වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

All I want is christmas

‘ඕල් අයි වෝන්ට් ඊස් ක්‍රිස්ට්මස්’ හාස්‍ය රැගත් පවුලේ චිත්‍රපටයක්.

ස්‍යු කෝකෝන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටයේ ඩේවිඩ් ඩිලුව්ස්, එලියට් ගෝල්ඩ්, සින්තියා ග්‍රේරි, එලිජා නෙල්සන් චරිත නිරූපණය කරති.

Silent Hill Revelation 3D

‘සයිලන්ට් හිල් රිව්ලේෂන් 3D’ ත්‍රාසජනක සිදුවීම් රැගත් නවතම චිත්‍රපටයක්. අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිර රචකයකු ද වන මයිකල් ජේ. බේසෙට් විසින් රචනය කර අධ්‍යක්‍ෂණය කළ මෙහි ඇඩෙලෙයිඩ් ක්ලෙමන්ස්, කිට් හැරින්ග්ටන්, ඩිබොරා කාරා අන්ගර්, මාටින් ඩොනොවන්, මැල්කම් මැක්ඩොවෙල්, ඈන් ටෝස් සහ සෙන් බේන් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

The Lost Tape

රක්ෂිත් ධහියා විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ද ලොස්ට් ටේප්’ නවතම හින්දි චිත්‍රපටයකි.

ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ‘ද ලොස්ට් ටේප්’ හි අන්කූර් පන්චාල්, ඊෂා රාජි, නිෂාන්ත් තන්වර්, මොනාලි සිහාල් සහ ෂවුරියා සිංන්ග් ඇතුළු චරිත නිරූපණය කරති.

The Possession

ද පොසෙෂ්න්’ තවත් හෝලිවුඩ් චිත්‍රපටයක්.

අත්භූත ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් මෙම චිත්‍රපටය ඔලේ බ්‍රොරෙන්ඩ්ල් ගේ අධ්‍යක්‍ෂණයක්.

නතාෂා කැලිස්, ජෙෆ්රි ඩින් මෝගන්, කයිරා සෙඩ්වික් මෙහි චරිත නිරූපණය කරති.

Chasing Mavericks

’චේසින් මැව්රික්’ ජීව විද්‍යාත්මක කරුණු මත ගොඩ නැංවූ කතා පුවතක් ඇතුළත් චිත්‍රපටයක්.

කර්ට්ස් හැන්සන් සහ මයිකල් ඇප්ට්ඩ් අධ්‍යක්‍ෂණය කළ චේසින් මැව්රික් චිත්‍රපටය සඳහා ජෙරාඩ් බට්ලර්, ලිවන් රැම්බින්, ජොනි වෙස්ටන්, එළිසබෙත් ෂ්්‍යු, ඇබිගයිල් ස්පෙන්සන් සහ ටේලර් හැන්ඩ්ලි ඇතුළු පිරිසක් දායක වෙති.

Airborne

’එයර්බෝන්’ ඩොමිනික් බර්න්ස් විසින් අධ්‍යක්‍ෂණය කළ ත්‍රාසජනක සිදුවීම් ඟමයක් රැගත් චිත්‍රපටයකි.

මාර්ක් හැමිල්, බිලි මුරේයි, සිමොන් පිලිප්, ජෙමා ඇට්කින්සන්, ජුලියන් ගබ්වර් සහ ඇලිසන් මැකෙන්සි මේ සඳහා දායක වෙති.

Main krishna Hoon

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂක රාජිව් එස්. රුයා අධ්‍යක්‍ෂණය කළ ‘මේන් ක්‍රිෂ්ණා හෝන්’ චිත්‍රපටය සජීවීකරණ සංගීතමය පවුලේ චිත්‍රපටයකි.

ජුහි චව්ලා, රජ්නීෂ් බුගාල්, මිස්ට් මුකර්ජි, කට්රිනා කයිෆ්, රිතික් රෝෂන්, නමිත් ෂා සහ ස්වාති අගර්වාල් ඇතුළු පිරිසක් මේ සඳහා දායක වෙති.

Ajab Gazabb Love

’අජබ් ගසබ් ලව්’ ආදරය හාස්‍ය ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයකි.

සන්ජේ ගාධීව් අධ්‍යක්‍ෂණය කළ මෙහි ජැකී භගනානි, නිධී සුබායි සහ අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපණය කරති.