|
සීනි කොහේ තිබුණත් කූඹි වහනවා
සිරස එෆ් එම් නාලිකා ප්‍රධානී කිංස්ලි රත්නායක සමඟ අපි කතාකරමු
කිංස්ලි රත්නායක. මෑත ඉතිහාසයේ නිවේදන කලාවේ අර්ථපුර්ණ රන් ස්වරය යයි හැඳින්වීම අතිශෝත්තියක් නොවේ. ගෙවී ගිය දශක තුනකට ආසන්න කාලය තුළ ගුවන්විදුලිය, රූපවාහිනිය තුළ මේ සොඳුරු තරුණයා පෑ පෙළහර පිළිබඳ නොදත් අයකු අපේ රටේ සොයාගැනීම විරල කටයුත්තකි. එහෙ මෙහේ පියඹමින් ස්ථාවර වන්නට වෙරදරන නිවේදකයන්, ඩී.ජේයර්ස්ලා අතර කිංස්ලි ප්‍රදීපාගාරයක් වන්ව සැමට නිවැරැදි මාවත පෙන්වමින් සිටින ස්ථාවර සලකුණකි.
ඒ නිසාම ඉතාමත් ඉක්මන්, ස්ථාවර ගමනක් ගිය කිංස්ලි සිරස පාලනඅධිකාරියේ අත්‍යවශ්‍යම අංගයක්ම විය. මෑතම ඉතිහාසයේ කිරුළ නාලිකා ප්‍රධානියාව සිටි කිංස්ලි කිරුළෙන් පසු පැමිණියේ නැවත හුරුපුරුදු සිරස ජ්.ර්. නාලිකාවටය. ඔහු දැන් සිරස ගුවන්විදුලියේ ප්‍රධානියාය.
කිංස්ලි කිරුළට මොකද වුණේ... කිරුළ වැහුවා. සරලම උත්තරේ ඒක. කිරුළ කියන්නේ හරිවේලාවට හරිවිදියට හරි අරමුණක පිහිටා සිට නිවැරැදි සැලසුමක් අනුව අරම්භ කළ නාළිකාවක්. ඒ නාළිකාව අපේ ඉලක්කගත කළ සීමාවේදී වසා දැමුවා. නමුත් අපි නාළිකාව වැහුවේ හැමෝටම දැනුම් දිලයි. කිරුළ වහන දවසේ අපි පුර්ව පුචාරය කරමින් හැමෝම දැනුවත් කළා. කිරුළ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නිසා වහපු නාළිකාවක් නොවේයි. ඒ අනුව ගුවන්විදුලි නාළිකාවක් ආරම්භ කිරීමේ සහ නිමා කිරිමේ වාසනා ගුණයත් මට ලැබුණා.
නමුත් ඔබ කළේ ශ්‍රාවක ජනතාව අතරමං කිරීමක් නේද? නැහැ. අපි කළේ අත්හදා බැලිමක්. කිරුළ වසා දැමීමට දින නියම කර ගනීමින් ආරම්භ කළ නාළිකාවක්. කිරුළේ ආයු කාලය දවස් 600 යි. ඒක අපි දැනගෙන හිටියා. මෙහෙමයි, ලෝක ගුවන් විදුලි නාළිකා ඉතිහාසයේ මෙවැනි අත්හදා බැලිම් ඕනෑතරම් අපට හමුවෙනවා. ඇත්තටම මේක ව්‍යාපාරික අත්හදා බැලීමක්. දැන් ගඟක් හරස් කරළා වේල්ලක් බඳින කොට ඉස්සෙල්ලාම ආකෘතියක් හදනවානේ. නැත්නම් වේල්ල බැඳලා බලන්නේ නෑනේ. මෙතෙන තියෙන්නේ ඒවගේ කතාන්දරයක්. ඒ අතරමං වුණ ප්‍රේක්ෂකයා වෙනුවෙන් තමයි මම සිරසට පත්කළේ. සීනි කොහේ තිබුණත් කූඹි වහනවා. කිරුළට අප යෝජනා කරගත් වැඩසටහන් 26 න් 4 යි කරන්න හැකිවුණේ. කිරුළ ඉතාමත් ඉක්මනට ජනප්‍රිය වුණා. නිවිච්ච ඔළුවක් ඇති හිත එක තැනක තියාගන්න පුළුවන් ජනතාව තමයි කිරුළ වටේ එකතු වුණේ. මට දැනෙන විදියට දැන් ඒ පිරිස සිරස අහන්න එකතුවේලා ඉන්නවා.