|
දෙරණ Dream Star Season 5 දෙවැනියා විශ්මිත ගැන අලුත් තොරතුරුශ්රී ලාංකේය යෞවන යෞවනියන්ගේ ගායන තරු සිහිනය සැබෑ කරන ජනතා ආකර්ෂණය දිනූ රියැලිටි වැඩසටහන් අද බොහෝ ඇත. එලෙස ප්‍රේක්ෂක අවධානය දිනූ Dream Star Season 5 දෙවන ස්ථානය දිනාගෙන තම ගායන සිහිනය සැබෑ කරගත් විශ්මිත සචින්ත සරසවිය සමඟ කළ සොඳුරු කතාබහකි මේ. * කොහොමද විශ්මිත ජීවිතේ?හොඳින් ගෙවීගෙන යනවා. * Dream Star Season 5 අපි දැක්කට වඩා දැන් ඇඟ ටිකක් අඩු වෙලා නේද?ඔව්, ඔව්, ඒ දවස්වලට වඩා දැන් මම කෙට්ටුයි. * ගායන ජීවිතේ අලුත් තොරතුරු කොහොමද?මම මගේම කියලා ගීත තුනක් නිර්මාණය කළා. 'පෙම් පැණියෝ', 'කවියක් වී', 'ප්‍රේමයට බැහැ කීවේ' ඒ ගීත තුන. මේ ගීත තුනම දැනට ගුවන් විදුලියේ විකාශය වෙනවා. Dream Star අපේ සෙට් එකේ චමිලා තුෂාරි සමඟ ගායනා කරපු 'රිදී පහන්' ටෙලි නාට්‍යයේ 'සඳකැන් පිපිලා' තේමා ගීතය දෙරණ TV ඔස්සේ විකාශනය වෙනවා. * රිදී පහන් තේමා ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?ප්‍රතිචාර ගොඩක් හොඳයි. හැමෝම ලස්සනයි කියනවා. * විශ්මිතගේ ගීතවලට වීඩියෝවක් කරන්න අදහසක් නැද්ද?අදහසක් තියෙනවා. මම ඉදිරියේදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙන ගීතයක් තියෙනවා. ඒ ගීතය වීඩියෝවත් සමඟම ඉදිරිපත් කරනවා. * වඩාත් කැමැති ශාස්ත්‍රීය ගීත කියන්නද?එහෙම විශේෂයක් නෑ. ඕනෑම ශෛලියකින් සිංදු කියන්න ආසයි. ජන කවි ආරට සම්බන්ධ ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න තියෙන ඇල්ම වැඩියි. * අඩු වයසින් බිහි වූ ගායන තරුවක් විදිහට අද විශ්මිතට ක්ෂේත්රයේ තරගයක් තියෙනවාද?රියැලිටි වැඩ සටහන්වලින් අද දක්ෂ ගායකයෝ බිහි වෙනවා. ඒ අයගේ පැවැත්ම තියෙන්නේ තමන් කරන නිර්මාණ මත. මම ගායන හැකියාවෙන් ඉදිරියෙන් ඉන්නවා. මට තරගයක් තියෙනවා වගේම මමත් ඒ තරගෙට තරගයක් දෙනවා කියලා හිතෙනවා. * සමහර ගායකයෝ වගේ ගීත රීමේක් කරන්න බලාපොරොත්තු වෙනවාද? මොකක්ද ඒ ගැන අදහස?රීමේක් කරන්න මම කැමැතියි. මුල් ගීතයට අසාධාරණයක් නොවෙන්න අද අපිට නොඇසෙන ලස්සන ගීත නිර්මාණාත්මකව රීමේක් කරන එක හොඳයි. අද තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒක හොඳ වැඩක්. * විශ්මිතගේ අනාගත සිහිනය ගායකයා කියන රාමුවට පමණක් සීමා වේවිද?නෑ, ගායකයෙක් වීම විතරක් නොවේ. මට බැංකු ක්ෂේත්රයට යන්නත් ලොකු ආසාවක් තියනවා. ඒ නිසා මම දැනට ICBT එකේ ව්‍යාපාර කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ උපාධිය හදාරනවා. දැනට මම එහි දෙවන වසර ශිෂ්‍යයෙක්. * ඔබට උසස් පෙළින් විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාවක් ලැබුණා නේද?ඔව්. මම පාසල් ගියේ ඉසිපතන විද්‍යාලයට. A/L වලට කළේ Bio. යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ආවා. ඒ දවස්වල තමයි මම Dream Star තරගයට සම්බන්ධ වුණෙත්. * ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ. විශ්මිත ජනප්‍රියත්වයට කැමැතිද?කලාකරුවෝ කවුරුත් ජනප්‍රිය වෙන්න ආසයි. මටත් ඒ ආසාව තියෙනවා. * මුලින්ම ප්‍රසංග වේදිකාවට නැග්ග දවස මතකද?