|
|
අමීර්ගේ දාංගලේ
ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් මේ දවස්වල වෙහෙසෙනවා කියලා නම් ආරංචි වුණා. Dhangaal චිත්‍රපටය වෙනුවෙන් අමීර් තමන්ගේ බර වැඩි කරගන්න කටයුතු කළේ. එහිදී ඔහු මල්ලවපොර සූරයෙකුගේ චරිතය නිරූපණය කිරීමට නියමිත නිසා. එහිදී ඉන්දියාවේ සිටි මහාවීර් ජෝගන් නම් මල්ලවපොර සූරයාගේ චරිතයට තමයි අමීර් පණ පොවන්නේ. මේ වෙනුවෙන් ඔහු දැනටමත් බර කිලෝ ග්‍රෑම් 90ක් දක්වා වැඩි කරගෙන. අමීර් මේ විදියට බර වැඩි කර ගැනීම පිළිබඳ පවුලේ උදවිය නම් ඉන්නේ එතරම් හිත හොඳකින් නෙවෙයිලු. අමීර්ගේ අම්මා වගේම බිරිඳත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හරිම අවධානමෙන් සිටින බව ආරංචියි. ඒ දෙන්නම කියන්නේ අමීර් ඔහුගේ සෞඛ්‍ය සමඟින් සෙල්ලම් කරනවා කියලයි. ඒත තමන්ටත් දැන් අත්දැකීමෙන් වැටහෙන බව අමීර් පසුගිය දවසක පැවසුවා. බර වැඩි නිසා අමීර්ගේ හුස්ම ගැනීමේ වේගයත් වෙනස් වෙලා. විශාල වූ උදරය නිසා සපත්තු දෙකේ ලේස් දෙක ගැටගහන්නත් හරිම අමාරුවෙන්ලු. ඒ වගේම සෑම තත්පර විස්සකට වරක් අමීර් ලොකු හුස්මක් ගන්නවාලු. කොහොම වුණත් මහාවීර්ගේ චරිතයේ තරුණ කාලය වෙනුවෙන් ආයමත් කෙට්ටු වෙන්න නියමිතයි. ඒවගේම අමීර් දායක වූ ර්‍ථම් චිත්‍රපටය විදේශයන්හි අති සාර්ථක අයුරින් තිරගත වෙනවා. දැනට බොලිවුඩයේ ඉහළම විදෙස් ආදායම ලද චිත්‍රපටය ලෙසින් අංක එකට පැමිණෙන්න එයට හැකි වුණා. එය ලැබූ විදෙස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 220ක්. අමීර්ගේ රංගනයෙන්ම ඔපවත්වූ Dhoom 3 දෙවන ස්ථානයේත් Happy New Year තෙවන ස්ථානයේත් පසුවෙනවා. |



අමීර් ඛාන් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි ඒවගේම සාර්ථක සිනමා නිර්මාණකරුවෙක්
ලෙසිනුයි අපි හඳුන්වන්නේ. ඒත් දැන් අමීර් කියන්නේ වෙනස් කතාවක්. තමා බොලිවුඩයේ
සිටින ලොකුම නළුවා කියලයි අම්ර් කියන්නේ. ඒ වගේම බර ප්‍රමාණයෙන් වැඩිම නළුවත්
ඔහුලු.