|
||
රටවිරුවෝ ඕමානයට පැමිණිදා
විදෙස් ගතවූවන්ගේ කලා හැකියාවන් දැක්වීමට වෙන් වූ රටවිරුවෝ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ඕමානයේ. මැද පෙරදිග රටවල් කිහිපයකින් පසු ඕමානයට පැමිණි රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්හි මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වැඩසටහනයි. මේ එහිදී තම කලා හැකියාවන් දක්වන්න නියමිත රටවිරුවන් ගැන කෙටි සටහනක්. මෙම වැඩසටහන ලබන ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ හමුවන්න නියමිතයි. එහිදී ගමගේ කසුන් මධුසංඛ රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායනා අංශයෙන්. ඕමානයේ විදුලි කාර්මිකයෙකුª ලෙස සේවයේ නිරත ඔහු විදෙස් සේවයට සම්බන්ධ වී ඇත්තේ 2011 වසරේ සිටයි. පෙර පාසල් වියේ සිටම සංගීත අංශයට යොමුව ඇති ඔහු මෙවර රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. මධුෂාන් ජයනෙත්ති රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට පැමිණෙන්නේ ගායන අංශයෙන්. සංගීතයට ඇති ලැදියාව නිසාම පාසල් කාලයේ සිට සංගීතය විෂයක් ලෙස හදාරා ඇති ඔහු මෙරටදී සංගීත කණ්ඩායම් කිහිපයකම ගායන ශිල්පියෙකු ලෙස මෙන්ම විදුලි ඕගන් වාදන ශිල්පියෙකු ලෙසත් කටයුතු කරලා තියෙන අයෙක්. ඕමානනයේ ගබඩා පාලක තනතුරේ සේවයේ නිරත මධුෂාන් විදෙස් සේවයට එක්වෙන්නේ 2006 වසරේ සිටයි. ගම්පොළ රේණුකා නිලන්ති ගුණරත්න රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම් රටවිරුවෙක්. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදි වූ ඇය මීට පෙර අවස්ථා කිහිපයකදීම ඕමානයේ පැවති සංගීත සංදර්ශන ගීතවත් කරන්නත් එක්වෙලා තියෙනවා. රේණුකා විදෙස් සේවයට එක් වෙන්නේ 1996 වසරේ සිටයි. මීළඟට රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ ජයවීර කංකානම්ගේ අනිල්. ගායන හැකියාව සහජයෙන් ලද ඔහු ඕමානයේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් දෙවැනි වැඩසටහන ගීතවත් කරන්න සූදානම්. හෝටල් කෂේත්‍රයේ සේවය කරන අනිල් විදෙස් සේවයට එක්වෙන්නේ 2008 වසරේදියි. කමල් ආරියසිංහ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සහභාගි වන තවත් රටවිරුවෙක්. සංගීතයට ඇති ඇල්ම වගේම පවුලේ ආභාෂයත් නිසාත් ගායන අංශයට යොමු වූ ඔහු තම දස්කම් මෙවර රටවිරුවෝ වේදිකාවේ දක්වන්න දැන් සූදානම්. කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරන කමල් විදෙස් සේවයට එක්ව මේ ගෙවෙන්නේ පහළොස් වැනි වසරයි. සමන් කුමාර බණ්ඩාර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවට එක්වන මීළඟ රටවිරු තරුවයි. කුඩා කාලයේ සිටම සංගීතයට ඇති වූ ලැදියාව නිසා ඔහු සාමාන්‍ය පෙළ දක්වාම පෙරදිග සංගීතය විෂයක් ලෙසත් හදාරා ඇති අයෙක්. ඕමානයේ හෙද නිළධාරියෙකු ලෙස කටයුතු කරන සමන් කුමාර එම සේවයට එක් වෙන්නේ මේ වසරේදියි.
|
||