|
අත ඔබෙ නළලෙ තියා හදවත සපුරා - පවසමි ඉඳුරා
අවන්හලේ හිමිකරුත් තමන්ගේ සිත් ගත් මේ මහා නළුවා දැක ගැනීමෙන් අමන්දානන්දයට පත් වුණා කිව්වොත් හරි. ඉතින් ටෝනි හා මිතුරා මධුවිතක් සප්පායම් වෙද්දී අවන්හලේ හිමිකරුත් එතැනට සමීප වුණා. ඔහුත් මධුවිතක් අතට ගත්තත් මේ මිතුරන් දෙන්නා සමඟ එක් වී නැහැ. කතා කරන අතරතුර වරින් වර ඔහු එළියට දිව යනවා. ඒ එන්නේ වීදුරුව හිස් කරගෙන. ඊට පස්සේ ආපහු මධුවිතක් පුරවාගෙන ආයේ කතාබහට එක් වෙනවා. හැබැයි එය හිස් කරන්නේ එළියට ගිහින්. ඉතින් මේ කාරණාව ටෝනි රණසිංහගේ ඇස ගැසිලා. ඒ පාර ටෝනි රණසිංහ අහලා 'මොකද මල්ලි, ඔයා මේ වීදුරුව එළියට අරං යන්නේ' කියලා. අයිතිකාරයා ඒ පාර වට පිට බලලා හෙමින් මෙහෙම කිව්වලු. 'අනේ නෑ ටෝනි අයියා, මං රෙස්ටොරන්ට් එක පටන් ගත්ත වෙලාවේ, අපේ වයිෆ්ගේ නළලේ අත තියලා දිව්රුවා මේ වහල යටදී බොන්නේ නෑ කියලා. ඒකයි මං එළියට ගිහින් බීලා එන්නේ'.
පින්තූරය මුහුණේ
ඉතිං ඇයගේ එක් පාදයක් තනිකරම බැන්ඩේජ් දමලා. ඒ අතරවාරයේ ඡායාරූපයක් ගන්න ඡායාරූප ශිල්පියෙක් කතා කළා. 'අනේ මට මේ දවස්වල බෑ' සේමිණි කාරුණිකව පැවසුවා. 'ඇයි?' සාමාන්‍යයෙන් සේමිණි බැහැ කියන්නේ නැහැ. 'මගේ කකුල ඇඹරිලා' සේමිණි පැවසුවා. 'ඒ වුණාට මං පිංතූර ගන්නේ මූණේ' ඡායාරූප ශිල්පියාත් අහිංසකව උත්තර දුන්නා. එය ඇහුණාම සේමිණිගේ හිතට ආපු වචන එළියට නම් දැම්මේ නැහැයිලු.
මඟ දිගට රස කතාවක්
අපේ මඟ දිගට රස කතා හොය හොයා යන ප්‍රසාද් සමරතුංග හඳුනා ගත හැකි ලක්ෂණ දෙකක් තියෙනවා.
එකක් කරේ එල්ලා ගෙන ඉන්න බෑග් එක. අනික හැම වෙලාවෙම නොම්මර ඔබ ඔබා ඉන්න
හෑන්ඩ් ෆෝන් එක.
