|
තවත් ශෝකාන්තයක්
ඇයට මියගිය පසු මිත්තණිය මුණ ගැසෙන්න ඇති. මං ඔයාට ජීවිතය උමතුවෙන් ගෙවා දැම්මොත් මේ ප්‍රතිඵල අත්වෙයි කිව්වා නේද? කියා ඇය විමසද්දී ඇමී එහෙම හිතාගෙන මං මොකුත් කළේ නැහැ කියලා කියන්න ඇති. ඇමීගේ මව මල්ටිපල් ස්ක්ලෙරෝසිස් රෝගයෙන් පීඩා විඳීන පනස් අට හැවිරිදි කාන්තාවකි. ඖෂධවේදිනියක වුවත් ඇයට රෝගී තත්ත්වය නිසා ජවසම්පන්න වයසේ පසු වූ දියණියගේ ජීවිතය ගැන, විශේෂයෙන්ම ඇය ගන්නා අහිතකර ආහාර පාන ගැන, වැරැදි පුරුදු ගැන සොයා බලන්නට හැකියාවක් නොලැබුණි. ‘ඇමී සුපිරි ආපන ශාලාවලට ගොස් හැකි තරම් අහිතකර කෑම බීම ගත්තා. මේ ගැන ඇසූ විට ඇය කිව්වේ ගන්නා අහිතකර ආහාර පාන සියල්ල වමනය කරන බවයි.’ මව පවසන පරිදි ඇමී ද ඩයනා කුමරිය මෙන්ම සිරුර සිහින් කරගන්නා උමතුවෙන් පෙළී ඇත. 2011 වසරේ ජූලි 23 වැනිදා අකාලයේ ජීවිතයෙන් සමුගත් ඇමී ගැන වාර්තා සිනමාපටයක් ද නිර්මාණය කෙරෙමින් පවතී. මේ සංවේදී කටයුත්තට අතගසා සිටින්නේ 1994 අවාසනාවන්ත ලෙස මියගිය අංක එකේ ෆෝමියුලර් ධාවන ශූරී ආටන් සෙනා පිළිබඳ සිනමාපටයක් නිර්මාණය කළ අසීෆ් කපාඩියායි. යුගයේ ගායිකාවක, ගීත රචිකාවක ලෙස රසික සිත් වශී කළ ඇමී මධ්‍යසාර විස වී ලන්ඩනයේ කැම්ඩන් තට්ටු නිවාසයේදී මිය යන විට ඇයගේ දෙවැනි ඇල්බමය ‘බැක් ටු බැක්’ ද ජනතාව ඉතා ආදරයෙන් වැළඳගෙන අවසානය. ඇල්බමයේ පිටපත් මිලියන 12 කට වඩා දැනට අලෙවි වී තිබේ. ඇමීගේ නිවෙස මේ වන විට රසිකයන් වෙනුවෙන්ම වෙන්කර ඇත.
|