වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




කට කථා සමඟින් මේ සෙනසුරාදා අමිලා

කට කථා සමඟින් මේ සෙනසුරාදා අමිලා

සරසවිය සමඟ රිදම් ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹි කටකතා වැඩසටහන සඳහා සහභාගී වනුයේ අමිලා නදීෂානියි. එය ලබන සෙනසුරාදා උදෑසන 7 – 10 දක්වා එම නාලිකාවේ ප්‍රචාරය වේ.

අමිලා ගැන නොදත් විස්තර බොහොමයක් මෙන්ම ඇයගේ කටකතා පිළිබඳව එහිදී ඇය සමඟ සෘජුවම කතා කරනු ඇත. කටකතා 95.6, 95.8 සංඛ්‍යානවලින් හෝ

www.rhythmfm.me යන වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකිය. කටකතා මෙහෙයවීම ජානක ප්‍රභාත් ගෙනි.

සිනෙ රූ ගී සමඟ මෙවර ‘සුජාතා’

සරසවිය පුවත්පතත් සිංහ ගුවන් විදුලියත් අත්වැල් බැඳ ඇරැඹි සිංහල සිනමාවේ තොරතුරු රැගත් ‘සිනෙ රූ ගී’ වැඩසටහනෙහි මෙවර කතාබහට ලක්වනුයේ කේ. ගුණරත්නම් පළමුවරට නිෂ්පාදනය කළ, 1953 වසරේ තැනුණ ‘සුජාතා’ චිත්‍රපටයයි.

ටී. අචාර්. සුන්දරම් ගේ අධ්‍යක්‍ෂණයක්වන මෙහි ප්‍රෙම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ.

මෙරට ජනපි‍්‍රය සිනමා සංස්කෘතියේ ආරම්භය සිදුවූයේ සුජාතා සිනමාපටය සමඟිනි. සුජාතා යළි බුද්ධි කීර්තිසේන ගේ නිෂ්පාදනයක්, දයා විමලවීර ගේ අධ්‍යක්‍ෂණයක් ලෙස ද එළි දුටු අතර, පසුව එය ටෙලි නාට්‍යයක් ලෙස ද විකාශය විය.