වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 122

සිංහල සිනමා විස්තරය - 122

ඈතින් ඈතට

තිරගත වූ දිනය – 1983 මැයි 06
ඉදිරිපත් කිරීම – ගයාත්‍රි චිත්‍රපට
නිෂ්පාදනය – පියසේන ද සිල්වා
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
කතාව තිර නාටකය – එච්. එස්. ජී. ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට / එච්. එම්. ජී. ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
කැමරා සහාය – ජී. නන්දසේන / එස් එම්. අස්මින්
සංස්කරණය - ලාල් දිසානායක / ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජා සහාය - රංජිත් කහඳවල
කලා අධ්‍යක්ෂණය - සරත් එම්. රණවක
නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග / ශ්‍රී ලාල් වීරසිංහ
රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
නාමාවලිය – ගාමිණී සමරවීර (ගාමිණී ආට්ස්)
නිශ්චල ඡායාරූප – ජී. නන්දසේන
නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත -
කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා - මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන – පද - සෝමපාල ලීලානන්ද
බෝධියේ විහාරයේ - නීලා වික්‍රමසිංහ – පද – ආචාර්ය අජන්තා රණසිංහ
පාට පාට ගෑවිලා පාට මල් වගේ - මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, එම්. කේ. මිස්කින් – පද - සෝමපාල ලීලානන්ද
රන්මාල රන්තෝඩු රන්දා තියා - ශ්‍යාමි ෆොන්සේකා, නිලා වික්‍රමසිංහ සහ පිරිස - පද - සෝමපාල ලීලානන්ද
අත්වැල් අල්ලා හසරැල් පාලා - නීලා වික්‍රමසිංහ

රංගන දායකත්වය – විමල් කුමාර ද කොස්තා, කරුණාරත්න හඟවත්ත, හරිස්චන්ද්‍ර ජයරත්න, රසාදරී ෆොන්සේකා, අනුෂ්කා මැදිවක, සේනක පෙරේරා, රිචාඩ් වීරක්කොඩි, නන්ද ජයමාන්න, ශාන්ති ලේඛා,සීතා කුමාරි, චන්දි රසිකා, ජී. ගුණවර්ධන, සිසිර කුමාරතුංග, වේහැල්ලේ පියතිලක, රොනී ලීච්, ඇස්. ජී. සේනාරත්න, යස්මින් ෆොන්සේකා, මාර්සියා ෆොන්සේකා, රමණී පියතිලක, යස්මින් සාවිත්‍රි,රානි ග්‍රේස් කුරේ, මානෙල් මිල්ලවආරච්චි

ආරම්භක සිනමා ශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා - රාජගිරිය, එමෙස් - මොරටුව, මේකලා - ගම්පහ, නිව් මිනර්වා - කළුතර, අප්සරා - හෝමාගම , රත්නාවලී - ජාඇල, නිව් සිනමා - මාතර, වේල්ස් -මහනුවර, මිලානෝ - කෑගල්ල, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, සමුපකාර – හිගුරක්ගොඩ

තුත්තිරි මල්

තිරගත වූ දිනය – 1983 මැයි 14
ඉදිරිපත් කිරීම – මාධව චිත්‍රපට
නිෂ්පාදනය – ගාමිණී ගුණවර්ධන, මිලින්ද ගුණවර්ධන
අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද
කතාව, දෙබස්, තිර නාටකය – චන්ද්‍රසේන පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – චන්ද්‍රසේන පෙරේරා, මර්වින් කළුආරච්චි
කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි
අංග රචනය – එස්. පී. කොස්තා
සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය සහ ප්‍රචාරක කළමනාකරණය - සිරිනාථ වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප – ජිනදාස පෙරේරා
නිෂ්පාදන අධිකාරි – අර්නස්ට් වඩුගේ
සංගීත අධ්‍යක්ෂණය - සනත් නන්දසිරි, වින්සන්ට් ප්‍රේමසිරි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න ඩී පිලිප්, චන්ද්‍රරත්න මාපිටිගම
ගීත ගායනය – මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, චන්ද්‍රිකා සිරිවර්ධන, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, ඔස්වල්ඩ් ජයසිංහ, සුවිනීතා වීරසිංහ සොමී රත්නායක, රත්නාවලී කැකුණවෙල, ප්‍රසන්න ෆොන්සේකා, හයසින්ත් විජේරත්න, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, අමරසේනදිසානායක, අශෝක හේවාවිතාරණ, රංජිත් සුරංග, වින්සන්ට් ප්‍රේමසිරි, ඩේෂන් අමරසිංහ, වින්සන් කරුණාරත්න, එස්. පී. කොස්තා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, නිහාල් සිල්වා, මිලින්ද ගුණවර්ධන, අවන්ති අපොන්සු, සුමිත් මුදන්නායක

සැ. යු. මෙම චිත්‍රපටයේ ගීත 04 ක් ඇතුළත්ව තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අපහසු විය.

