|
තිසල් තුල්නෙත් ගැන
පසුගිය සාර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස අභිසෙස් ලද මවුස් සිනමාපටයේ රඟපෑ වසන්ත මොරගොඩගේ පුතු තිසල් තුල්නෙත් ගැන වැඩි ප්‍රචාරයක් නොතිබිණ. එය එවන් වූ ළමා නළුවකුට මීට වඩා ඉඩක් ලැබුණා නම් හොඳ යැයි සිතේ.
ඔහු හොඳම නළුවා වූයේද ඔහුට වඩා ගොඩක් වයසෙන් වැඩි අය අභිබවා යැයි ද මතක් කරමි.
අජිත් ලක්මාල්
සිදංගනාවෝ අවසානය හොඳයි
සිරස ටී වී අනෙක් නාට්‍යවලට වඩා සිදංගනාවෝහි අවසානය හොඳයි. චන්දික නිරෝෂා, මේනක,
ලක්ෂිකා, අයෝමි වගේම අංජු දිස්නා ලෙස රඟපෑ නවක යුවළ මතකයේ රැෙඳන රංනයක යෙදුනා. හර්ෂණී රණසිංහ මාලඹේ
‘සුහානි රාත්’ බලධාරීන්ගේ අවධානයටදැන් මාස කිහිපයක සිට බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සුහානි රාත් වැඩ සටහන නවත්වා දමා ඇත. 50, 60, 70 දශකවල අපව මෝහනයට පත් කළ ඒ මියුරු හින්ද ගීත ඇසීමෙන් අපි මහත් වූ මානසික සතුටක් සුවයක් ලැබුවෙමු.
කලාතුරකින් බිහි වන මෙවන් වැඩසටහන් නොනවත්වා ඉදිරියට ගෙන යාමට අදාළ බලධාරීන්ට
අවධානය යොමු වේවා. අජිත් ජෝතිය කරසිංහ මත්තෙගොඩ
සනත් ගුණතිලකට,එදා සටන, සිංහයන්ගෙත් සිංහයා, ඔබ කොහෙද ප්‍රියේ, රජ වැඩකාරයෝ, ආත්මා, මධු සිහින, නොම්බර 17 වැනි අතිශයින් සාර්ථක වූ චිත්‍රපට රැසක අති දක්ෂ චරිත රංගනයක යෙදෙමින් සිංහල සිනමාවේ දිගු ගමනක් ආ ඔබ මේ වන විට ඒ ගමන ඉතාම හෙමින් සිදු කරන බවයි මට වැටහෙන්නේ. අර වගේ වානිජ චිත්‍රපට රැසක රඟපෑවා වගේ මේ යුගයට අවශ්‍ය චරිත රඟපාමින් සිංහල සිනමාව යළිත් වර්ණවත් කරන්න.
ඉඳහිට හෝ ඔබේ රංගනයන් බලා අප ලබන්නේ ඉමහත් සතුටකි. මිල්ටන් ප්‍රනාන්දු
මිනෙරෝ උතුරු මූදුකටුව මේ දෙදෙනාව සිහි කරමු
හෙළ සිනමාව ඇරැඹීමට පුරෝගාමී වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ ශාන්ති කුමාර්
සෙනෙවිරත්න යන මුල්ම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනා සිහි කිරීමට යම් කිසි
සිහිවටනයක් ගොඩ නගන්නේ නම් එය උසස් කටයුත්තකි. එම්. ඩබ්ලිව්. පී. පෙරේරා කුලියාපිටිය
බර්ටි
වෙනුවෙන්
යුතුකම්
ඉටු කරමු
මහනුවර උපත ලැබූ, මහනුවර සංඝරාජ පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ බර්ටි ගුණතිලක, එච්. ඩී. විජේදාස විසින් 1954 වර්ෂයේ ඇරැඹි විහිළු තහලු වැඩසටහන තුළින් විකට ශිල්පියකු ලෙස රංගන දිවිය ආරම්භ කරන ලදී. උපතින්ම ලද සහජ හැකියාව තුළින් මිනිසුන් සිනහ ගැන්වීමට සමත් වූ ගුණතිලකයන් තම ජීවිතයෙන් හරි අඩක් විකට රංගන ශිල්පියකු ලෙස කළ සේවය සුලුපටු නොවේ. පනහ දශකයේ නිර්මාණය වූ බණ්ඩා නගරයට පැමිණීම සිනමාපටය තුළින් සිනමාවට එක්ව සිකුරුලියා, ජීවන ගංගා, සමාජ මිතුරෝ ඇතුළු චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වී ඇති මොහු දැනට ඉතා අසරණව ගොඩකවෙල ප්‍රදේශයේ ජීවත් වේ.
