|
ස්වප්නාගේ ඇත්ත කතාව
මෙරටේදී ‘ස්වප්නා’ වන්නේ ඉන්දියාවේ ‘දියා ඕර් බාති හම්’ නමින් පුංචි තිරයේ විකාශය වන සෝප් ඔපෙරාවයි. අද ‘දියා ඕර් බාති හම්’ ඉන්දියානු පුංචි තිරයේ අංක එකේ ටෙලි නාට්‍ය ආකර්ෂණයයි. මේ නාට්‍ය 2011 අගෝස්තුª 29 වැනිදා සිට අද දක්වාම විකාශය කෙරෙයි. භාරත දේශයේ පමණක් නොව සිංගප්පූරුවේ ද, පාකිස්ථානයේ ද නාට්‍ය අතිශයින් ජනප්‍රියය.
‘එන් කනවන් එන්
තොෂාන්’ නමින් දමිළ රසිකයන් ද, ‘ඊ තරාම් ඉලාලු’ නමින් තෙළිඟු රසිකයන් ද, ‘තෝමේ අමේ
මිලේ’ නමින් බෙංගාල රසිකයන් ද, ‘ආකාශ්දීප’ නමින් කන්නඩ රසිකයන් ද නරඹන්නේ ‘දියා ඕර්
බාති හම්’ය. මෙය කාන්තාව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූවකි. සන්ධ්‍යා කොතාරී කතා නායිකාවයි. ඇයගේ මාපියෝ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියහ. සන්ධ්‍යාගේ එකම සොයුරු අන්කූර් ඇය නූගත් සූරජ් නම් තරුණයකුට පාවා දෙයි. සන්ධ්‍යා ධෛර්යවන්ත, අධ්‍යාපනයට උනන්දු තරුණියකි. ඇය සිහින මවන්නේ ඉන්දියානු පොලිසියේ නිලධාරිනියක වීමටයි. නවය පන්තිය පමණක් සමත් සැමියා රසකැවිලි සාදන්නෙකි. ඔහු දුටු පළමු දිනයේ සන්ධ්‍යාට ඔහු පිළිබඳ කිසිදු මනාපයක් ඇති නොවුණි. එහෙත් සූරජ්ගේ අවංක ආදරය, අරමුණ ඉටුකර ගැනීමට ඔහුගෙන් ලැබෙන ශක්තිය නිසා ලෝකයේ හොඳම සැමියා ලැබී සිටින්නේ තමන්ට බව ඇයට වැටහෙන්නීය. අවසානයේදී සූරජ්ගේ උදව්වෙන් ඇය පොලිස් නිලධාරිනියක් වෙනවාද? නූගත් නැන්දම්මා ඊට එකඟ වේවි ද? අවසානය නැරැඹීම සඳහා වසර ගණනාවක්ම ඔබට බලා සිටීමට සිදුවනු ඇත.
මෙහි සන්ධ්‍යා ලෙසින් රඟන්නේ දීපිකා සිංහය. විසිතුන් හැවිරිදි ඇය රඟපා ඇත්තේ ‘දියා ඕර් බාති හම්’ ටෙලි නාට්‍යයේ පමණි. එහෙත් මේ පළමු රංගනයෙන්ම ඇයට මහත් ජනප්‍රසාදයක් හිමි විය. වාණිජ හා කළමනාකරණ උපාධියක් හිමි ඇය දැන් නිළිකම වෘත්තීය ජීවිතය කරගෙන අවසන්ය. සන්ධ්‍යාට ඇය කෙතරම් සාර්ථක ලෙස පණ පෙව්වා ද කිවහොත් මේ වන විට සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 2013 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේදී ප්‍රියතම ලේලිය (ෆේවරිට් බහූ) ලෙස සම්මානය දිනා ගත්තේ ඇයයි. 2012 දී හා 2013 දී ඉන්දීය ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම හොඳම නිළිය සම්මානය හිමි වූයේ ඇයටයි.
සූරජ්ට පණ පොවන අනාස් රෂීඩ් තිස් දෙහැවිරිදි පුංචි තිරයේ තරුවකි. ඔහු කහීන් තෝ
හෝගා, ඩර්ති කා වීර් යෝධා ප්‍රිත්විරාජ් චෞහාන්, ඒසේ කරෝ නා විදා වැනි ටෙලි නාට්‍ය
රැසක රඟපා තිබේ. කිසි දිනක නිළියක හා විවාහ නොවන බව ඔහු පවසන්නේය. අනාස් මනෝවිද්‍යා
උපාධිධාරියකි. 2012 ස්ටාර් පරිවාර් සම්මානයත්, 2013 ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය හොඳම නළුවාට හිමි සම්මානයත් දිනා ගත්තේ ඔහුයි. දොළොස් වැනි ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේදී මේ නාට්‍යයට සම්මාන 5 ක් හිමි විය. හොඳම නළුවාට, නිළියට අමතරව හොඳම සහාය නිළිය ලෙස නාට්‍යයේ නීලූ වාගෙලා ද සම්මානයට පාත්‍ර වූවාය. දිනපතා විකාශය කෙරෙන ටෙලි නාට්‍ය අතරින් හොඳම නාට්‍ය බවට පත් වූයේත් මෙයයි. වැඩිම සම්මාන ගණනකට එනම් සම්මාන 8 කටම 2013 ටෙලි සම්මාන උළෙලේදී නාට්‍ය නිර්දේශ විය. දියා ඕර් බාති හම් නාට්‍ය සමීත් මිතාල්ගේ සහ රෝහිත් රාජ් ගෝයල්ගේ අධ්‍යක්ෂණයකි. මේ සෝප් ඔපෙරාව කෙතරම් ජනප්‍රිය ද කිවහොත් අමීර් ඛාන්ගේ සත්යමේව් ජායති වැඩසටහනට ද ප්‍රධාන තාරකා යුවළ සහභාගි කරගෙන තිබේ.
|