වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මං බඳින වයස තාම නෑ...

මං බඳින වයස තාම නෑ...

ක්වීන් චිත්‍රපටයේ අපූරු රංගනයක් ඉදිරිපත් කළ කන්ගනා දැන් විවාහය ගැන කතා කරන්න පටන් අරගෙන. ඒත් ඒ ඇයගේ විවාහය ගැන නම් නෙවෙයි. “විවාහය කියන්නේ අතිශය පෞද්ගලික තෝරා ගැනීමක්. ඔහු හෝ ඇය විවාහ වෙනවාද නැතිද යන්න තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ඔහු හෝ ඇය සතුවයි” කන්ගනා පවසනවා.

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් ගැන දැන් ලොවම කතා කරන්න පටන් අරගෙන. මේ වසරේ හොඳම නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානය වගේම ඉන්දීය ජාතික සම්මානය හිමි වුණෙත් ඇයටයි. ඒ Queen (ක්වීන්) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඇයගේ වයස දැන් අවුරුදු විසි අටක්. ඒත් ඇයට තවම කසාද බඳින්න නම් අදහසක් නැතුව වගෙයි. ඇය පවසන්නේ සමාජයේ බලපෑම නිසා නම් කසාදය කියන ලොක් එක වැටෙන්න දෙන්න හොඳ නැහැ කියලයි. ඇය හොඳම නිළිය ලෙසින් අභිසෙස් කළ ක්වීන් චිත්‍රපටයත් විවාහය සම්බන්ධ වූ අපූරු කතාවක්.

කන්ගනා මීළඟට ඔබ හමුවන්නේ ආනන්ද් එල්. රායි අධ්‍යක්ෂණය කළ Tanu Weds Manu Returns (තනූ වෙඩ්ස් මනූ රිටන්ස්) චිත්‍රපටයෙන්. එකිනෙකට වෙනස් අදහස් දරන සැමියෙකු හා බිරිඳ අතර ඇති ආදර අන්දරයක් ගැන කියවෙන අපූරු කතාවක් මෙම චිත්‍රපටයේ දැක්වෙනවා. ඒ හැරුණාම ඇය මේ වසරේදී Katti Batti (කාටී බාටී) සහ I Love New Year (අයි ලව් නිව් ඉයර්) චිත්‍රපට සඳහා දායක වෙන්න නියමිතයි.