වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මං හැදුවේ හොඳ බ්‍රෑන්ඩ් එකක්

මං හැදුවේ හොඳ බ්‍රෑන්ඩ් එකක්

- උපුල් ශාන්ත සන්නස්ගල

මැයි හය වැනිදා කියන්නේ උපන් දිනයද?’

මම ඔහුගෙන් විමසා සිටියෙමි. මැයි 6 වනිදා යනු ඔබ මේ ලිපිය කියවනදාට පෙර දවසය. එනම මේ සරසවිය නිකුත් වන අද 7 වැනිදා බ්‍රහස්පතින්දාය. ගත වූ දවසේ උපුල් ශාන්ත සන්නස්ගල සන්න අරගලය නමින් අලුත් කටයුත්තක් එළි දැක් වූයේය. ( මේ පිළිබඳ පසුගිය සරසවිය පුවත්පතේ පළ විය.) මේ කටයුත්ත නම් ගත වූ තිස් වසර මුළුල්ලේ ඔහු විසින් මාධ්‍ය ලෝකය හමුවේ කළ කී දෑ පිළිබඳ එකතුවකි.

‘නැහැ’

ඔහු පිළිතුරු දුන්නේය.

වසර තිහක මාධ්‍ය භාවිතය සිහිපත් කරනුයේ එහි භාවිත කළ අතීත සැමරුම් රාශියක් එකවර අප හමුවට ගෙන ඒමටය.

‘මේ දවස තෝරා ගත්තේ’?

ඒ වන විට මට කනින් කොනින් ඇසුනේ සන්නස්ගලට වසර පනහ පිරෙන්නේ මැයි 6 වැනිදාට බවය.

මේ දවසේ අපි අලුත් උත්සවය සැලසුම් කළේ මගේ අම්මා පොත නිකුත් කරපු දවසේ හැන්දෑවේ. එදා වැඩ ඉවර වෙලා යාළු මිත්‍ර සමාගමකදී තමයි අපි මේ දවස තීරණය කළේ.

‘එතකොට උපන් දවස’

මම යළිත් විමසීමි.

‘මාර්තු දෙවැනිදා’

‘ලංකාව ඉංග්‍රීසින්ට යටත් වෙච්ච දවස’

මට ඉබේටම කියැවිණ.

‘නෑ. මං එහෙම හිතන්නේ නෑ. මම හිතන්නේ කුමාරතුංග මුණිදාස මහත්තයාගේ සමරු දවස කියලා’

සරසවි දියණියෝ

 

සුළඟ එනු පිණිස

ඔහුගේ වචන තියුණුය. වචන සමඟ සෙල්ලම් කරන ඔහුගේ වාග් විලාසය රට පතලය. ඔහු එමෙන්ම කර්යබහුලය. හිතාගන්නට බැරි තරම් කාර්යබහුලය. පන්තියක දක්ෂ ගුරුවරයකු වන ඔහු ඊළඟ මොහොතේ ටෙලිවිෂන නාළිකාවක වැඩ සටහනක් මෙහෙයවයි. නිකම්ම නොවේ. මහා දළකාරයන් පවා ඔහුගේ ප්‍රශ්න ඉදිරියේ දණ ගසති. මාධ්‍ය ජීවිතයේ අතීතාවර්ජනයක යෙදෙන ඔහු එහි හැසිරුණ ආකාරය බොහෝ පිරිසකට සංදර්ශනයක් බැව් මගේ හැඟීමයි. උදාහරණයක් ලෙස ඔහු සත්‍යාගාරයට ගොඩ වූ අයුරු විමසා බලමු. අදාල චරිතය ගවේෂණයට, නිසි ලෙස පෙළ ගැසෙන්නට නම් බොහෝ අභ්‍යාස කළ යුතුය.

‘මා ගාව ලයිබ්‍රරි දෙකක් තියෙනවා. මට අවශ්‍ය ඕනෑම කාරණයක් මා නිතරම හොයා ගන්නට මම මගේ කාලය වෙන් කර ගන්නවා’

සන්නස්ගල රසවතෙකි. පුදුමය නම් මේ සැම දේ කරන්නට ඔහුට කාලය ඉතුරුව තිබීමය.

මම කාලය ඉතා හොඳින් කළමනාකරණය කරනවා’

ඔහු පාරම් බාන්නේය. ඒ පිළිබඳ ගෙනෙන උදාහරණ අතර මේ කදිම උදාහරණය ද ඇත්තේය.

ඔහු සත්‍යාගාරය වැඩ සටහන නිමා කරනුයේ මැදියම් රැයේය. සියළු කටයුතු නිමවා ස්වාධීන රූපවාහිනියෙන් පිටත් වන විට පසු දින පහන් වන්නට ලං වෙමිනි. එයින් පිටවන ඔහු උදෑසන මහනුවරට යන්නේ ‘අපේ සිංහල පන්තියේ’ දරුවන් හමුවටය. සිසු සිත නොරිදවා වෙලාව නොවරදවා යන ගුරුතුමා ළඟ බැති පෙම් උපදවා අකුරු ඉගෙන ගන්නා කුමාර - කුමරියන් එමටය. එක් දිනක වේලාව එකොළහ පමණ වන්නට ඇත. දුරකතන ඇමතුමකි. දරුවෙකුගේ තාත්තා කෙනෙකුගෙනි. ‘සර් පන්තියට එන්නේ කීයටදැයි’ අසන්නටය. ඒ වන විට ගුරුතුමා පන්තියේ එක් පාඩමක් නිමා කොට අවසානය. එය තාත්තාට බරපතල ප්‍රශ්නයකි. මැදියම් රැය වනතුරු සජීවී වැඩ සටහනක් මෙහෙය වූ ගුරුතුමා සැතැපුම් 72 ක් මඟ ගෙවා වෙලාවට පංතියට පමිණ ඇත. ටෙලිවිෂන් වැඩසටහන නැරැඹූ දරුවා තවම නිදිය.

වෙලාවට කලාවට වැඩ කළේ නැතිනම් උපුල් ශාන්ත සන්නස්ගල යනු කවරෙක් විය හැකිද? ඔහුගේ මත සමඟ ගැටීම සාමාන්‍ය කරුණකි. ඔහුගේ මත පිළිගැනීම හෝ නොපිළිගැනීම වෙනම කතාවකි. එහෙත් ඔහුට මත දරන්නට ඇති අයිතිය උදුරා ගන්නට නොහැක. මෙයට වසර විස්සකට පමණ එපිට උසස් පෙළ සිංහල පංතියත් මට සිහිපත් වෙයි. එකල කලාව කෙරුවොත් මලා වගේ යනුවෙන් කියැවුණු කාලයකි. බොහෝ විට උසස් පෙළ සිංහල පංතියට තෝරා ගැනෙනුයේ සාමාන්‍ය පෙළ යන්තම් ගොඩ දාගන්නා පිරිසය. බොහෝ විට ඒවායේ උපකාරක පංති සඳහා පැමිණියේ ද තාරුණ්‍යයේ ජවයෙන් තොර ගුරුවරු පිරිසකි. එහෙත් උපුල් ශාන්ත සන්නස්ගල සිංහල පංතියට විලාසිතාවක් බෝ කළේය.’මම හැදුවේ බ්‍රෑන්ඩ් එකක්. කොල්ලො කෙල්ලො කොහොමත් බ්‍රෑන්ඩ්වලට කැමැතියිනේ. සිංහල බ්‍රෑන්ඩ් එකක්’

එතෙක් පැවැති සිංහල පංතිවලට ඉඳුරාම වෙනස් සන්නස්ගල ‘බ්‍රෑන්ඩ්’ නැතහොත් අපේ සිංහල පංතිය අලුත් පරම්පරාවක් ඉදිරියට ගෙනාවේය.

අද මේ බ්‍රෑන්ඩ් එක හැම තැනම. හරියට ලෙවයිස් ඩෙනිම වගේ. නියම බ‍්‍රෑන්ඩ් එක වගේම ලෙවයිස් බ්‍රෑන්ඩ් එක පිටකොටුවෙත් තියෙනවා. සිංහල පංතියත් එහෙමයි. මම සම්බන්ධයක් නැහැ. මාතරත් තියෙනවා. අනුරාධපුරේත් තියෙනවා. මම ඒවායේ පන්ති කළේ නැහැ.

අනුකරණවලට නොරැවටෙන්න යැයි ඉස්සර දැන්වීමක තිබුණා මට මතකය. එහෙත් මේ ‘බ්‍රෑන්ඩ්’ නාමය එක රැයින් ඉදිරිපත් කළ එකක් නොවේ. ‘මට කවදත් ඉලක්කයක් තිබුණේ නැහැ.’

ඉලක්කයක් නොතිබුණ ද ඔහු ජීවිතයේ බොහෝ ඉලක්ක සපුරා ගත් වගක් කාට හෝ හැඟීම පුදුමයක් නොවේ. සිංහල පංතියෙන් පසු ග්‍රන්ථ ප්‍රකාශනය, චිත්‍රපට නිෂ්පාදනයට මේ ආදී විවිධ වපසරියක ඔහුගේ භූමිකාව යෙදේ. ඔහු වෙනත් ව්‍යාපාරවලට යොමු වනුයේ ව්‍යාපාරිකයා එක් ව්‍යාපාරයක පමණක් නොයෙදිය යුතුය. විවිධාංගිකරණයේ නියැලිය යුතුය යන න්‍යායෙන්ද?

