වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

රුක්මණී නාමය සදා ජීවමානයි

රුක්මණී දේවිය මිය ගොස් වසර තිස් හතරක් ගත වුව ද ඔබ අප අතර සදාකාලිකව ජීවත්වේ. ජනප්‍රියභාවයත්, නිසඟ කලා කුසලතාවයත් එක ලෙස වූ සුසංයෝගයක මහරු ප්‍රතිඵලයකි ඇය.

ඩේසි අක්කා මානව දයාවෙන් පිරි මැණිකක් වූවාය. ඇය මිනිස් වෙසින් ආ දිව්‍ය අප්සරාවකි. කෙසේ වුව ද පටු ජාති, කුල, ආගම් සීමාවන් අභිබවා ජයගත් එකම ගීත කෝකිලාවිය ඇයයි. මෙරට කලා ක්ෂේත්‍රයේ පහළ වූ විශිෂ්ටතම නිළි රැජන ගීත කෝකිලාවිය ඇයයි.

සිංහල සංගීතය මේ දෙරණ තුළ නිම්නාද දෙන තාක්කල් සිංහල සිනමාව මේ ලක් දෙරණ තුළ පවතින තාක්කල් ඩේසි අක්කා කෙදිනකවත් මිය යන්නේ නැත. රුක්මණී දේවිය වැනි පැසුණු කුසලතාවයන්ගෙන් යුතු ශිල්පිණියක් යළි බිහිවේදැයි කෙදිනකවත් සිතිය නොහැකිය. ඔබ අපෙන් වෙන් වී යාම කිසිදු දිනක සැබෑවක් නොව සිහිනයකි.

සිල්වෙස්ටර් විජයකුලසූරිය පියතුමා

ශාන්ත ජුසේ මුණිඳුන්ගේ

දෙව් මැදුර - දන්කොටුව

බෙග් මාස්ටර් අමරණීයයි

ඉන්දීය සම්භවයක් ඇති ලංකාවේ අසහාය අමරණීය ගායක මොහිදින් බෙග් මාස්ටර් බොදු ගීත ගායනා කරමින් අසන්නන්ගේ සිත් තුළ අමරණීය ලෙස තැන්පත්ව ඇත. වෙසක්, පොසොන් ආදී සිංහලයේ මහා බොදු උත්සවයන්හී රැව් පිළිරැව් දෙන බෙග් මාස්ටර් ගේ ගී හඬ ජනතා සිත්සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වඩවයි. කිසිදා මිය නොයන ගීත ගැයූ බෙග් මාස්ටර් ජනතාවගේ ගායකයකි.

අයලීන් සෝවිස්

රාගම

අමතක නොවෙන හෙන්රි

වේදිකාවේ පෙළහර පෑ සිනමාවේ විවිධ රංගනයන් පෑ දක්ෂ ගීත රචකයකු වූ හෙන්රි ජයසේනයන් අපෙන් සමු ගත්තේ මෙම මාසයේ දිනකය. මේ ඔහුව සිහිපත් කිරීමකි.

ඩී. රෝෂිණී - දිල්රුක්ෂි ගෝමස්

මොරටුව

‘මඩේ ළඟින තාරාවන්’ ඇසෙද්දී අපට සිහි වෙන්නේ ඔබයි

‘මඩේ ළඟින තාරාවන් නාවන්නද මං’ දැන් මේ ගීය ඇසේනෙත් නැහැ. නමුත් මතකයට එන සෑම මොහොතකම අපගේ චිත්ත රූපයට දිස් වන්නේ මර්සි එදිරිසිංහ කලාකාරියගේ දර්ශනයයි.

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

ඉමේෂාට අත හිත දුන් සැමට ප්‍රණාමය

පසුගිය සතියක සරසවිය පුවත්පතෙහි පත් ඉරුවක දිග හැරුණ මෙලොව දැකීමට වාසනාව නොලත් සදීප්ත සහ ඉමාෂා මුතුකුමාරිගේ සංවේදී කතාව කිය වූ මා හට ඇති වූ බලවත් කණගාටුව අතරින් මතුව ආ සතුට හේතුවෙන් මෙලෙස ලියන්නට සිත් විය. ඉමේෂා මුතුකුමාරි නම් වූ දයාබර බිරියකගේ සුමියුරු කටහඬට නිසි වටිනාකමක් ලබාදීමට වෙර වීර්ය දරා ඉන් ජයගත් සදීප්ත ගැන මට හරි ආඩම්බරයක් දැනෙනවා.

මුදල මතම බොහෝ දේ තිරණය කරන මෙම විෂම සමාජය තුළ ‘සඳක් වෙන්න බැරි නම් නුඹ මට’ නම් සුන්දර පදවැල් තුළ සැරිසරමින් ගී කිරිල්ලියක් ලෙස සංගීත අඹරේ පියඹා යන්න ඉමාෂා සොයුරියට ගී පද රචනා කොට අත්තටු ලබා දුන් මනුරංග විජේසේකරත් තනු නිර්මාණය කළ දිළුම් තේජනටත් සංගීතය සැපයූ ලහිරු පෙරේරාටත් ‘සීමා නෑ අහසේ’ සිනමා සිත්තම හරහා චිත්‍රපට පසුබිම් ගායිකාවක් වීමට වරම් ලබා දුන් නිහාල් බණ්ඩාර ඇතුළු ඇයට ශක්තියක් වූ සැමට මගේ ප්‍රණාමය.

ඩබ්ලිව්. ලොනාඩ් ප්‍රනාන්දු - දූනගහ බටහිර අධිකාරිමුල්ල

නදීක,මිණි පහනක්

නදීක ගුරුගේ ඉතාම දක්ෂ සංගීතවේදියෙකි. එමෙන්ම කර්ම චිත්‍රපටය හරහා රංගන ශිල්පියකු වුණ හෙතෙම කලා ලොවට මිණි පහණකි.