ඔව්, හොඳට මතකයි. වැල්ලවත්ත අපේ ගමේ තිබුණු ප්‍රසංගයක තමයි මම ඉස්සෙල්ලාම සින්දුවක් කිව්වේ. එතකොට මම ඉස්කෝලේ හතර වසරේ. පොඩි කාලේදී සබකෝලය, බය ගෑවිලාවත් තිබුණේ නෑ. * විශ්මිතට ගීත කියන්න හැකියාවක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද?මට සිංදු කියන්න පුළුවන් කියලා මුලින්ම හඳුනගෙන තියෙන්නේ අම්මා. මම පෙර පාසල් යන කාලේ ගෙදරදී 'වී මල් පබා' ගීතය කියන කොට අම්මා ඇවිත් බලලා තියෙනවා කවුද මේ සිංදු කියන්නේ කියලා. මම කියලා දැක්කාම පුදුම හිිතිලා. එයා හිතලා තියෙන්නේ ඒ සිංදුව රේඩියෝ එකේ ගිය එකක් කියලා. ඊට පස්සේ පාසලේදී, දහම් පාසලේදී ජන ගායනා, පද්‍ය ගායනා තරග අංශවලින් ජයග්‍රහණ ලබලා තියෙනවා. සමස්ත ලංකා ජයග්‍රහණ පවා මම අරන් තියෙනවා. එහෙම ජයග්‍රහණ ලැබෙන කොට මට සිංදු කියන්න පුළුවන් කියලා දැනුණා. ඒ වගේම මම 7 වසරේදී රණවිරු අධිකාරියෙන් පවත්වපු ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ තරගයට 500 ක් විතර සහභාගි වුණා. * Dream Star විශ්මිතගේ ප්‍රථම රියැලිටි අත්දැකීමද?ඔව්. මීට පෙර එහෙම කිසිම එකකට සහභාගි වෙලා නෑ. * රියැලිටි ගායන තරග තව තිබෙද්දී ඇයි Dream Star තෝර ගත්තේ?මගේ බාප්පට ලොකු වුවමනාවක් තිබුණා මාව ඒකට යොමු කරන්න. ඔහුගේ බලකිරීමටයි මම එහි ගියේ. Dream Star ගැන මට පැහැදීමක් තිබුණා. * වැඩියෙන්ම ආස, ගරු කරන ගායකයෝ කවුද?පණ්ඩිත් අමරදේව සූරීන්, ටී. එම්. ජයරත්න, වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සේනානායක වේරලියද්ද, එම්. එස්. ප්‍රනාන්දු වගේ ගායකයන්ට මම ගරු කරනවා. * Dream Star තරගයට සම්බන්ධ වීම ගැන විශ්මිතට අද හිතෙන්නේ මොකක්ද? ඒ හරහා ජීවිතයට උගත් පාඩම් මොනවාද?අද ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ හරහා තමයි මාව කවුද කියලා මිනිස්සු හඳුනා ගත්තේ. මට ගී ගයන්න වේදිකාවක් තැනුණා, ක්ෂේත්රයේ ඉඩක් ලැබුණා. Dream Star වැඩමුළුවලදී, සමාජය සමඟ ගැටෙන්න, ධනාත්මක චින්තනයට යොමු වෙන්න, ජය පරාජය විඳින්න, කාලය කළමනාකරණය කර ගන්න මම ඉගෙන ගත්තා. * අනාගත බලාපොරොත්තු ගැන පැවසුවොත්?අලුත් සිංදුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. පද රචනය ලියලා තියෙන්නේ. දෙරණ එෆ්. එම්. එකේ නිමේෂ් එක්ක එකතු වෙලා කරන්නේ. ඒක ශාස්ත්‍රීය යුගල ගීතයක්. ප්‍රවීණ ගායිකාවක් සම්බන්ධ කරගන්න හිතාගෙන ඉන්නේ. අනාගතයේදී අධ්‍යාපන කටයුතු සමඟ සංගීත ක්ෂේත්රයේ හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ජන ගායනා ඉදිරියට අරගෙන යන්න වැඩ පිළිවෙළක් කරන්න හිතාගෙන ඉන්නවා. ජන ගායනා එකතුවක් පවා මා ළඟ තියෙනවා. * පවුලේ තොරතුරු?අම්මයි, තාත්තයි, මල්ලිලා තුන් දෙනයි අපේ පවුලේ ඉන්නේ. අම්මයි තාත්තයි දෙන්නම විශ්‍රාමිකයි. එයාලා රණවිරුවෝ. මල්ලිලා තුන් දෙනා තාම ඉගෙන ගන්නවා. * මෙතෙක් ආ ගමන් මඟේ කාටද ස්තුති කරන්නේ?ඉස්සෙල්ලාම දෙරණ ආයතනයේ ප්‍රධානි ලක්සිරි වික්‍රම සර් ඇතුලු එහි සියලු කාර්ය මණ්ඩලයට, මගේ අම්මාට, තාත්තාට, තාත්තාගේ ගමේ අම්පාරේ සියලු දෙනාට, වැල්ලවත්ත ජනතාවට, පාසලට, මිතුරු මිතුරන්ට මට මෙතනට එන්න උදව් කරපු හැම දෙනාටම. * F B Account එකයි, E mail එකයි පැවසුවොත්?wishmitha sachinthana / [email protected] * ගෙදර ලිපිනය හා දුරකථන අංකය?නො. 63/ඩී, පෙරේරා පටුමග, වැල්ලවත්ත. 0766395577. |