අක්ෂරය

ඉස්සර සිංහල උගන්වපු මා දන්නා එක් ගුරුවරයෙක් තමන්ගේ ආදායමෙන් කළේ නුගේගොඩ හරක් මස් කඩේ ටෙන්ඩර් එක ගත්තු එක.

අප නොදන්නා අතීත කතාවක් ඔහු හෙළිදරව් කරයි. ඔහුගේ පාසල් දිවිය අපූරු එකක් විය යුතුය. හාලිඇල යහලබැද්ද කණිෂ්ඨයේ ද, දියතලාව ජනානන්ද මහා විද්‍යාලයෙන් ද, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද ශිල්ප හැදෑරූ ඔහු උසස් පෙළට එක් වනුයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙනි.

‘මට කවදත් හොඳ යාළුවෝ සෙට් එකක් හිටියා. උසස් පෙළ කරන කාලේ අපේ අනිත් අය රගර් ගහපු, කැඩෙට් කරපු අය. හැබැයි උන් කවුරුවත් මට කරදර කළේ නැහැ. මට වැඩ ටික කරන්න හරි ලේසි වුණා’

මේ යාළු මිතුරුකම් අදටත් එහෙමයි. කොටින්ම සමහර යාළුකම් අවුරුදු විස්ස තිහ පැරැණිය.

උපුල් ශාන්ත සන්නස්ගල මාධ්‍යවේදියකු මෙන්ම කවියකු, ගීත රචකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම ලේඛකයකු ද වෙයි. ඔහු නිෂ්පාදනය කරන ලද චිත්‍රපට ත්‍රිත්වය මෙරට සිනමවේ කැපී පෙනෙන චිත්‍රපට වෙයි.

තනි තටුවෙන් පියාඹන්න

ඒ චිත්‍රපටවලින් මට ලැබුණේ නින්දා අපහාස විතරයි’

ඔහු අපහාස වැලක් කියවාගෙන යන්නේය. එය මම සාවධානව අසා සිටියෙමි.

‘ලාබය මැණිය හැක්කේ මුදල්වලින් පමණක්ද?’

මම විචාලෙමි.

ඒ වුණත් මේ චිත්‍රපට නිර්මාණය කළේ ඒවා බිහිවිය යුතු කාලයට අවුරුදු ගණනාවකට කලින්. රේඛාව බිහි වුණා කියන්නෙත් එහෙමනේ. ආචාර්ය ලෙස්ටර් රේඛාව හදන්න තිබ්බේ තවත් අවුරුදු පහකට පස්සේ. අපේ චිත්‍රපට ගැන තව අවුරුදු පහකදී විතර තේරුම් ගනීවි.

ජීවිතය ඉලක්ක කොට පොර බදින්ටත් නැතිනම් ආශාවන් ඇති නොවේ.

‘මේ හදාගත්ත දේවල් ඕනෑම වෙලාවක අත අරින්න හයිය තියෙන්න ඕනෑ. බදාගත්තම කරදරයි’

ආදරණීය වස්සානය

ඔහු පවසන්නේ එබැවිනි. සන්නස්ගල බොහෝ දෙනාගේ විමසුමට භාජනය වන මතවාදියෙකි. ඔහු නිදහස් මතධාරියකු ලෙස සිය මතය රටට ගෙනහැරපායි.

‘ඒ මට කොන්දක් තියෙන හින්දා’

ඔහු නොපැකිලවම කියා සිටියි. ඇත්තටම උපුල් ශාන්ත සන්නස්ගල මුද්‍රාව සොයා ගත හැක්කේ කොතැනද? එක මිනිසකු වටා විවිධ චරිත මැවෙන්නේය. වතාවක් දිලිත් ජයවීර මට පැවසුවා. මම ඇඩ්වටයිසර් කෙනෙක් කියලා දැන්වීම් ප්‍රචාරණ සංවිධානයක් වන චිලී ආයතනයේ දේශනයකටත් මාව කැඳෙව්වා.

ඇත්තටම උපුල් ශාන්ත සන්නස්ගල භූමිකාව කෙබඳුද? ඔහු සිංහල පංතියට මුද්‍රාවක් ගෙනාවේය. සිනමාවේ ඔහුගේ මුද්‍රාව සළකුණු විය. ඊළඟට . . .

‘මම ඉලක්කයක් සහගත ගමනක් ආව නෙවේ. ඊළඟට? මං දන්නේ නෑ’