ක්ලෝඩ් ද ලිවේරා -

නාලිනී ද ලිවේරා - මීගමුව

ජගත් විශිෂ්ටයි

කාලයකට පසු දක්ෂ රංගන ශිල්පියකුගේ සම්ප්‍රාප්තිය සිදු වී ඇති බව සඳහන් කරන්න් ඉතාමත් සතුටින්ය. මොහු නමින් ‘ජගත් මනුවර්ණ’ වන්නේය. වේදිකාව සහ ආනන්ද අබේනානයක, ප්‍රසන්න ජයකොඩි වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ හරහා තම හැකියාව ඔපමට්ටම් කරගත් ඔහු එහි උච්චතම අවස්ථාව ‘කර්ම’ චිත්‍රපටය හරහා විදහා දක්වයි.

කුමන හෝ චරිතයකට පෙනී සිටින අද පරපුරේ නළුවන්ට ජගත් වැන්නවුන්ගෙන් ගත හැකි දේ අපමණය. ඒ ඔහුගේ රංගනය එතරම්ම පරිපූර්ණ බැවිනි.

මංජුල පෙරේරා- බෑන්කඩ පාර, පහළ කටුනේරිය


මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර

කෝපි කඩේහි සෝමදාස සහ අමාහි ජිනදාස වූ තිලක් කුමාර රත්නායක කලාතුරකින් රටකට පහළ වන අව්‍යාජ කලාකරුවෙකි.

හර්ෂනාථ - නිකවැරටිය

මේ ජාතික රූපවාහිනියට තුති මල් මිටකි. ‘සුජාත දියණිය’ මේ වන විට ඉතා වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් වැළඳ ගන්නා නාට්‍යයක් කියලා කියන්න පුළුවනි.

එය අපේ රටේ කාන්තාවන්ට ඉතා හොඳ ආදර්ශයක් ගෙන එන්නකි.

දිනේෂ් ප්‍රියංකර - නුගේගොඩ

මං දැකපු එකම සහ නියම සුපිරි තරුව නාමල් උඩුගමයි.

සුරේෂ් - වෙන්නප්පුව

අමිල අබේසේකර සහ මංජුලා කුමාරි ආදර චරිත හොඳින් මවන්නට හැකි යුවළකි.

ශාක්‍යා - බලන්ගොඩ

රංගන ශිල්පී චන්ද්‍රසේන වලිමුණි වැඩිය පේන්න නැහැ දැන්.

මලීෂා- කැලණිය

සතියේ දිනවල රාත්‍රී නවයට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන නාලන් මෙන්ඩිස්ගේ ‘ඉසුරු සංග්‍රාමය’ ටෙලි නාට්‍ය අති විශිෂ්ටයි.

ශානි හර්ෂා- මීපවල

විශ්වනාත් කොඩිකාර නාට්‍යවලට වැඩිය සිනමාවට තල්ලු වෙනවා නම් හොඳයි.

මලින්ද ගමගේ - රාජගිරිය

හිමාලි සයුරංගිව ඉස්සර තරම්ම ටෙලි නාට්‍යවලින් දකින්නට ආසයි.
 

චානක ප්‍රේමනාත් - ඇල්පිටිය

ඕනෑම චරිතයක් හොඳින් රඟපාන්න හැකි, කඩවසම් නව පරපුරේ හොඳම නළුවා ගයාන් වික්‍රමතිලක හැර වෙන කවුද . . .

ඩී. එම්. සුනිල් කුමාර -

රත්නපුරය

පොඩ්ඩන්ට පුළුවන් කුසලානය මාතරට රැගෙන ආ සරිත් සහ සුරිත් ජයවර්ධන සොහොයුරන් අනාගතයේ තවත් දීප්තිමත් පුංචි තරු කැට යුවළක් වේවා

ෆාතිමා - වැලිගම

මේනක රාජපක්ෂ මරේ මරු.

යසිරු -ගාල්ල

ප්‍රසන්න . . . කර්ම නියමයි

චන්දන - මීරිගම

දක්ෂ රංගන ශිල්පී රිචඩ් වීරක්කොඩි දැන් කෝ?

නිර්මාල් - මාවතගම

තුෂාර ජීවන්ත නම් වූ ගායකයාගේ සෑම ගීතයක්ම ලස්සනයි. ඔහු සැබෑම දක්ෂයකි.

චමීර උදයංග - කුලීගොඩ

කවුරු කොහොම කිව්වත් වත්මන් පරපුරෙහි සිටින දක්ෂතම නළුවා රොෂාන් රවීන්ද්‍රයි. ඔහු සරදියල් නාට්‍යයේ කරපු චරිතය කාටවත් කරන්න බැහැ.

දේවින්ද - දිවුලපිටිය

පුංචි තිරයේ කෙසේ වෙතත් අයෝමි ශානිකා මග තොටේදී ආඩම්බර චරිතයකි.

සපුමල් සේනාරත්න - කළුතර

පාන් බට්ටා නාට්‍ය ආයෙත් සිරස නාලිකාවේ විකාශය කරන්න.

රසිඳු- රාගම

සිතැඟි පරිදි ඔබේ අදහස් ක්ෂණිකව 0752805047 යන අංකයට එස්. එම්. එස්. කරන්න. එහි කොතැනක හෝ ඔබේ නම සහ ප්‍රදේශය සඳහන් කිරීමට අමතක කරන්න එපා. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය නිබඳවම ඔබේ තැපැල් හෝ සටහන් පත් වෙනුවෙන් විවෘතයි.