වෙළඳ ගුවන් විදුලිය අහලා කන් අගුළු වැටිලා හිටිය පිරිස කිරුළෙන් නැවතත් රේඩියෝව ඉදිරියට ගෙනාවා. දැන් ඒ පිරිසත් අප සමඟ ඉන්නවා. මෙක පර්යේෂණයක්. ඒක සාර්ථක වුණා. කිරුළේන්ගෙනා රස, අලෝකය දැන් හැමෝටම ළෙන්ගතු සිරස තිබෙනවා. කිරුළේ තිබු ආලෝකයේ මිහිර හෙටත් ගෙන ආ යුතුවේයි. මා ඒ වෙනුවෙන් කැපවී ඉන්නවා. කිංස්ලි සිරසට එන්නේ දසවසරකට පස්සෙ. දැන් හැමදේම වෙනස්වෙලා. ඔව්, පැහැදිලිවම. මමත් එක්ක වැඩකරපු හැමෝම දසවසරකින් වයසට ගිහිල්ලා. ඔවුන් එදාට වඩා අද පරිණත පුද්ගලයන් බවට පත්වේලා. තරුණ පිරිස් බොහෝමයක් සිරසට එකතුවේලා. තාක්‍ෂණය වසර 10 න් ඉදිරියට ඇවිත් දැන් භාවිත කරන්නේ එදා මං දැකපු තාක්‍ෂණය වගේ දස ගුණයක් වර්ධනය වුණු මෙවළම්. කිරුළ සඳහා තිබුණු තාක්ෂණයට වඩා මේ තාක්ෂණය ඉතා ඉහළයි. මේ හැමදේම තිබෙන තැනට හරි නායකත්වයක් ලැබුණාම ඉතාම සාර්ථකයි. දසවසරකට පසුව සිරසට ආවත් එදා තිබුණු ආදරය තවමත් එහෙමමයි.
ඔබ වගේම මේ ප්‍රශ්නය මම හැමදාම මගෙනුත් අහනවා. බොහෝ දෙනෙක් ඒ ගැන උනන්දුවෙන් සිටින බවක් මට දැනිලා තිබෙනවා. මං සිරසට එන්නේ විශ්ව විද්‍යාලයට ප්‍රවේශ විමට අපේක්‍ෂිත ශිෂ්‍යයකු ලෙසටයි. එතනදී මට ආපු අභියෝගය විශ්ව විද්‍යාල ගමන සහ නිවේදක වෘත්තිය අතර දෝලනය වුණා. මාස 6 ට පසුව මට සිරසේ ප්‍රධාන නිවේදක තනතුර ලැබුණා. මම තවත් කාර්ය බහුලවුණා. රැකියාව කරන අතරතුර උපාධියේ කටයුතුත් කරගත්තා. උපාධියට මහන්සි වුණොත් මගේ වැඩසටහන බහිනවා. වැඩසටහනට මහන්සි වුණොත් උපාධිය නැති වෙනවා. එම්.බී.සී. කියන්නේ ඉගෙන ගන්න අයට උපරිම උදව් කරන තැනක්. ඔවුන්ට අවශ්‍ය උගත් බුද්ධිමත් මිනිස්සු. මං කියාගෙන ආවේ ප්‍රශ්නයට උත්තරයක්. මෙහෙම කාලයක් ගිහින් මං රූපවාහිනියේ මතක හිටින වැඩසටහන් කිහිපයක් කළා. ඒ සඳහා ගැඹුරු ගවේෂණ වලට යන්නත් සිදුවුණා. මට අවශ්‍ය ජනප්‍රිය වීමට වඩා සාර්ථක කෙනෙකු ලෙස සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්නයි. ඒ සාර්ථක වැඩසටහන් ජනප්‍රිය වන බව මං දන්නවා. වගකීමක් දරන පුරවැසියෙක් ලෙස මට සෙල්ලම් කරන්න බැහැ. ඉදිරියෙදී රූපවාහිනි වැඩසටහනක් කරන්න හිතක් තිබෙනවා. නමුත් ඒක ඉතා ඉක්මනින් සිදුවෙන එකක් නැහැ. මට ඉතාමත් ඉක්මනින් ඉටුකරන්නට වෙනත් වගකීමක් පැවරිලා තියෙනවා.
දැන් සිරස හොඳයි කියලා, සිරසේ සිංදු හොඳයි කියලා මිනිස්සු කියනවා. ඒහෙම කියනවද? (සිනාසෙයි) ඔව්, ඒක සතුටට කාරණයක්. ශ්‍රාවකයා පිපාසයෙන් ඉන්නේ මොන වගේ ගීත අහන්නද කියලා මට දැනෙනවා. ඔවුන් දැන් හොඳයි කියන්නේ ඒ අවශ්‍ය දේ ලැබෙන නිසා වෙන්න ඇති. මාළු ලෑල්ලට ගිහින් මාළු විකුණන වෙළෙන්දට එතන භක්ති ගීත දාන්න කියනවානම් පන්සලේ පින්කමට බයිලා දානවා නම් එක විහිළුවක්. පෙරහැරට ඩ්‍රම්ස් සෙට්එකක් වාහනයකට හයි කරලා ගැහුවොත් අමු මෝඩකමක්. අපි අවශ්‍ය දේ අවශ්‍ය විදියට නිසි වේලාවට බුද්ධිමත්ව දෙන්නට සැලසුම් කළ යුතුයි.
