කෝපි කඩේ ඉස්කෝලෙ මහත්තයා මිය යයි
කෝපි කඩේ
ඉස්කෝලෙ මහත්තයා
මිය යයි
කෝපි කඩේ ඉස්කෝල මහත්තයා ලෙස ජනප්‍රිය වූ රංජිත් අමරසේකර අභාවප්‍රාප්ත විය.
ගුවන් විදුලි නාට්‍ය රචකයකු සහ හඬ කැවීම් ශිල්පියකු ද, සිරස නාලිකාවේ වැඩසටහන්
අධ්‍යක්ෂවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස ද කටයුතු කළ ඒ මහතා මිය
යන විට හැත්තෑ දෙහැවිරිදි වියෙහි පසු විය. කලක් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ
විශ්‍රාම ලත් ලිපිකරුවකු ලෙස කටයුතුª කළ ඔහුගේ අවසන් කටයුතු 8 වැනි දින (අද) තලාහේන
පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දේහය මේ වන විට අංක 517/6 තලංගම උතුර,
බත්තරමුල්ල, තලාහේන යන ලිපිනයෙහි තැන්පත් කොට ඇත.
වී.
පී.
මහත්තයා අභාවප්‍රාප්ත වෙයි
රංගන ශිල්පී රංජිත් ගාමිණී පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ
‘යර්ස් බොස්’ හී වී. පී. මහත්තයා හැටියටය. දාමිණී, කුරුලු පිහාටුු, සුදු සේල ඇතුළු
නාට්‍ය ගණනාවක චරිත මැවීය. විශ්‍රාමික කථිකාචර්යවරයකුද වූ ඒ මහතාගේ අවසන් කටයුතු
පසුගියදා පානදුරේදී සිදුවිණ.
කාලෝ විජේසිරි සමු ගනී
සංගීත අධ්‍යක්ෂ කාලෝ විජේසිරි අභාවප්‍රාප්ත වෙයි. සරත් ගුණරත්නගේ වත්සලා අක්කා
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ හෙතෙම අරලිය ලන්දට, සඳ මෝරා උඩු ගුවනට, එන කලට
වැනි ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කොට ඇත.
මල්සර ගීතය, නන්දුත්තරා ආදී මෑතකාලීනව නිර්මාණය වූ නාට්‍ය කිහිපයකට ද ඔහු සංගීත
අධ්‍යක්ෂණයෙන් දායක විය. වයස අවුරුදු හැට නවයක් වූ ඒ මහතාගේ අවසන් කටයුතුª ඉකුත් දා
ගාල්ලේදී සිදු විය.
|