නින්දට ගියත් ඔය දෙක ප්‍රසාද් ළඟලු. ඒ හින්දා තමයි අපේ චිත්‍ර ශිල්පී අරවින්ද සේනාධීර, ප්‍රසාද් ගැන කාටුනයක් අඳින විට බෑගයයි ෆෝන් එකයි එල්ලන්නේ. දැන් ප්‍රසාද්ට කතාවක් හැදිලා. මේ කතාව හැදිලා තියෙන්නේ ගෑනූ ළමයෙක් හින්දා. ඉතිං මේ කතාව දුර දිග යනවාට අකමැති ප්‍රසාද් ඒ කතාව එහෙමම හමාර කළා. කොටින්ම කිව්වොත් මිනිහා බැන්දා. මේ විවාහය පසුගිය සතියේ ජයටම පැවැත්වුණා. කතන්දරේ මේකයි. ඒ විවාහය වාර්තාවක්. ඒ තමයි 53 වසරක සරසවිය ඉතිහාසයේ පත්තරේ ඇතුළෙන් තම සහකාරිය සොයා ගත් මුල්ම තැනත්තා හැටියටයි. (කලකට ඉහත සරසවිය පුවත්පතේ කර්තෘ ධූරය හෙබ වූ දීප්ති ෆොන්සේකා තම සැමියා ප්‍රවීණ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා සොයා ගත්තේ ලේක්හවුස් මන්දිරයේ එකට සේවය කරද්දී). ඒත් ප්‍රසාද් තම සහකාරිය සොයා ගත්තේ සරසවිය කර්තෘ මණ්ඩලයෙන්මයි. ඒ නිශංකා උඩුගම්පලයි. නිශංකා කැලණි විශ්ව විද්‍යාලයේ සිට සරසවියට එක් වූ දක්ෂ ලේඛිකාවක්. මේ පෙම් කතාව පටන් ගත් පසු ඇය වෙනත් රැකියාවකට ගියේ ප්‍රසාද්ට පමණක් ලියන්නට ඉඩ හැරලා. මඟ දිගට රස කතා ලියපු ප්‍රසාද් විවාහ මංගල්‍යයේදීත් අර බෑග් එකයි, ෆෝන් එකයි අත හැරියේ නැහැ. එයට අමතරව එදා නිශංකාගේ අත අල්ල ගත්තු එක තමා එකම වෙනස.
ගින්දරී බලන්න එපා උදයකාන්ත පවසයි
ඒත් උදයකාන්ත වර්ණසූරිය පසුගියදා ගින්දරී බලන්නට එපා යැයි අවවාදයක් දීලා. බලාගෙන ගියාම කතාව ඇත්ත. උදයකාන්ත චිත්‍රපටය බලන්න එපා යැයි පැවසුවේ එහි රඟපෑ ලෝචනා ඉමාෂිගේ සැමියා ලසන්ත නවරත්නට. ලෝචනා ගින්දරී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා පමණක් නෙවෙයි, එහි මනාලියක් ද වෙනවා.
උදයකාන්ත, ලසන්තට මේ අවවාදය දී තිබුණේ සැබෑ විවාහ මංගල්‍ය උත්සවය අතරතුරදීයි. ලසන්තත් තිරගත වන්නට නියමිත ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ නිෂ්පාදක. ඉතින් උදයකාන්තගේ අවවාදයට ලසන්තත් පුදුම වුණාලු. ඇත්තටම බලන කොට වෙලා තියෙන්නේ ගින්දරී චිත්‍රපටයේ ලෝචනා රඟපාන්නේ රොඩ්නි වර්ණකුල සමඟ විවාහ වන මනාලිය හැටියටයි. චිත්‍රපටයේ හැටියට ඇය කට සැර, කම්මැලි, මුස්පේන්තු චරිතයක්. උදයකාන්ත පැවසුවේ ඒ චරිතය ඇය බාර ගැනීමත් අභියෝගයක් හැටියටයි. ලෝචනා ඒ චරිතය කෙතරම් හොඳින් කළා ද කිවහොත් ලසන්ත තමන්ගේ කට සැර භාර්යාව ගැනත් එහෙම හිතාවි හින්දයි උදයකාන්ත ඒ අවවාදය දීලා තියෙන්නේ.
