වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ගීත උයනේ සුවඳ දුන් මල්

1. මල් ලෝකේ - මොහිදින් බෙග්
2. මල් සුගන්දේ - මොහිදින් බෙග් සහ සුජාතා
3. මල් පිපිලා - දයාරත්න රණතුංග
4. මල් හී ගෙන එයි - එච්. ආර්. ජෝතිපාල
5. මල් කැකුලී - එච්. ආර්. ජෝතිපාල
6. මල් පිබිදෙන - එච්. ආර්. ජෝතිපාල
7. මල් වයසේ - ජෝති, වික්ටර් සහ එම්. එස්. ප්‍රනාන්දු
8. මලින් පිරී ගිය - ජෝතිපාල
9. මල් වැහි සීතල - ජෝති සහ ඇන්ජලින්
10. මල් කිනිත්ත - තිලංගනී චන්ද්‍රසේන, දර්ශනී චන්ද්‍රසේන
11. මලින් මලේ - මිල්ටන් මල්ලවආරච්චි
12. මලක් දුටිමි - මිල්ටන් මල්ලවආරච්චි
13. මලක් වගේ - මිල්ටන් මල්ලවආරච්චි
14. මල් යහනාවකි - එම්. එස්. ප්‍රනාන්දු
15. මල් මල් මල් - නිහාල් නෙල්සන්
16. මල්බර හිමිදිරියේ පිපුණේ - සී. ටී. ප්‍රනාන්දු
17. මල් ලෝකේ රාණි - සී. ටී. ප්‍රනාන්දු
18. මල් ලෝකෙ සරා - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
19. මල් පොකුරු පොකුරු - වික්ටර් රත්නායක
20. මල් ලියකම් - වික්ටර් රත්නායක
21. මල් කියන්නෙ - නන්දා මාලිනී
22. මලකි දුවේ නුඹ - නන්දා මාලිනී
23. මල් හිනා නඟන්න - ඇන්ජලින් ගුණතිලක
24. මල් පිපිලා - ශ්‍රීමතී තිලකරත්න
25. මලක් වුණොත් - සුජාතා අත්තනායක
26. මල් මල් වන මල් - සුජාතා අත්තනායක
27. මලක් නෙලා - පේසලා මෙන්ඩිස්
28. මල්බර හිමිදිරියේ - නෙවිල් ප්‍රනාන්දු / රුක්මණී දේවි
29. මලට බඹරෙකු සේ - ක්ලැරන්ස් විජේවර්ධන
30. මලට සුවඳ - සුනිල් එදිරිසිංහ
31. මලින් මලට - සුනිල් එදිරිසිංහ
32. මලක් වෙලා - සුනිල් එදිරිසිංහ
33. මල් සිනාවකිනි - ෂෙල්ටන් මුතුනමගේ
34. මල් වයසේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
35. මල් මල් විලේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
36. මල් යායේ සමනල්ලු - චම්පා කල්හාරි
37. මල් කැකුලී මාගේ - ග්‍රේෂන් ආනන්ද / චන්ද්‍රිකා සිරිවර්ධන
38. මල් කිනිත්ත වාගේ - රජීව නානායක්කාර
39. මල් පිපෙයි - රුවනි දුනුවිල ඇතුළු පිරිස
40. මල් මාවතේ - රනිල් මල්ලවආරච්චි
41. මලක් වුණේ - අමරසිරි පීරිස්
42. මල් මන්දහාසේ - ජගත් වික්‍රමසිංහ
43. මල් හිනා - ආත්මා ලියනගේ
44. මල් වියනෙන් - සේනානායක වේරලියද්ද
45. මල මිලින වෙලා - නලින් පෙරේරා
46. මල් පිට මල් - අමල් පෙරේරා
47. මල් මිටක් - කසුන් කල්හාර
48. මල් පෙති මත - නිරංජලා සරෝජිනී
49. මල් කැකුළකට - ලක්ෂ්මන් හේවාවිතාරණ
50. මලකින් බේරෙන - එම්. එස්. ප්‍රනාන්දු

ඈන් නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය, වයික්කාල

කාරියකරවන ඇඳුරිඳු සදා අමරණීයයි

ආරිය සිහල සිරිතට පණ දී නිතින
වීරිය අත නොහැර හෙළ බස් මඟ හැඳින
ජාතිය පුබුදු කළ අප මහ පඬි රුවන
කාරියකරවන ඇදුරු සමරමු හද බැතින

හර්ෂානාථ බණ්ඩාර

නිකවැරටිය

මාස්ටර් සර් ඔබට නිවන් සුව!

ගඟ අද්දර සිටි අපට රං ටිකිරි සිනා නඟන්නට පනන් අටෙන් නොව මිල කළ නොහැකි ලෙසින් රසාලිප්ත සංගීත මෙන්ම ගීතයන් ද දායාද කළ මාස්ටර් සර් - නිමල් මෙන්ඩිස් සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා.

