වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




හිතේ හැටියට ලෝකයක්

හිතේ හැටියට ලෝකයක්

Tomorrowland

ඔබට සිතෙන දේ කළ හැකි වූ විස්මයජනක ලොවක් ඇත. තවත් අයුරකින් කියනවා නම්, මේ ලෝකයේදී ඔබහට ලෝකය ඔබේ සිතැඟි අයුරින් වෙනස් කළ හැකි වීම පුදුමාකාරය.

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ බ්‍රැඩ් බර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද Tomorrowland  (ටුමෝරෝලන්ඩ්) චිත්‍රපටය මේ වන විට හොලිවුඩයේ කතාබහට ලක් වෙමින් පවති. බ්‍රැඩ් බර්ඩ් ගැන කතා කරන විට සිහියට නැගෙනන්නේ The Increadibles, Mission Inpossible: Ghost Protocol වැනි චිත්‍රපටයන්ය. නමුත් මෙම චිත්‍රපටය එම චිත්‍රපටවලින් වෙනස් මානයක් ගැන ඔබේ අවධානය යොමු කරවයි. ජෙෆ්‍රි ෂෙරොව් විසින් නිෂ්පාදනය කරන ලද Tomorrowland චිත්‍රපටයේ කියන්නේ ඔබ සිතැඟි පරිදි වෙනස් කළ හැකි වූ අපූරු ලෝකයක් ගැනයි.

වෝල්ට් ඩිස්නි සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය පිළිබඳ කතා කිරිමේදි වෝල්ට් ඩිස්නි මහතා ගැනද කතා නොකරම බැරිය. ඔහුගේ අවසාන කාලය වූ 1960 දශකයේදී ඔහු විසින් නිර්මාණය කෙරුණු සංකල්පයක් වන The Experimental Prototype Commounity of Tomorrow (EPCT) ‘Tomorrowland’ හි දක්නට ලැබෙන ලෝකයට පාදක වූ බවත් කියවේ. EPCT යනු අනාගත නාගරික ජීවිතය වර්තමානයට ගෙන ඒමට ඩිස්නි මහතා විසින් ෆ්ලොරිඩා ප්‍රනාතයේ අක්කර 2700ක භූමි භාගයක නිර්මාණය කිරීමට සැළසුම් කළ අනාගත නගරයකි.

පසුව ෆ්ලොරිඩාහි ඇතුළුව ලොව විවිධ ස්ථාන රැසක නිර්මිත ඩිස්නි පාර්ක් සඳහාද මෙම සංකල්පය යොදා ගැනුණු අතර මෙම උයන් සඳහාද යොදා ඇති නම වනුයේ Tomorrowland  යන්නයි.

ජනප්‍රිය නළු ජෝර්ජ් ක්ලූනි සහ බ්‍රිට් රොබින්සන් විසින් ප්‍රධාන චරිත රඟ දක්වන්නා වූ දක්ෂ සංගීතඥයෙකු වූ මයිකල් ගියෙෂිනෝගේ සංගීත සංකලනයෙන් ඔපවත් වූ Tomorrowland  අමෙරිකානු ඩොලර් මිලියන 190ක පිරිවැයකින් නිමකර ඇති අතර එය හෙට (22) සිට ලොවපුරා හොලිවුඩ් සිනමා රසික ඔබට විනාඩි 130ක කාලයක් මුළුල්ලේ නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය.