වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




තිස් පහයි ඒත් තරුණයි

තිස් පහයි ඒත් තරුණයි

බොලිවුඩයේ කඩවසම් නළුවා ධර්මේනද්‍ර කිව්වොත් ඔබ එයට එකඟ වෙනවා ඇති. හින්දි සිනමාවේ ක්‍රියාදාම නළුවන් අතරේ කිරුළ හිමි වන්නේත් ඔහුටයි. ධර්මේන්ද්‍ර ගැන කතා කරන විට හේමා මාලිනි ගැනත් කතා නොකරම බැහැ. ධර්මේන්ද්‍ර - හේමා පෙම් කතාව බොලිවුඩයේ ප්‍රසිද්ධ කා අතරත් කතා බහට ලක් වූ අභියෝග ජයගත් ප්‍රේම කතාවක් ලෙසටයි. එය මල්ඵල ගැන්වෙන්නේ මීට වසර තිස් පහට පෙරදීයි.

ආදරයට වයසක් නැහැනේ. ඒ වගේම ආදරය කවදාවත් වයසට යන්නෙත් නැහැ. ඔවුන්ගේ ආදරයත් ඓහෙමමයි. “ආදරය කියන්නේ එකට ඉන්න එක” හේමා මාලිනි කියන්නේ එලෙසින්.

1954 වසරේදී ධර්මේන්ද්‍ර ප්‍රකාශ් කවූර් සමඟින් විවාහ වුණත්. හැටේ දශකයේදී දකුණු ඉන්දියාවෙන් සිනමාවට පිවිසි සුරූපි හේමා මාලිනිට පෙම් කළා. Seeta Aur Geeta, Dream Girl, The Burning Train වැනි චිත්‍රපටවල මේ යුවළ අපූරුවට චරිත නිරූපණය කළා. ඒ වගේම මේ ප්‍රේම කතාවත් කාටවත් වළක්වන්න බැරි වුණා. ප්‍රකාශ් කවූර් දික්කසාදය ප්‍රතික්ෂේප කළත් ප්‍රේමණීය ධර්මේන්ද්‍ර - හේමා විවාහ වුණේ ඉස්ලාම් ආගම වැළැඳ ගනිමින්.

දැන් ධර්මේන්ද්‍රට වයස අවුරුදු හැත්තෑ නවයක්. හේමාගේ වයස අවුරුදු හැට හයක්. ධර්මේන්ද්‍රට ප්‍රකාශ් කවූර් සමඟ විවාහයෙන් දරුවන් සිව් දෙනෙක්. සනි ඩියෝල් හා බොබී ඩියෝල් ජනප්‍රිය නළුවන් වගේම විජේතා හා අජේතා දියණියන් දෙදෙනාත් සිටිනවා. ඊශා ඩියොල් හා අහානා ඩියෝල් ධර්මේන්ද්‍ර - හේමා යුවළගේ දියණියන්.

පසුගියදා ධර්මේන්ද්‍ර හා හේමාට විශේෂිත දිනයක් වුණා. ඒ ඔවුන්ගේ විවාහ දිවියට වසර තිස්පහක් සපිරීමයි. මෙවර ඔවුන් තම විවාහ සංවත්සරය තනිවම නිවසේදි පැවැත්වුවා. ඒ බව හැමෝම දැන ගත්තේ සංවත්සර කේක් එක කපන්න සූදානමින් සිටින ධර්මේන්ද්‍ර හා හේමාගේ පින්තූරයක් හේමා විසින් අන්තර්ජාලයට එක් කළාට පසුවයි. “අවුරුදු තිස් පහක් වුණත් ඒ ආදරය තවම තරුණයි” හේමා ඒ සමඟ සටහන් කරලා තිබුණා.