ඔබ ප්‍රවිණයෙක් දැන් ඉන්න නිවේදක නිවේදිනාවන් ගැන මොකද හිතන්නේ? මෙහෙමයි එකඑක ආයතනවල අරමුණු වෙනස් කතාකරන ශ්‍රාවක කොට්ඨාසය ඉලක්කගත කණ්ඩායම වෙනස්. ඇතැම් නාළිකා අසන ඉලක්කගත කණ්ඩායම් බුද්ධිමත් සංවාද වලට ආර්ථපුර්ණ ගීතවලට අකමැතියි. ඒනිසා නිතර විවේචනයට ලක්වන නිවේදක නිවේදිකාවන් අනුගමනය කරන්නේ ඒ නාළිකාවල ආකෘතියයි. ඒ නිසා මට ඔවුන්ව හෙළාදකින්නට බැහැ. ඔවුන් කරන්නේ වෘත්තියක් ඒ වෘත්තිය ආයතනය සමඟ බද්ධවිය යුතුයි. විවෘත ආර්ථිකයේ හැටි මෙහෙමයි.
ලංකාවේ ඇතැම් නාළිකා ගීත ප්‍රචාරය සඳහා මුදල් ලබාගැනීම පිළිබඳ බරපතළ චෝදනා ලබා තිබෙනවා. රිංගින් ටෝන් ප්‍රශ්නයකුත් වෙනම තිබෙනවා. මෙහෙමයි. එම්.බී.සී. මාධ්‍ය ජාලයේ කිසිම කෙනෙකුට අනුන්දෙන දොළපිදේනි වලින් ජීවත් වෙන්න වුවමනාවක් නැහැ.මේ හැමෝටම සැලකියයුතු ඉතා ඉහළ වැටුපක් ලැබෙනවා. ඒ නිසා ඔවුන් අනුන්ගේ සල්ලි පස්සෙ දුවන්නේ නැහැ. ඒ වගේම එවැනි මුදල් ලබාගැනිම් ආදිය පිළිබඳ අපේ ආයතනය තුළ හොඳ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒනිසා මේ චෝදනාවට සිරස දාන්න බැහැ. මෙහෙම අනුන්ගේ ගීත ප්‍රචාරය කරමින් මුදල් ගන්න අය ඒ මුදල් වලින්දරුවන්ට කන්න දෙන්නේ බලාගෙනයි. මේ ප්‍රශ්නයෙදිම ඔබ රිංගින් ටෝන් ප්‍රශ්නය ගැනත් කථා කළා. රිංගින් ටෝන් වලින් මුදල් ඉපයිමට ගීතය හිට් කරන කතාව ගැනත් ඔබ කීවා. මෙහෙමයි ලෝකයේ අලුත් දෙවල් නිර්මාණය වෙනවා. එක ජංගම දුරකථනයක් භාවිතා කරනවා වෙනුවට අපි ජංගම දුරකථන දෙක තුනක් භාවිතා කරන්න පටන්ගන්නවා. මේක තමයි ක්‍රමය. දැන් අපේ දුරකථනයෙන් ලොවම නරඹන්නට පුළුවන් ඒ නිසා රිංගින් ටෝන් ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ කර්තෘ අයිතිය යාවත්කාලින කළ යුතුයි. එවිට මේ ගැටලු රැසක් විසෙඳ්වි.
සිරස එෆ්. එම් නාළිකාව ප්‍රධානින්ගේ අරමුණු කරා ගෙනයන්නට ඔබට හැකිවෙයිද? ඉලක්ක බොහොමයක් තිබෙනවා. ඒ අතර මූල්‍ය ඉලක්කත් ප්‍රධානයි. මං හිතන්නේ ඒ ගැන කතා කරන්න තව කල්තියනවා.
කොහොමද ඉදිරිය? ඉදිරියේදි මේවා කරනවා ඒවා කරනවා කියලා කියනවාට වඩා අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනාව තමයි කරන්න තියෙන්නේ. මොකද අපි අපි ගැන කතා කරනවාට වඩා මිනිස්සු අපි ගැන කතාකරන දේ අහන්න මං ආසයි. අලුත් වෙනස්කම් රැසක් සිදුවෙයි. ඒකට කාලයක් ගතවෙයි.
කිංස්ලි කිරුළෙන් ඇසුනු ගීත ඉදිරියෙදි සිරසෙන් ඇහෙයිද? ඔව්, අනිවාර්යෙන්ම. ඔබ පෙරකියු පරිදි සිරසෙ ගීත හොඳයි කියා මිනිස්සු කියන්නේ කිරුළෙ තිබුණු ගීත ගබඩාව දැන් තියෙන්නේ සිරසෙ. මේ ගීත දැන් සිරසෙ ප්‍රචාරය වෙනවා.
|