|
රන්ජන් නවරියන් වෙයි
සුරූපිනියකටත් ඉඩකඩ
පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට් වන්, ලීඩර් වැනි අති සාර්ථක වාණිජ චිත්‍රපට සිනමාවට ගෙනා සුපිරි නළු රන්ජන් රාමනායකගේ අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා උත්සවශ්‍රියෙන් ඇරැඹිනි. සත්‍ය කතාවක් පසුබිම් කර ගනිමින් ත්‍රාසය, භීතිය, කුතුහලය කැටි කරගත් නව ආරක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය නම් කොට ඇත්තේ ‘Dr. නවරියන් යනුවෙනි. Dr. නවරියන්ගේ චරිතය නිරූපණය කරන්නේ ද රන්ජන් වීම විශේෂයකි. මේ චිත්‍රපටය සඳහා සුරූපී නවක නිළියක් යොදා ගැනීමට රන්ජන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා සම්මුඛ පරික්ෂණ මේ දිනවල පැවැත්වේ. තාරුණ්‍යයෙන් පිරිපුන් ලලනාවන් කිහිප දෙනෙකුගේම අපූර්ව රංගන ලාලිත්‍ය සිය නවතම චිත්‍රපටයට මුසුකරන බව රන්ජන් පැවසූයේ තවත් සුන්දර සිනමා සිත්තමක අසිරිය පිළිබඳ අපට ඉඟි කරමිනි. විල්සන් කරු, සඳුන් විජේසිරි, රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, රජිත හිරාන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන ‘Dr. නවරියන්’හි කතාව, දෙබස්, තිර රචනය ද රන්ජන්ගේමය. සහාය අධ්‍යක්ෂණයෙන් කුමාරසිරි ද සිල්වා, කැමරා අධ්‍යක්ෂණයෙන් ගාමිණී සිල්වා දායක වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් වෙතිනි. සිංහල සිනමාවේ ලාබාලතම නිෂ්පාදකවරයා ලෙස වාර්තා පොතට එක් වන්නේ Dr. නවරියන් නිෂ්පාදනය කරනු ලබන සහන් අබේවර්ධනය. නිෂ්පාදන අධීක්ෂණය සිංහල සිනමාවට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් තිළිණ කළ සුනිල් ටී. ප්‍රනාන්දු ගෙනි. ‘‘Dr. නවරියන්’ මුහුරත් උළෙල පසුගියදා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් බොල්ගොඩ ‘රිකීස් වයිට් හවුස්’ හිදි පැවැත්විණ. මේ එහි සොඳුරු දසුන් කිහිපයකි.
එදා ‘චංචල රේඛා’ දුෂ්ටකම් කළ සිසිර මෙදා ඒ චරිතයම පුංචි තිරයට ගෙනෙයි
චිත්‍රපටයෙත් ටෙලි නාට්‍යයෙත් නම චංචල රේඛා. මීට වසර තිහකට ප්‍රථම සේන සමරසිංහයන් නිර්මාණය කළ චංචල රේඛා සිනමාපටයෙහි සිසිර රඟපෑවේ එහි දුෂ්ටයා වූ රෙක්ස් කොඩිප්පිලි ගේ ගෝලයකු හැටියටයි. ටෙලි නාට්‍යයෙහි රෙක්ස් ගේ එම චරිතය රඟනුයේ ක්ලීටස් මෙන්ඩිස්. සිසිර ක්ලීටස් ගේ ගෝලයකු වෙමින් සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්‍ෂණය කරන චංචල රේඛා ටෙලි සිතුවමේ එම චරිතයම නිරූපණය කරනු ලබනවා. සිසිරට මේ හිමිවෙලා තියෙන අවස්ථාව කලාතුරකින් රංගන ශිල්පියකුට හිමිවන්නක්. ඒ වගේම මේ පුවත අපට සැලකොට තමන් ගේ පැරැණි රසික රසිකාවන්ට දුරකථන අංකය ලබා දෙන්නත් සිසිර අමතක කළේ නැහැ. 072-6054710 077-3256996 මේ සිසිර ගේ දුරකථන අංකයි.
ජාතික කලාකරු හැඳුනුම්පත් ප්‍රදානෝත්සවය 29 වැනි දා ටවර් හෝල් හිදී
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රවීණ කලාකරුවන් හඳුනා ගැනීම සඳහා සම්පාදනය කරනු ලබූ ‘ජාතික කලාකරු හැඳුනුම්පත්’ ප්‍රදානෝත්සවය මෙම 29 වැනි දින පස්වරු 2.30 ට ටවර් හෝල් රඟහලේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ආරම්භක අවස්ථාවේ දී කලාකරු හැඳුනුම්පත් නිකුත් කිරීම සංකේතවත් කරමින් මෙදින කලාකරුවන් 500 දෙනෙකුට හැඳුනුම් පත් ලබාදෙන අතර එම හැඳුනුම් පත් හිමි කලාකරුවන් දැනුවත් කර ඇත. අයැඳුම් කළ සුදුසුකම් ලත් අනෙකුත් කලාකරුවන් සඳහා ඉදිරියේදී හැඳුනුම්පත් නිකුත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. |