ගේබ්‍රියෙල් ගාෂියා මාර්කේස්
චමිලා මංගලගම (බිරිඳ)
ඒ. ආර් රහ්මාන්