බර්ටි ගුණතිලකයන් ගැන සොයා බලා ඔහු වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීම වගකිව යුතු අයගේ
වගකීමකි. නොපෙනෙන දෙනෙතට යමක් කරනවාට වඩා පෙනෙන දෙනෙතට යමක් කිරීම උතුම් බව වගකිව
යුත්තෝ සිතට ගත යුතුයි. දයාරත්න ගනේගොඩ කැලණිය
ආනන්ද පද්මසිරි,ඔබ ලිවීමට යන ජෝතිපාලයන්ගේ සැබෑ තොරතුරු සහිත චරිතාපදානය හැකි ඉක්මනින් එළි දක්වන්න. ජානක ඉලුක්කුඹුර කඩවත
මේ කෙටි පණිවුඩ ප්‍රතිචාරයි.
සිරි පැරකුම් සමඟින් ජැක්සන් ඇන්තනී දුන් දායාදය ඔහුගේ පුත් අකිල ධනුද්ධර හෙළ සිනමාවට මහඟු දායාදයකි. රංජනී අමරසිංහ වල්පොළ
මල්ශානි දිල්හාරා නිවිතිගල
එඩී ජයමාන්නගේ ගුණ සමරුවත් ළඟම එනවා. එය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් පවත්වන්න. චාමර බදුල්ල
අග්නි දාහය සිනමාපටයේ යශෝධා විමලධර්ම රඟපෑ කිරි මැණිකාගේ චරිතය අතීතයට එක්ව ඇතත් මට නම් කවදාවත් ඇය කළ ඒ රංගනය අමතක වන්නේ නැත. අසංක ශාන්තප්‍රිය රත්නපුර
රුවන් හෙට්ටිආරච්චිගේ කටහඬ හරිම ආකර්ශනීයයි. ඔහු ගායන ලොවේ අති දක්ෂයකු වනු
නිසැකයි. තරුෂි බණ්ඩාරගම
අකලංක ගමගේ අයියට, සිහින විලක් ටෙලි සිතුවමේ නලීන් ලෙස රඟන ඔබ ක්‍රිකට් ක්‍රීඩාවටත් රඟපාන්නත් එකසේම දක්ෂයි. පී. එන්. ඒ. නිලූකා කුඩාගම අවිස්සාවේල්ල
අධ්‍යක්ෂවරුනි අබා, කුස පබා, සිරි පැරකුම් වැනි චිත්‍රපට නිර්මාණය කරන්න. එමඟින් ඉතිහාසය හදාරන සැමට සහ ඉතිහාසය අධ්‍යයනය කරන සැමට මහත් පිටුවහලක් වේවි. අතුල කුමාරසිරි කැරන්වත්ත
පැරැණි චිත්‍රපටවල කතාව, සංගිතය සහ ගීත කොපි කරන අලුත් ශිල්පීන් නව නිර්මාණහි නාමාවලියේදී කතාව සහ සංගීතය ඉදිරියේ වෙනත් අයගේ නම් සඳහන් කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවකි. එන්. කුමාරිහාමි වැලිමඩ
කලකට පසු සෙබලාණෙනි ගීතය ගායනා කළ රාජ් වික්‍රමසිංහ ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ
ත්‍රීතාල් වැඩසටහනට පැමිණ සිටීම අගය කරමි. හර්ෂන පුස්වැලිතැන්න
