|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම
No One Lives
‘නෝ වන් ලයිව්ස්’ ත්‍රාසය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ර්‍යුහි කිටාමුරා අධ්‍යක්ෂණය කළ මෙහි ලුක් එවැන්ස්, ඇඩෙලි ක්ලෙමන්ස්, ඩිරෙක් මැග්යර්, බේයු ක්නැප්, අමෙනිකා ඔලීවෝ, ඩෝල්ටන් ඊ ග්‍රේ, ලින්ඩ්සෙ ෂෝ ප්‍රධාන චරිත සඳහා පණ පොවති. නෝ වන් ලයිව්ස් මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු වේ.
Black Rock ‘බ්ලැක් රොක්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. කැති ඇසෙල්ටන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 80 ක ධාවන කාලයකින් යුතු වේ. කැති ඇසෙල්ටන්, ලේක් බෙල්, කේට් බොස්වෝර්ත්, විල් බෝවියර්, ජේ. පවුල්සන්, ඇන්ස්ලිම් රිචඩ්සන් බ්ලැක් රොක් හි රංගනයෙන් දායක වෙති.
Fast & Furious 6
‘ෆාස්ට් ඇන්ඩ් ෆ්‍යුරියස් 6’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ජස්ටින් ලීන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ වින් ඩයිසෙල්, පාවුල් වෝල්කර්, ඩ්වයේ ජොන්සන්, මයිකල් රොඩ්රිග්‍යුස්, ජෝර්ඩානා බ්‍රිවුස්ටර්, ක්‍රිස් බ්‍රිඩිජස් ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වෙති. ෆාස්ට් ඇන්ඩ් ෆ්‍යුරියස් 6 මිනිත්තු 160 ක ධාවන කාලයකින් යුතු වේ.
The English Teacher
ක්‍රෙග් සිස්ක් විසින් අධ්‍යක්ෂණය කළ ‘දි ඉන්ග්ලිෂ් ටීචර්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ජුලියන් මෝරේ, ග්‍රෙග් කීනියර්, මයිකල් ඇන්ගරානෝ, නාතන් ලේන්, ලයිලි කොලින්ස්, ජෙසිකා හෙච්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙති. ‘දි ඉන්ග්ලිෂ් ටීචර්’ චිත්‍රපටය මිනිත්තුª 93 ක ධාවන කාලයකින් යුතු වේ.
The Kings of Summer
‘ද කිංග්ස් ඔෆ් සමර්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝර්ඩාන් වොග්ට් - රොබර්ට්ස් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ. නික් රොබින්සන්, මොරියස් ඒරියස්, ගේබ්‍රියල් බැසෝ, ඇලිසන් බ්‍රී, නික් ඔෆර්මෑන්, මෙගැන් මුලාලි මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
The Purge
‘ද පෲජ්’ ත්‍රාසජනක සිදුවීම් පෙළතක් රැගත් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. ඊතන් හව්ක්, ලිනා හෙඩේ, මැක්ස් බෲක් හෝල්ඩර්, ඇඩෙලෙයිඩ් කේන්, එඩ්වින් හොඩ්ජ්, එයි වේක්ෆීල්ඩ්, ටෝනි ඕලියර් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ජේම්ස් ඩිමොනාකෝ අධ්‍යක්ෂණය කළ ද පෲජ් මිනිත්තු 85 ක ධාවන කාලයකින් යුතු වේ.
Enemmy
රන්ජන් බාරික් අධ්‍යක්ෂණය කළ ‘එනිමි’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. මිථුන් චක්‍රබෝර්ති, සුනිල් ෂෙට්ටි, මහාක්ෂේ චක්‍රබෝර්ති සකීර් හුසේන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය මිනිත්තු 140 ක ධාවන කාලයකින් යුතු වේ.
Shortcut Romeo
‘ෂෝර්ට්කට් රෝමියෝ’ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. සුසි ගනේෂන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 146 ක ධාවන කාලයකින් යුතු වේ. නීල් නිතින් මුකේෂ්, අමිෂා පටේල්, පූජා ගුප්තා ෂෝර්ට්කට් රෝමියෝ හි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
|