|
|
|||||
අම්මාවරුනේ දර්ශන තලයේ . . . නෙහාරා සමඟ පෙමින් වෙළෙද්දී මේනකට දිමි ප්‍රහාරයක්
මගේ ඒ සිතිවිල්ල ක්ෂණිකව සත්‍යයක් බවට පත් වූයේ ඈතින් එන නෙහාරාව දැකීමෙනි. දෙදෙනා අන් අයගෙන් මිදී රුක් සෙවනැල්ලකින් පහස ලද බංකුවක් මත වාඩි විය. අවට සිසුන් රාශියකි. එනමුදු ඒ ඒක් අයකුවත් මේනක නෙහාරා සමඟින් කතා කළේ නැත. එපමණක් ද නොව මෙතරම් ජනප්‍රිය නළු නිළි දෙපොළක් වුව ද ඇතැමෙක් ඔවුන්ව තඹයකටවත් මායිම් කළේ ද නැත. ඒ ගැන මට ඇත්තේ පුදුමයකි. මේනකත් නෙහාරාත් වටපිටාව ගැන කිසිදු සෝදිසියකින් තොරව බරපතළ කතාවකය. හදිසියේම මේනකගේ මුහුණ වෙනස් විය. ඔහු ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටියේ ඉණ අතගාමිනි. ඇයි ඇයි මේනක මොකද වුණේ? පිරිස අතරින් කෙනෙකු පැමිණ මේනකගෙන් විමසීය. මෙතන හරියට දිමියො ඉඳලනේ ක්‍රිෂ්ටි අයියේ. මාව එකෙක් කෑවා. මේනක තවමත් ඉණ අතගායි. ඔහුගේ කතාව ඇත්තය. මේනක නෙහාරා වාඩි වී සිටි බංකුවේ දිමියන් රැසකි.
නෙහාරා දෑස විසල් කරගත් ගමන්ය. ආ . . . මේ ඔක්කොම කාන්තා දිමියො. ඒකයි මේනකවම කාලා තියෙන්නේ. කවුදෝ කියනු ඇසිණ. මේනක, ක්‍රිෂ්ටි අයියේ කියා කතාබස් කරමින් සිටියේ මෙරට සිටින ජනප්‍රිය නිර්මාණ රැසක හිමිකරුවෙකි. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ඔහුගේ සම්පූර්ණ නම ය. සිටු මැදුර ඔහු අවසන් කළ ටෙලි සිතුවමයි. මේ ඔහුගේ අලුත්ම නිර්මාණය වන අම්මාවරුනේ හි දර්ශන තලයයි. මෙතැන සිටින්නේ ඇත්ත සිසුන් නොවන වග මට පසුව දැනගන්නට ලැබිණි. ‘අම්මාවරුනේ’ විවිධ ගතිපැවතුම් ඇති මව්වරුන් පස් දෙනකු සහ ඔවුන්ගේ පවුල් අතර ගෙතී ඇති කතා පුවතකි. අනුලා කරුණාතිලක, වසන්ති චතුරානි, මොරීන් චාරුනී, දමයන්ති ෆොන්සේකා සහ චමිලා පීරිස් එම චරිතයන් මවනු ලබයි. ක්ලීටස් මෙන්ඩිස්, ජනක කුඹුකගේ, ගිහාන් රෝහණ, මේනක, නෙහාරා, ඩිනක්ෂි ප්‍රියසාද්, ඇන්ටන් කුරේ, චූලා මෙන්ඩිස් මෙහි අනෙකුත් නළු නිළියන්ය. මේ වනවිට ජනක දර්ශන කිහිපයක් කැමරාවෙහි සටහන් කරගෙන අවසන්ය. දැන් දිවා ආහාරය සඳහා සියල්ල සූදානම් වෙයි. නෙහාරාට ආහාර ගැනීම සඳහා අති විශාල කාලයක් ගත වන බව මං අසා තිබේ. මම එහි ඇත්ත නැත්ත අද සොයා බැලීමට සිතුවෙමි. නෙහාරා බත් එකක් බෙදාගෙන කන්න පටන් ගනියි. සැබවින්ම ඇය එය අනුභව කරන්නේ සාවියක් උඳුපියලිය කන්නාක් මෙන් හරිම සීරුවටය. අන් අය ආහාර ගෙන අතුරුපස ද කා බොහෝ වෙලාවක් යනතුරු නෙහාරා බත්පත අතගාමින් සිටියාය.
