වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




වෙල්වට් ගැන නරක ආරංචියක්

වෙල්වට් ගැන නරක ආරංචියක්

අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ Bombey Velvet (බොම්බේ වෙල්වට්) චිත්‍රපටය කවුරුත් බලාපොරොත්තු තබාගෙන සිටි දැවැන්ත බොලිවුඩ් සිනමා නිර්මාණයක්. එය බොක්ස් ඔෆිස් ඛේදවාචකයක් වී ඇති බවයි ආරංචි ගෙන එන්නේ.

එක්දහස් නවසිය හැටේ දශකයේ පැරණි කතාවක් රැගත් Bombey Velvet ගැන මුලින් කතා කරනවිට කියවුණේ එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වනු ඇති බවයි. ඒ වුණත් එන්න එන්නම එය පසු පසට යන බවයි ආරංචි ගෙන එන්නේ. මෙය පාඩු ලබන බව තාරා අධ්රාශ් නම් විචාරකයා පැවසුවේ චිත්‍රපටය තිරගත වීමටත් පෙරයි.

ඉන්දිය රුපියල් කෝටි 120ක පිරිවැයකින් නිර්මාණය කළ Bombay Velvet තිරගත වී පළමු දින තුනේ උපයා ඇති ආදායම ඉන්දිය රුපියල් කෝටි දහසයක්. ෂූජිත් ෂිර්කාර් අධ්‍යක්ෂණය කළ Piku (පීකු) ඉන්දීය රුපියල් කෝටි පනහ පසු කරමින් සාර්ථකව තිරගත වෙනවා.