වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කාන් උළෙලට ආරාධ්‍යා

කාන් උළෙලට ආරාධ්‍යා

බොලිවුඩ් නිළියක නොවුනද ආරාධ්‍යා බච්චන් බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ පුංචි තරුවක්. බොලිවුඩයේ සුපිරි නළු අබිතාබ්ගේ වගේම නිළි ජයා බච්චන්ගේ මිණිබිරිය වගේම ඇයගේ අම්මයි තාත්තායි දෙන්නාමත් බොලිවුඩයේ සුපිරි තරු. ඒ නිසා ආරාධ්‍යාට ජනප්‍රියත්වය අමුතුවෙන් ලබා ගන්න උවමනා නැහැ.

පසුගියදා මේ පුංචි සිඟිත්තිය දකින්න ලැබුණේ සුප්‍රට සිනමා උළෙලකදී. ඒ 68 වැනි කාන් සිනමා උළෙලයි. මෙවර උළෙලට සහභාගි වූ ඓෂ්වර්යා තම දියණියත් කැටුව යන්න තීරණය කළේ මේ පුංචි දඟකාරිය ඉන්දියාවේ දමා යන්න බැරි නිසාම වෙන්න ඇති.

තුන් හැවිරිදි ආරාධ්‍යා දැන් හරිම හුරතල්. ඒ වගේම දඟකාරකමිනුත් අඩුවක් නැහැ. ඓෂ් වසර පහක විවේකයකින් පසු මේ දිනවල දායක වන Jezbaa (ජෙස්බා) චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාත් ආරාධ්‍යා රැගෙන යනවා. මේ හැම දෙයක්ම අනාගතයේදී ඇයට හොඳ අත්දැකීම් වේවි. සුරූපි ඓෂ්වර්යා වගේම සෝනම් කපූර් ද මෙවර කාන් සිනමා උළෙලට සහභාගි වූ බොලිවුඩ් තරු අතර දිලුනා.