සවස තුන පමණ වෙද්දී දැන් අප සිටින රත්මලානේ කම්කරු සෙවණේ දර්ශන තලයෙන් මෙහි තවත් එක් දර්ශන තලයක් පිහිටා ඇති අතුරුගිරියට අපි ගියෙමු. එතැන දමයන්ති ෆොන්සේකා, ඩිනක්ෂි ප්‍රියසාද් සහ ගිහාන් ප්‍රනාන්දු වෙති. ඩිනක්ෂි සිටියේ නිදි කිරමිනි. ඊට හේතුව වී ඇත්තේ ඇය ඊට පෙරදා රූගත කිරීමක් නිමකොට නිවසට පැමිණ ඇත්තේ පාන්දර හතරට පමණ ආසන්න වීය. හරි හැටි නින්දක් නොමැතිවීම නිසා ඈ වාඩි වන්නේ කොතැනද එතැන ඇය නිදිය. සැරින් සැරේ ඇයව ඇහැරවන්නට සිදු විය. මේ සිදුවීම දුටු තවත් අයකු කීවේ කොහෙන් හරි හොඳට හඬලන්න පුළුවන් කුකුළෙකු ඩිනක්ෂි ළඟින් බැඳ තියමු යන්නයි. ඒ කතාවට ඇයට ද හොඳටම සිනහ පහළ විය. ගිහාන් ප්‍රනාන්දු රඟපාන්නේ ඩිනක්ෂිගේ පියා හැටියටයි. චරිතයට අනුව ඔහු කතා කරද්දී වචන ගොත ගසමින් ඇදෙයි. පුදුමයකි. අධ්යක්ෂවරයා කට් කියූ පසුව ද ගිහාන් කතා කරන්නේ ඒ විදිහටමය. මම ... මට... වතු ... ර ටික...ක් ඕනේ.
ගිහාන් දැන් සීන්එක ඉවරයි. පුරුදු විදිහට කතා කරමු. කලා අධ්යක්ෂවරයා එසේ කීව ද ගිහාන්ගේ වෙනසක් නැත. ඔහු ඒ කළේ විහිළුවට බව පසුව ඔහුම කීවේය. වසන්ත අමරසිංහ නම් මෙහි සහාය අධ්‍යක්ෂකවරයා කාත් එක්කවත් වැඩි භජනයට නොගොස් බරපතළ වැඩකය. ලබන සතියේ ක්ලීටස් අයියා මාසෙකට රට යනවා. එයාගේ ෂූටිං කලින් කරන්න ඕන නිසා වසන්ත ආයෙත් ෂූටි එකේ ශෙඩුල් හදනවා. ඒකයි එයා කතා නැත්තේ. අම්මාවරුනේ ස්වර්ණවාහිනිය ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට විකාශය වේ. ඒ අපූරු ටෙලි නාට්‍ය මෙන්ම එහි දර්ශන තලය ද සොඳුරු යැයි එතැනින් නික්ම එද්දී මට සිතිණ.
අම්මාවරුනේහි නිෂ්පාදක කණ්ඩායම
අධ්‍යක්ෂණය -
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු |
|||||



විශ්වවිද්‍යාලයේ සිසුන් අතරට මැදි වූ මේනක රාජපක්ෂව හඳුනා ගැනීමට මට වැඩි වේලාවක්
ගත නොවීය. මේනක ඉන්නවා නම් නෙහාරත් මේ ළඟම ඇති.
ඇයි දන්නෙ නෑ මෙයාව විතරක් දිමියො කෑවේ. මගෙ ඇඟේ නම් එකෙකුවත් එල්ලිලා නැහැ.