සිංහල සිනමාව තුළ මෑතකදී උද්ගත වූ පිටපත් ගණන පිළිබඳ ප්‍රශ්නය ගැන අප නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සරසවියට කළ ප්‍රකාශය ඇයගේ අවංක බව සහ එඩිතරකම අපට පසක් කර දේ. වික්‍රම මිද්දෙණිය
යුද්ධයේ බිහිසුණු බව කියාපාන ගාමනී, සරෝජා, මාතා, ප්‍රභාකරන්, ඉර හඳ යට, සෙල්වම් වැනි චිත්‍රපට තවත් නිර්මාණය කළ යුතුයි. එමඟින් මෙන්න මෙවැනි ප්‍රශනයක් අප රටේ තිබූ බවට අනාගත පරපුරට දැනගන්නට ලැබේවි. නිමල් අකුරැස්ස
කරූ මන්දාවල නාත්තන්ඩිය
යුරේනි නොෂිකාව ආයේ ටෙලි නාට්‍යකින් දැකගන්න ආසයි. හර්ෂ නාලවැල්ලාන
ස්ටැන්ලි පීරිස්, රන්ජිත් පෙරේරා, පද්මසිරි පැස්කුවල් යනු අප රටේ සිටි ප්‍රවීණ දක්ෂ සැක්සෆෝන් වාදන ශිල්පීන් තිදෙනකි. මොවුන් කලා ලොවෙන් සමුගත්තත් අපේ හදවත් තුළ අදටත් ජීවත්වෙති. මෙම ශිල්පීන් පිළිබඳ මතකය අවදි කිරීම මාධ්‍යයෙන් කටයුතුª කිරීම අගනෙයි. ඩබ්ලිව්. දමයන්ති කුමාරි හොරණ
අංගනා ටෙලි නාට්‍යයේ රහල් ලෙස රඟන බිමල් ජයකොඩි දක්ෂ නළුවෙකි. අනුලාවතී කුඩාගම
අ කොමන් මෑන් තුළින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ චන්ද්‍රන් රත්නම් මහතාට අපගේ උත්තමාචාරය. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
තරුමලී ටෙලි නාට්‍යයේ මීනා කුමාරිගේ රංගනය හරිම සංවේදියි. යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය
ජාතික රූපවාහිනිනියෙන් විකාශය වන අමුතු මිනිස්සු සැබවින්ම අමුතු නාට්‍යයකි. හරවත් මෙන්ම උසස් ගුණාංගයන්ගෙන් යුතු එය අධ්‍යක්ෂණය කළ රොෂාන් කුරුප්පුටත්, රංගනයෙන් දායක වන බුද්ධික ජයරත්න, සේමිණි, රොෂාන් රවීන්ද්‍ර, ගංගු ඇතුළු පිරිසට තුති පුදමි. ලක්මාලි වරකපොළ
හින්දි සිනමා ගායක කුමාර්සානුගේ හඬ නැතිව සිනමාව පාලුවට ගිහින්. ඉන්දික මුණසිංහ කෙහෙල් ඇල්ල බඩල්ගම
සරසවිය පුවත්පතෙහි පිටු එකින් එක කියවා බැලූ ඔබ මේ නතරවන්නේ ඔබේම සිතැඟි එක්තැන්වූ තැනය. ඔබ එවූ සොඳුරු අදහස් මෙතැන විචිත්‍රවත්වන අන්දම බලන්න.ප්‍රතිචාර ක්‍ෂණිකව 0752805047 යන අංකයට එවිට හැකිය. එමෙන්ම ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස් කොළඹ 10මේ ලිපිනය ඔබේ සටහන් හෝ තැපැල්පත් වෙනුවෙනි.
|