වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධි සහ දීපිකා ‘සිහිනයකි රෑ’ හමු වේ

බුද්ධි සහ දීපිකා ‘සිහිනයකි රෑ’ හමු වේ

ජාතික රූපවාහිනියේ විකාශනය කෙරෙන ‘සිහිනයකි රෑ’ සංගීත වැඩසටහනේ ලබන 24 වැනිදා පැමිණෙන්නේ ප්‍රවීන කවියෙකු සිනමා විචාරකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති සහ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී පිරිස් ය. මෙහිදී බුද්ධදාස ගලප්පත්ති විසින් තෝරා දෙනු ලබන ගීත දහයක් දීපිකා ප්‍රියදර්ශනී විසින් සජීවිව ගයනු ලැබේ.

සෑම ඉරුදිනකම රාත්‍රී 10.10ට විකාශය කෙරෙන ‘සිහිනයකි රෑ’ ජයමිණී ඉලේපෙරුමගේ අධ්‍යක්ෂණයකි. සංගීතය සුසන්ත මදුරප්පෙරුම ගෙනි. ‘සිහිනයකි රෑ’ මහේෂ් නිශ්ශක, මොහාන් වීරසිංහගේ සහාය සමග නිෂ්පාදනය කර ඉදිරිපත් කරනු ලැබේ.