කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ජනපති අතින් ලැප්ටොප් සහ ණය සහන
කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ජනපති අතින් ලැප්ටොප් සහ ණය සහන
 |
ජනාධිපතිතුමන් අතින් හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්, ජ්‍යෙෂ්ඨ රංගනවේදීන් වන
ජී. ආර්. පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, බොනිපස් ප්‍රනාන්දු, අමරසිරි කලංසූරිය සහ ගායක
සේනානායක වේරලියැද්ද
සංකේතාත්මකව ණය සහන පහසුකම් ලබා ගත් මොහොත. ඡායාරූපය – නලීන් හේවාපතිරණ |
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් සහ ලේඛකයින් හට සහනදායි මෝටර් රථ ණය යෝජනා ක්‍රමයේ
සමාරම්භය සහ ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයන් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.
එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසක් ජනාධිපතිතුමා අතින් ලැප්ටොප් පරිගණක සහ ණය සහන
පහසුකම් ලබා ගත්හ. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නිළි රැජන
මාලිනී ෆොන්සේකා, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්,
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල යන මහත්ම මහත්මීන්
රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඉතාලි - ලංකා චිත්‍රපට උළෙලේ
හොඳම චිත්‍රපටය චාවෝ
ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය
කරන ලද පළමු ඉතාලි ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට
උළෙල 2012 හි හොඳම කෙටි චිත්‍රපටය ලෙස ඉල්හාම්
හොසින් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ
‘චාවෝ’ සම්මාන ලබයි.
තුමිදු දොඩන්තැන්න සහ දසුන් පතිරණ එහි රංගන දායකත්වය සැපයීය.
ඉහත සම්මාන උළෙල සඳහා කෙටි චිත්‍රපට 70 ක් ඉදිරිපත් වූ අතර අනෝමා වීරසේකරගේ ‘ලිපිය’
සහ අජන්තා විජයවර්ධනගේ ‘සංක්‍රාන්ති’ යන කෙටි චිත්‍රපට අවසාන තරගකාරී චිත්‍රපට හය
අතරට සුදුසුකම් ලැබීය.
සම්මානලාභී ඉල්හාම්’ අවසන් වටය නියෝජනය කරන ලද අනෝමා සහ අජන්තා ශ්‍රී ලංකා
රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ශිෂ්‍යයන් වීම විශේෂත්වයකි.
රුක්මණී දේවියගේ ගුණ අනුස්මරණය නිමිත්තෙන් වෙබ් පිටුවක්
රුක්මණී දේවියගේ තිස් හතර වැනි
ගුණ අනුස්මරණය නිමිත්තෙන් ඇය
පිළිබඳ සියලු තතු අඩංගු කළ වෙබ් පිටුවක්
www.rukmanidevi.org නමින්
පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය
නිකේතනයේ පැවති කෙටි උත්සවයකදී හෙළ නිළි
රැජන මාලිනිය අතින් අන්තර් ජාලයට මුදා හැරිණ.
මේ ඒ අවස්ථාවයි. මෙහි නිෂ්පාදිකා ජනිතා නීලිකා පෙරේරා පසෙකින් වෙයි. කාංචනමාලා
මහවිතාන අධීක්ෂණයෙන් මෙයට දායක වූහ.
‘දම්සාරි’ නරඹන්න ස්වර්ණවාහිනිය බලන්න
නොවැම්බර් පළමුවැනිදා සිට ස්වර්ණවාහිනී
නාළිකාවේ සතියේ දින පහේම රාත්‍රී 7.30 ගුවන්
කාලය වෙන් වෙනුයේ දම්සාරී වෙනුවෙනි. ‘දම්සාරි’
ගිහාන් රෝහණගේ නවතම ටෙලි සිතුවම වේ. ඔහු මීට
ප්‍රථම චක්‍රාංගි, කටු කුරුල්ලෝ, පිනි අග පුළිඟු වැනි ටෙලි නාට්‍ය
අධ්‍යක්ෂණය කොට ඇත.
මව මිය ගිය උත්සාහවන්ත දම්සාරි නම් යෞවනියක් තේමා කර ගනිමින් මෙය නිර්මාණය වී තිබේ.
අමා ටෙලි සිතුවමේ අමා ලෙස ජනාදරයට පත් වූ ශෙරිල් ඩෙකර් දම්සාරි හි දම්සාරිගේ චරිතයට
පණ පොවනු ලැබේ.
ජනක් ප්‍රේමලාල්, ජගත් බෙනරගම, සරත් චන්ද්‍රසිරි, රවීන්ද්‍ර යසස්, කුසුම් රේණු,
කාවිංග පෙරේරා, භාග්‍යා ගුරුසිංහ, අවන්ති අපොන්සු, චිත්‍රා වරකාගොඩ, අර්ඩ්ලි
වෙදමුණි ඇතුළු පිරිසගෙන් දම්සාරි රංගනයෙන් හැඩ ගැන්වේ.
ආරිය සමරනායකගේ කැමරා අධ්‍යක්ෂණයකි. අරුණ ප්‍රේමරත්න කතාව සහ තිර රචනය සකසයි. සමන්
ශ්‍රීී නාරායන, චින්තක විජයරත්න දම්සාරි හි කලා අධ්‍යක්ෂවරුන්ය. විශාකා ගුණතිලකගේ
අංග රචනයකි. ප්‍රියන්ත පෙරේරා සහය නිෂ්පාදනයෙන් එක්වෙයි. සංගීත අධ්‍යක්ෂණය තීක්ෂණ
අනුරාධ විසින් සිදු කොට ඇත. ඉරෝෂන් බුද්ධික නිෂ්පාදන කළමනාකරුය. දම්සාරි
ස්වර්ණවාහිනී ආයතනයේ නිෂ්පාදනයකි.
ප්‍රසාද් සමරතුංග
|