book Rack
book Rack
'පන්සිය පනස් ජාතකය'
'ලෝවැඩ සඟරාව', 'සුභාෂිතය', 'ලෝකෝපකාරය' වැනි සම්භාව්‍ය කෘති රැසක් සංස්කරණය කළ
කලාසූරී නෝමන් සිරිපාල මහතාගේ නවතම සංස්කරණය විමර්ශන හා ඌණ පූර්ණ සහිත 'පන්සිය පනස්
ජාතකය' පස්වැනි හා සයවැනි කාණ්ඩ මේ මස 26 වැනිදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ
ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්රදර්ශනාගාරයේදී එළි දකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි
ප්රකාශනයකි.
වංශරාජිණී
ස්වර්ණා කාන්ති පෙරේරා ලියූ නවතම නවකතාව 'වංශරාජිණී' පසුගියදා එළිදැක්විණි.
වංශරාජිණී සරසවි ප්රකාශනයකි.
ගුජරාටයේ සිංහයා
මෝදිගේ කතාව' ලෙස සිළුමිණ පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර
මෝදි ගේ ජිවිත කතාව 'ගුජරාටයේ සිංහයා' නමින් කෘතියක් බවට එළි දැක්විණි. අගමැති
මෝදිගේ අප්‍රකට ජීවිත තොරතුරු ඇතුළත් මේ කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදිණියක වන සේමාලි
කැල්ලපත ලියන ලද්දකි. මේ කෘතිය සුරස පොතකි.
විවාහක ප්‍රීතිය
ජෙරාඩ් ඩී. මුත්තු කුමාරුගේ ලියූ කෘතියක් ඇසුරින් අම්රිතා වික්‍රමගේ පරිවර්තනය කරන
ලද 'විවාහක ප්‍රීතිය' කෘතිය විවාහක හා විවාහ අපේක්ෂිතයනට මඟ පෙන්වීමකි. මේ කෘතිය
සරසවිය ප්රකාශනයකි. - තිලානි
සාතන්ගේ ප්‍රේමය
හර්ෂ සුගතදාසගේ 'සාතන්ගේ ප්‍රේමය' මීට දශක හතරකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන්
මැතිව් පීරිස් නඩු විභාගයේ අධිකරණ වෛද්‍ය වාර්තා ඇසුරෙන් ලියන ලද විමර්ශනාත්මක
කෘතියකි. 'සාතන්ගේ ප්‍රේමය' සුරස පොතකි.
කුරුලු පැටවුන්
ඉගිල ගොසින් එළි දකියි
ලේඛක ගුණරත්න ඒකනායකගේ 'කුරුලු පැටවුන් ඉගිල ගොසින්' නවකථාව මේ මස 29 වැනිදා පෙරවරු
9.30 ට සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී එළි දකියි.
- තිලානි ශානිකා
|