වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

මා සෙවූ ඔබ

ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ

FIFTY SHADES OF GRAY

රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලද ප්‍රේම සැඳෑවෝ නවකතාවට පාදක වූ කෘතිය ඇසුරෙන් තැනුණු ලොව පුරා මහත් ආන්දෝලනයට ලක් වූ ජනප්‍රිය චිත්‍රපටයකි ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ.

ඇනා සහ ක්‍රිස්ටියන් ග්‍රේ චරිත අතර ඇති වන මානුෂික බැඳීම ගැන කියන මෙම නිර්මාණය පීටර් චෙල්සම් ගේ අධ්‍යක්ෂණයකි.

ඩකොටා ජොන්සන්, ජමී ඩොර්නාන්, ජෙනිෆර් හේල් රඟන ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ ඩනා බෲනේටි ගේ නිෂ්පාදනයකි.

සීමාවෙන් පිට පනින්න එපා

කාකි සට්ටේයි

KAAKI SATTAI

කාකි සට්ටේයි නමින් දෙමළ චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී ඇත. ඒ අතරින් කමල් හසන් රඟපෑ කාකි සට්ටේයි ඉහළින්ම කියැවෙන නිර්මාණයකි.

ඒ හා සමානව මෑතකාලීනව ජනප්‍රිය වූ ද්‍රවිඩ චිත්‍රපටයකි ජනප්‍රිය නළු ධනුෂ් නිෂ්පාදනය කළ කාකි සට්ටේයි චිත්‍රපටය.

ආර්. එස්. දුරේයි සෙන්නියල් කුමාර් රචනය කර අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිතය සිවකර්තියාන් රඟන අතර සෙසු චරිත රංගනය ශ්‍රී දිව්‍යා, විජේ රාස්, මනෝබාලා, විද්යුලේඛා, රාමන් ඉම්මාන්, අන්නච්චි විසින් මවනු ලබයි. කලකට ඉහතදී දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සිවාජි ගනේෂන්ගේ පුත් ප්‍රබූ කාකි සට්ටේයි තුළින් නැවතත් ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇත.

කාකි සට්ටේයි සංගීතය අනුරුද්ගෙනි.

ක්‍රියාදාමයේ අභිලාෂය

ද මෑන් විත් ද අයන් ෆිස්ට්

THE MAN WITH THE IRON FISTS

කුන්ග් ෆු සටන් කලාව ලොව පැරැණිම සහ ජනප්‍රිය ආත්මාරක්ෂක සටන් කලාවකි. මෙම සටන් කලාව ඇතුළත් චිත්‍රපට නැරැඹීමට ප්‍රේක්ෂකයන් ඉතාමත් කැමැතිය.

මෙම ප්‍රේක්ෂක ජනතාව සඳහා නිකුත්ව ඇති නවතම කුන්ග්ෆු චිත්‍රපටයයි ද මෑන් විත් ද අයන් ෆිස්ට් චිත්‍රපටය. මෙය කලකට ඉහතදී ඉතාමත් ජනප්‍රිය වූ අයන් ෆිස්ට් චිත්‍රපටයේ දෙවන කොටස වශයෙන් එළි දැක ඇත.

මෙහි ලී කුන්ග් ලෙස ඩස්ටින් නුගේයුන් ද, අනාතී ලෙස ඉයුජිනියා යුආන් ද, මාස්ටර් නෝ ලෙස කාල් නෙග් ද, ලෝඩ් පී ලෙස කේරි ෆිරෝයුකී ද රංගනයෙන් දායක වේ.

අයන් ෆිස්ට් 2 රොඑල් රෙයිනිගේ අධ්‍යක්ෂණයකි.

ක්‍රීඩාව ඇරැඹෙයි

ඩර්ටි පොලිටික්ස්

DIRTY POLITICS

දේශපාලනය ගැන තම අභිමතය පරිදි චිත්‍රපට හැදීමට කදිම නිදහසක් ඇති නිර්මාණකරුවන් සිටින දේශයකි ඉන්දියාව.

මෙම නිදහස ප්‍රයෝජනයට ගෙන ඉන්දීය දේශපාලඥයන් පසුබිම් කරගෙන තැනුණ නවතම හින්දි චිත්‍රපටයයි ඩර්ටි පොලිටික්ස් චිත්‍රපටය.

මල්ලිකා ෂෙරාවට්, ජැකී ෂෙරොෆ්, අනුපම් කේර්, ඕම් පූරි, අනුල් කුර්කානි, නස්රුදීන් ෂා වැනි ප්‍රවීණ නළු නිළියන් රඟන ඩර්ටි පොලිටික්ස් රචනය සහ අධ්‍යක්ෂණය කේ. සී. බොකාඩියා ගෙනි.

ඩර්ටි පොලිටික්ස් ලලිට් මෝඩිගේ ඉදිරිපත් කිරීමකි.

ඩෙඩ් රයිසින් වොච් ටවර්

DEAD RISING WATCH TOWER

ජේස් මෙට්කාලිෆ්, මේගන් ඩ්‍රයි, වර්ජිනියා මැඩ්සන්, ඩෙනිස් හේස්බර්ට්, රොබ් රිගල් රඟන ඩෙඩ් රයිසින් උපරිම කුතුහලයකින් හෙබි චිත්‍රපටයකි.

සැච් ලිපෝව්ස්කි ඩෙඩ් රයිසින් වොච් ටවර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

ලාස්ට් නයිට්ස්

LAST KNIGHTS

ඇකඩමි සම්මාන සඳහා නාමයෝජනා වූ සහ සම්මන දිනූ නළුවන්ගේ රංගනයෙන් ඔපවත් වූ නිර්මාණයකි ලාස්ට් නයිට්ස් චිත්‍රපටය.

ක්ලෝසර් චිත්‍රපටයේ රංගනය සඳහා නාම යෝජනා වූ ක්ලයිව් ඕවන් සමඟ මිලියන් ඩොලර් බේබි චිත්‍රපටය සඳහා හොඳම සහාය නළුවා වශයෙන් ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ මෝගන් ෆීමන් සමඟ පැක්සෙල් හේනි, ඩැනියල් අඩෙග්බොයේනා, ෂෙහාර් අග්ඩනාශිලෝ, සුන් කී ආනාත්, ජේමිස් ඔබ්සන් රංගනයෙන් දායක වන ලාස්ට් නයිට්ස් අධ්‍යක්ෂණය කසුවාකි කිරියා ගෙනි.