වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




බැසිල් ද සේරම් අභාවප්‍රාප්ත වේ

බැසිල් ද සේරම් අභාවප්‍රාප්ත වේ

ලාංකේය සිනමාවේ උසම නළුවා ලෙසින් විරුදාවලි ලත් බැසිල් ද සේරම් පසුගියදා අභාවප්‍රාප්ත වූයේය.

එකවර චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට සම්බන්ධවීමද ඔහුගේ විශේෂත්වයක් විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ අක්කර පහ, ශේෂා පලිහක්කාරගේ ලක්සෙට කොඩිය චිත්‍රපට දෙකෙන් ඔහු සිනමාවට පිවිසියේය.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ වනරාජ චිත්‍රපටයෙනි. වීදුරු ගෙවල්, වීරපුරන් අප්පු, සිකුරුලියා, ලෝක හොරු, ආදර රත්නේ, අහස් මාලිගා, මිහිදුම් සළු වැනි චිත්‍රපට සඳහා ඔහු රංගනයෙන් දායක වීය.

සිරි එදිරිසිංහගේ රුධිරය සහ ගංඟාව වේදිකා නාට්‍යයේ සහ සුර අසුර ටෙලි නාට්‍යයේ ද ඔහු චරිත නිරූපණය කළේය. බැසිල්ගේ අවසන් කටයුතු පෙරේදා බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. - යතේජා