දඩයම

තිරගත වූ දිනය – 1983 මැයි 20
ඉදිරිපත් කිරීම - කැන්ෆෝ චිත්‍රපට
නිෂ්පාදනය – පී. ඒ. රචින් චන්ද්‍රසිරි, සුනිල් ජයසිරි, ජී. ඒ. සෝමදාස
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර
සම තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය – ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණ සහාය – නන්ද විතාන
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංස්කරණ සහාය – නිමල් තෙන්නකෝන්
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – විජය චිත්‍රාගාරය
නාමාවලිය - කේ. ඇම්. හේමචන්ද්‍ර
නිෂ්පාදන කළමනාකරණය – නන්ද විතාන
නිශ්චල ඡායාරූප – ප්‍රියත් ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ඇදුම් නිර්මාණය හා ප්‍රචාරක කළමනාකරණය - ස්වර්ණා අබේසේකර
විදුලි කාර්මික සේවා - ජයවර්ධන ෆිල්ම්ස්
ධාවන කාලය – පැය 1 විනාඩි 55 දිග ප්‍රමාණය අඩි 11512

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙනිය (ජයනාත්), ස්වර්ණා මල්ලවආරච්චි (රත්මලී), සොමී රත්නායක (ජාකොලිස්), අයිරාංගනී සේරසිංහ (ගණිකා නිවාස පාලිකා), රත්නාවලී කැකුණුවෙල (රත්මලීගේ මව), ශිරාණි
කෞෂල්‍ය (රේණුකා), නන්ද විතාන (ව්‍යාජ විවාහ ලේකම්), මාලක චතුරාත් (රත්මලීගේ පුතු), අනුෂි විජේගුණවර්ධන, රත්මලී ගුණසේකර, දයා අල්විස්, ජේ. එච්. ජයවර්ධන, අවන්ති අපොන්සු, ඉන්දිරා පෙරේරා, රමණී ෆොන්සේකා, කාලයිල් ඩයස්, ග්‍රැන්විල් රුද්‍රිගු

මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී.
ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, බ්‍රෝඩ්වේ – මාතර, අනුර – අම්බලන්ගොඩ, නිව් ඉම්පීරියල් - රත්නපුරය, වෙම්බ්ලි-නුවර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ලිබර්ටි – බදුල්ල

සුබෝධා

තිරගත වූ දිනය – 1983 මැයි 27
ඉදිරිපත් කිරීම – තුසිත සිනෙරු
නිෂ්පාදනය - සෝමරත්න බටුගොඩ, විල්ප්‍රඩ් ජයවර්ධන
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
කතාව, දෙබස්, තිර නාටකය සහ කලා අධ්‍යක්ෂණය – දයා රාජපක්ෂ (සරසවිය පුවත්පතේ පළ වූ චිත්‍ර කතාව ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
කැමරා අධ්‍යක්ෂණය – බන්දුල කුරේ (ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය)
කැමරා සහාය - නෝබට් රත්නසිරි
සංස්කරණය - කොලින් පෙරේරා
අංග රචනය – එස්. පී. කොස්තා
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, ලාල් පාලිත සිල්වා, සෝමරත්න පෙරේරා, උපාලි වානගුරු
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - ගාමිණි පතිරණ
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රෝහිත බටගොඩ
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, චන්ද්‍රසේන කිරිවත්තුඩුව, සිරි කුලරත්න
ගීත ගායනා - වික්ටර් රත්නායක, රෝහණ සිරිවර්ධන, අබේවර්ධන බාලසූරිය, ෆෙ‍්‍රඩී සිල්වා

ගීත -
අතුරු මිතුරු දඹදිවතුරු

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන, ආනන්ද වික්‍රමගේ, ජයසේකර අපොන්සු, වින්සන්ට් වාස්, දයානන්ද ජයවර්ධන, සීතා කුමාරි, වික්ටර් සෙනෙවිරත්න, ගාමිණී කුමාර, කීර්ති හේවාවසම්
ආරම්භක සිනමා ශාලා - ගාමිණී මරදාන, ඕඩියන් – ගල්කිස්ස, ලැවීනියා - නුගේගොඩ, නිල්මිණි – වත්තල, කිංග්ස් – මීගමුව, ලේඛා - හෝමාගම, මානෙල් – මොරටුව, රීගල් - මහනුවර, රිගල් -අම්බලන්ගොඩ, එස්. කේ. සිනමා - මාතර, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - බළංගොඩ, ශ්‍රීමහල් - කුලියාපිටිය, සිත්තම්පලම් – අනුරාධපුරය, කිංග්ස් - මීගමුව, එස්. කේ. සිනමා - මාතරගීත තුනක් මෙහි ඇතුළත්ව තිබිණ.