වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනම් සැබෑ චරිතයකට

සෝනම් සැබෑ චරිතයකට

සෝනම් කපූර් ගුවන් සේවිකාවක් වෙලා. මේ ආරංචිය දැන් බොලිවුඩය පුරාම පැතිරිලා. තම දක්ෂතා නිසාම රංගන ක්ෂේත්‍රයේ කෙටි කලකින් හොඳ තැනත් හදා ගත්තු සෝනම් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ කියලා හැමෝටම ප්‍රශ්නයක්.

පසුගිය කාලයේ ඇය රංගනයෙන් දායක චිත්‍රපට බොහොමයක් සාර්ථක වුණා. ඇත්තටම මේක බොහොම විශේෂිත තීරණයක්. දැන් ඇය ගත කරන්නේ විසිනම වැනි වියේ. සෝනම්ට රංගනය තම ආදරණිය පියා අනිල්ගෙන් වගේම කපූර් පවුලෙන් උරුම වූ දෙයක්. ඇයගේ සුරූපි බව වගේම දක්ෂතාවය නිසා බොලිවුඩයේ සාර්ථක වෙන්න සෝනම්ට වැඩි කාලයක් ගත වුණෙත් නැහැ.

මේ ඒ සාර්ථකත්වයේ තවත් එක පියවරක්. ඇයගේ මීළඟ චිත්‍රපටය Neerja. එහි ඇය ගුවන් සේවිකාවකගේ චරිතයට පණ පොවනවා. ඒක නිකම්ම නිකම් චරිතයක් නෙවෙයි. ඇය පණ පොවන්නේ නීර්ජා බෙනොත්ගේ චරිතයටයි. නීර්ජා බෙනොත් ඉන්දියාවේ ප්‍රසිද්ධ ගුවන් සමාගමක සිටි ප්‍රධාන ගුවන් සේවිකාවක්.

1986 වසරේදී Pan AM Flight 73 ගුවන් යානය මංකොල්ලකරුවන් පිරිසකගේ යටතට පත්වීමෙන් පසු කරච්චිහිදී ඔවුන් විසින් ඇය ජීවිතක්ෂයට පත් කරනු ලැබුවා. ඒ මගීන්හට ගුවන්යානයෙන් පිටවීමට උපකාර කිරීම හේතුවෙන්. එයින් විසිනව වසරකට පසු ඇයගේ ජීවිත කතාව රූපයට නැඟෙන විටදී විසිනව හැවිරිදි සෝනම් නීර්ජාගේ චරිතයට පණ පොවන්න සූදානම්.