|
හොරු හොඳා...යි ලුම්බිණියේ
ආනන්ද අතුකෝරළගේ “හොරු හොඳා...යි” වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මෙම මස 26 වැනිදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. රොඩ්නි වර්ණකුල, දමයන්ත පෙරේරා, සුරංග සතරසිංහ, ඉන්දික ජයසිංහ, අනුෂා දිසානායක, ශිරෝමිකා ප්‍රනාන්දු, රුජිව පි‍්‍රයශාන්ත සමඟ ආතර් අතුකෝරළ යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් “හොරු හොඳා...යි” හි රංගනයෙන් දායක වේ. සංගීතය කපිල ගමගේ ගෙනි. වේෂ නිරූපණය වසන්ත විට්ටච්චිගෙනි. රංගාලෝකය වසන්ත කුමාරගේ වන අතර වේදිකා පරිපාලනය රවී මධුරංග ගෙනි. රංජිත් වර්ණකුලගේ රචනයක් වන ‘හොරු හොඳා...යි’ ඉදිරිපත් කිරීම ‘හවුස් ඔෆ් ඩ්‍රාමා’ ආයතනයෙනි.
‘ප්‍රවේශමෙන්’ ගාලු යයි
නුවන් විජය ශ්‍රී ගේ ‘ප්‍රවේශමෙන්’ වේදිකා නාට්‍යයේ සිව්වැනි දර්ශනය අගෝස්තු මස 03 වැනිදා ගාල්ල නගර ශාලාවේදී රංග ගතවේ. සමන්ලතා හෙට්ටිආරච්චි, නිලංගනී පෙරේරා, නුවන් විජය ශ්‍රී, උදය කුමාර ඇල්පිටිය, ඩිලාන් අසංක, ශානක ඔබෙන්. සුමුදු ජයවර්ධන, සුරේඛා පෙරේරා, වෙරෝනිකා ප්‍රසාද්, ධනුෂ්ක යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වන ‘ප්‍රවේශමෙන්’ හි ඉදිරිපත් කිරීම ශානක ඔබෙන් ගෙනි.
පී. මලල්ගාඩ ශූරීන්ගේ තොරතුරු එවන්න
කවින්ද්‍ර පී. මලල්ගොඩ ශූරීන්ගේ ගැදි පැදි සමඟ ජීවන තොරතුරු අලලා ආචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් කෘතියක් සම්පාදනය වෙමින් පවතී. කාව්‍යලෝලින් සහ රසිකයින් සතුව පී. මලල්ගොඩ කිවියා විසින් රචිත අප්‍රකට කවි, රචනා හෝ වෙනත් තොරතුරු ඇත්නම් ජේ. ආර්. මලල්ගොඩ, (කවිය), 225, මොරටුව පාර, පිළියන්දල ලිපිනයට එවන මෙන් හෝ 0777882838 / 0722972818 අංක සඳහා දන්වන මෙන් එතුමාගේ පවුලේ ඥාතීන් දන්වා සිටියි.
දීප්ති දහනකගේ ‘බාලසූරිය ආර්.ආර්.’ 26 දා දොරට වඩී
දීප්ති දහනකගේ ‘බාලසූරිය ආර් ආර්’ කෙටි කතා සංග්‍රහය දොරට වැඩුම හෙට (26) කෑගල්ල තැපැල් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. අනෝමා රාජකරුණා, උපුල් ශාන්ත සන්නස්ගල, අශෝක හඳගම, මැල්කම් මචාඩෝ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
|