පි‍්‍රයන්තට ආරක්ෂාව
පසුගිය දවසක ප්‍රියන්තට ආරාධනාවක් ලැබුණා චිත්‍රපට නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරිගේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක විවෘත කිරීමේ උත්සවයකට. ඉතින් ප්‍රියන්ත සමඟ එදා ඔහුගේ භාර්යාවත් ගියා. මේ උත්සවය පැවැත්වුණේ කොළඹ ගෝල්ඩ් සෙන්ටර් මධ්‍යස්ථානයේ. ප්‍රියන්ත සෙනෙවිරත්න යුවළ එද්දී එහි සිටි සියලු දෙනා ගල් ගැසුණා. ඔහු සමඟ ඇමැති ආරක්ෂකයන් දෙදෙනෙකුත් පැමිණියා. ප්‍රියන්තට මොකටද ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්. කවුරුත් පුදුම වුණා. හැබැයි තත්පර ගානයි ගෙවුණේ. මේ ආරක්ෂාවට පැමිණියේ රජයේ ඉහළම ඇමැතිවරයෙකුට. ඔහු ආවේ ප්‍රියන්තට පසුපසින්. හැබැයි පෙනුමෙන් ප්‍රියන්තව ආරක්ෂකයන් වට කළ වගක් තමා පෙනුණේ. හැබැයි ප්‍රියන්ත ආවෙත් ආරක්ෂාව සහිතව පැමිණෙන ඉහළ දේශපාලනඥයෙක් වගේ. ඒ ඇවිත් නිකම් හිටියේත් නැහැ. කාටත් ඇහෙන්න මෙහෙම කිව්වා. 'මගේ ගාඩ් එකත් එක්ක ඇමතිතුමාට එන්න ඕන කිව්වනේ'
මිනිසත් කමේ උපන් දිනය...
අපේ ජනපි‍්‍රය රංගන ශිල්පී, ගායක රොඩ්නි වර්ණකුල ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය
අප්‍රේල් 24 වැනිදාට. ඔහුගේ උපන් දිනයට සුබ පතන්න එක්වූ බෝහෝ දෙනා අතර
වී මල් පබා, සාගරය බඳු, මගේ ජීවිතේ පුරා, මට දුන්න දුක් ගින්න, පායන සඳේ වැනි ගීත රාශියක්ම රචනා කළ ශාන්ත ගේ අලුත්ම ගීයක් මේ දිනවල අතිශයින් ජනපි‍්‍රයයි. ඒ ශෂිකා නිසංසලා ගයන ‘මල් සර හී සරින්’ ගීතය. කතාව මෙහෙමයි. ශාන්ත, රෝඩ්නිට සුබ පතන්න ඔහුගේ උපන් දිනය දැන ගත්තේ සරසවිය “උපන් දින” තීරුවෙන්. දෙන්නා සෑහෙන වෙලාවක් ආ ගිය තොරතුරු කතා කරමින් ඉන්න කොට එක්වරම රොඩ්නිට මතක් වුණා ශාන්ත අසනීපයෙන් පසුවන වග. ඒ ගැන රොඩ්නි ශාන්තගෙන් තොරතුරු විමසලා. අවසානයේ ගිනුම් අංකයත් ඉල්ලුවලු. ඒත් ශාන්තට තමන්ගේම බැංකු ගිනුමක් නැති නිසා දුන්නේ වයිෆ්ගේ එකවුන්ට් නම්බර් එක. පහුවදා රොඩ්නි ඒ ගිනුමට යම් මුදලක් බැර කරලා. ඒ ශාන්තගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්න උදව්වක් විදිහට. ශාන්ත දේශබන්දු අපට කතා කරලා මේ බව කිව්වේ තරමක හැඟුම්බර ස්වරයකින්. තමන්ගේ ගීත ගායනා කරමින් අසීමිත ලෙස මුදල් ඉපයූ සහ වර්තමානයේ පවා මුදල් උපයන කිසිවකුත් කිසිදු උපකාරයක් නොකළ අවස්ථාවක රොඩ්නි ගේ මේ මනුස්සකමේ මහිමය ගැන ශාන්ත කතා කළේ හද පිරි භක්තියෙන්. ඒ වගේම කලාකරුවන්ගේ උපන් දිනය පාඨක ජනතාවට දැනුම් දෙන ‘සරසවිය’ පුවත්පතේ මෙහෙවර පිළිබඳ තුති පුද කරන්නත් ඔහු අමතක කළේ නෑ. |