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත, වත්තල

සනත් ගුණතිලකට අපගේ ප්‍රණාමය

කලකට පසුව වුවත් සිංහල රිදී තිරයේ ජනප්‍රිය නළුවෙකු වූ සනත් ගුණතිලකයන් විසින් 'සිනහව අතරින්' යනුවෙන් සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කිරීම ගැන ඔහුට අපගේ ගෞරව ස්තූතිය සමඟ ප්‍රණාමය මින් පුද කර සිටින්නෙමු.

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

කෑගල්ල

වසන්ති චතුරාණි

සැබෑ දිවියේ සෑම අභියෝගයක්ම නිහඩව ඉවසීමෙන් විසඳා ගත් වසන්ති චතුරාණි සැමියන් අහිමි කාන්තාවනට අද සමාජයේ හිමිවන ඉරණම යකඩ දෝලි තුළින් මනාව වටහා ගෙන නිරූපණය කරයි.

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

සමුගෙන ගිය සුළං කුරුල්ලෝ

ඔබේ ලයට ලංවිලා මිහිරි ස්වර
මිහිරි ගීත බිහි කෙරුවා නොයෙක් වර
සියලු ගීත අතරේ එය එකළු කර
මිහිරි ස්වරය පැතිරෙව්වා බොහෝ දුර

සමන් ගාල්ලගේ

කැටපොල, ගණේගොඩ

S.M.S.

මේ ආදරයයි ටෙලි ඩ්‍රාමා එක හරි ලස්සනයි. ඉසිතගේ හා රමන්ගේ රඟපෑම අති විශිෂ්ටයි.

ආනුක රුක්ෂාන්

ගිරිඋල්ල

'පිනිමුතු වැස්ස' ඩ්‍රාමා එකේ සෙනුරි ලෙස රඟපාන නදීෂා රංගනී අක්කිගේ රංගන හැකියාව මම අගය කරමි.

පී. එන්. ඒ. නිලූකා

අවිස්සාවේල්ල

සිරස 'සුපර් ස්ටාර්' එකේ එරන්ද පැතුම්ගේ 'ඇතුළෙ හදවත පත්ලේ' ගීය ගොඩක් ලස්සනයි. හදවතට දැනෙන්න කියලා තියෙනවා.

හිරු - කඩවත

හරූන් ලන්ත්‍රා කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව. ඔහු ගැන අපූරු සටහනක් තැබූ අසංක අයියාටත් තුති.

සුමිත්

හොරණ

අකිල සඳකැලුම් අයියට මම සුභ පතනවා රංගන හැකියාව තව තවත් වර්ධනය වේවා කියා.

අමන්ත

නාගොඩ

අප අතරින් වියෝ වූ සොඳුරු කලාකරුවාණෙනි, සොඳුරු හිතවතාණෙනි, දයා අල්විස් මහතාණෙනි, ඔබට නිවන් සුව.

චින්තක

ඉංගිරිය

නිමල් මෙන්ඩිස්, හරුන් ලන්ත්‍රා, දයා අල්විස් කලාකරුවන්ගේ වියෝව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු. මතු බවයෙත් අප අතරම ඉපදේවා.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

අප අතරින් මැකී ගිය පහන් තරුව දයා අල්විස් මහතාණෙනි, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

තාරුකා සෙව්වන්දි සහ ජයන්ති

මාවතගම

ස්වර්ණවාහිනියේ විකාශය වෙන 'අඟුªරු සිත්තම්' නාට්‍යයේ බ්‍රයන්ගේ චරිතය රඟපාන කවිංග පෙරේරා අති දක්ෂ ලෙස තම හැකියාවන් ඉදිරිපත් කිරීම අගේ කරමි.

රවී වසන්ත

මීටියාගොඩ

කාවිංග අයියේ ඔයා තමයි මම දැකපු චරිතාංග නළුවා.

සමන්මලී

වැලිමඩ

'පොඩි මාමා' ටෙලි නාට්‍යයේ ප්‍රියන්ත සෙනෙවිරත්නගේ රඟපෑම අති විශිෂ්ටයි. බලන් සිටින විට සිනහ උපදවයි.

කෞෂල්ලා, චන්දීපනී

මගුලාගම

මේ දිනවල කතාබහට ලක්වෙන, ප්‍රේක්ෂකයන් අතරට එන ගායක ගායිකාවන්, රංගන ශිල්පීන්, වේදිකාව, ටෙලි, චිත්‍රපට, නර්තන පිළිබඳ ඔබේ අදහස් සඳහා ප්‍රතිචාර පිටුවේ වැඩි ඉඩක් ලැබෙයි.

ප්‍රතිචාර සඳහා
අලුත් දුරකතන අංකයක්
0773042834
ඔබේ ප්‍රතිචාර SMS මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.