වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සාක් උළෙලේ මහ සම්මාන දෙකම ලංකාවට

සාක් උළෙලේ මහ සම්මාන දෙකම ලංකාවට

මෙවර සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයන් යුගලම ශ්‍රී ලංකාව දිනාගත්තේය. හොඳම චිත්‍රපටය ලෙස සමිර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ මෝටර් බයිසිකල් සම්මාන දිනූ අතර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන දිනා ගත්තේ රබීන් චන්ද්‍රසිරි ය. ඒ පටීභාන චිත්‍රපටය වෙනුවෙනි. මෙම චිත්‍රපට ද්විත්වයම එම අධ්‍යක්ෂවරුන්ගේ පළමු චිත්‍රපටය වීම විශේෂත්වයකි. සමිර රංගන සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් දිගුකලක් කටයුතු කළ අතර රබීන් විශිෂ්ට සිනමා කෘතියක් වූ දඩයම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වේ. සෙසු සම්මාන සටහන මෙසේය.

හොඳම චිත්‍රපටය

දෙවන ස්ථානය – මිටිකා මායා - අධ්‍යක්ෂණය – ගාසි රකායෙට් (බංග්ලාදේශය)

තෙවැනි ස්ථානය – ඉන්සානා - අධ්‍යක්ෂණය – ඇලී සිසාන් (මාලදිවයින)

හොඳම නළුවා - දුලාල් සර්කර් (චොටොඩර් චෝබි)

හොඳම නිළිය - ෆර්සානා නවාබ් (මීනා වෝකිං)

හොඳම කෙටි චිත්‍රපටය – ලව්? ලස්ට්? ලයිෆ්? – අධ්‍යක්ෂණය – උටිපාල් ජා (නේපාලය)

ජූරියේ විශේෂ සම්මානය – නයනි චන්ද්‍රසිංහ – ඩ්‍රීම්ස් වීවර්ස් ඇන්ඩ් වීවර්ස්

මෙම උළෙලේ ජූරි සභිකයන් වශයෙන් පිලිප් චේ, මසවුඩ් ජ්‍යාෆාරි ජෝසානි සහ ආචාර්ය ගුල්නාරා අභිකෙයේවා කටයුතු කළහ. -ප්‍රසාද්