වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වීඩනයෙන් බොලිවුඩයට මංගල සීනු

ස්වීඩනයෙන් බොලිවුඩයට මංගල සීනු

මේ බක් මාසය බොහෝ දෙනෙකුට වාසනාවන්ත මාසයක්. ඒ වගේම බොහෝ දෙනෙකුට මංගල සීනු හැඬවෙන කාලයක්. බොලිවුඩයේ බොහෝ ආදරවන්තයන් ගැන කතා කළත් ඒ ආදර කතා මල්ඵල ගැන්වෙන්නේ එහෙමත් එකක්. කොහොම වුණත් පසුගියදා බොලිවුඩයේ සොඳුරු මංගල උළෙලක් පවත්වන්නට කටයුතු යෙදුනා.

රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වන අභිෂේක් කපූර්ට තමයි මංගල සීනු හැඬවුණේ. ස්වීඩන ජාතික නිළියක නිරූපිකාවක වන ප්‍රාග්යා යාදේව් අභිෂේක්ගේ අත ගත් වාසනාවන්තිය වුණා. ප්‍රාග්යා ජනප්‍රිය වුණේ Hawaa Hawaai චිත්‍රපටයෙන්. මේ දෙන්නාගේ ප්‍රේම කතාව ආරම්භ වුණේ 2013 වසරේදී. ඒ ඇය අභිෂේක් අධ්‍යක්ෂණය කළ Kai Po Che චිත්‍රපටයට රංගනයෙන් දායක වූ කාලයේදීයි.

අභිෂේක් – ප්‍රාග්යා මංගල උළෙල නෑදෑ හිතවතුන් වගේම ක්ෂේත්‍රයේ මිතුරන්ගේද සහභාගිත්වයෙන් පසුගිය 04 වැනිදා හින්දු චාරිත්‍රානූකූලව බොහොම ජයට පැවැත්වුණා. අර්ජුන් රාම්පාල් අභිෂේක්ගේ ළඟම හිතවතෙක්. මේ මිතුදම ආරම්භ වෙලා තියෙන්නේ අභිෂේක්ගේ Rock On  චිත්‍රපටයට රංගනයෙන් දායක වූ කාලයේදීයි. අර්ජුන් තමයි මේ මංගල්‍යයේ පින්තූරයක් ට්විටර් හරහා පළමුවෙන් අන්තර්ජාලයට එකතු කරලා තියෙනේ.

අභිෂේක් අධ්‍යක්ෂණය කරන මීළඟ චිත්‍රපටය Fitoor. එහි ආදිත්‍ය රෝයි කපූර්, කත්‍රිනා කායිෆ්, රේඛා සමඟින් ලාරා දත්තා රඟනයෙන් දායක වෙනවා.